Sunday, 28 June 2015

රේල් වෙඩි - Railway Detonator

රේල් වෙඩි යනු දුම්රිය මාර්ගයේ, දුම්රිය පීල්ලට සවි කරනු ලබන වෙඩි විශේෂයකී. මෙම වෙඩි වෘතාකාර හැඩයක් ගන්නා අතර මේවා දුම්රිය මාර්ගයේ සේවයේ නියුතු ජංගම මුරකරු වෙත ලබාදී ඇත. ජංගම මුර කරු සතුව ඇති උපකරණ බටයේ මෙම වෙඩි අඩංගුය. ජංගම මුරකරු දවසේ පැය 24 පුරාම දුම්රිය මාර්ගය නිරන්තරයෙන් පරික්ෂාවට ලක් කල යුතුය. දුම්රිය මාර්ගයට යම් කිසි අනතුරක් සිදුවිය හැක.  ගසක් කඩා වැටීම, ගල් පෙරලීම, නායයැම, ආදිය, නිසා මාර්ගය අවහිර විය හැක. එවන් අවස්ථාවලදී දුම්රිය නතර කර ගැනීම සදහා මෙම රේල් වෙඩි හෙවත් පිලි වෙඩි භාවිතයට ගන්නේය.

අනතුරක් ඇති ස්ථානයට කිලෝමීටර් 1/2 ක දුරින් දුම්රිය එන දිශාවේ රියදුරු සිටින පැත්තේ (වම් පැත්ත) මෙම පිලි වේඩි බදිනු ලැබේ. එසේ බදිනු ලබන පිලිවේඩි දුම්රිය රෝදයේ බර සහ පීඩනයට පුපුරා ශබ්දයක් පිටවේ. එයින් දුම්රියේ රියදුරු යම් බාධකයක් ඉදිරියෙන් ඇති බව දැනගෙන දුම්රිය නතර කරනු ලැබේ. 

1841 දී ඉංග්‍රිසි ජාතික එඩ්වඩ් ඇන්ෆඩ් කවුපර් (Edward Alfred Cowper) විසින් රේල් වෙඩි මුල් වරට සොයාගෙන නිෂ්පාදනය කරන ලද්දේය.

ඇම්රිකා‍වේ ඇති රේල් වේඩි හතරැස් හැඩයක් ගන්නා අතර එය එරට Torpedo යන නමින් හදුන්වනු ලැබේ.

ඉහත කී පරිදි මෙම දුම්රිය වෙඩි දුම්රිය මාර්ගයේ සේවසේ නියුතු දුම්රිය මාර්ග ජංගම මුරකරුට අමතරව 1. යතුරු කරු 2. දුම්රියේ රියදුරු සහ 3. දුම්රියේ සිටින ගාර්ඩ් වරුන් දෙදෙනාටද ලබාදී ඇත. දුම්රියේ රියදුරුට සහ හාර්ඩ් වරුන්ට ලබාදී ඇත්තේ තමා සේවය කරන දුම්රියට හෝ දුම්රිය මාර්ගයට (පීලි පැනිම වැනි) අපදාවක් සිදුවුව හොත්, මාර්ගයේ යම් හේතුවක් නිසා ටැබ්ලට් රහිතව පැමිණිය හැකි ඩක්කු, රේල් බස් හෝ දුම්රිය, අනතුර සිදුවී ඇති ස්ථානයට ලගාවීම වැලැක්වීම සදහාය.

රේල් වෙඩි - Railway Detonators

රේල් වෙඩි, දුම්රිය පීල්ලට සවි කරන ආකාරය

රේල් වෙඩි, දුම්රිය පීල්ලට සවි කරන ආකාරය

සාම චෛත්‍යය - Peace Pagoda -බණ්ඩාරවෙල

මෙම සාම චෛත්‍යය පිහිටා ඇත්තේ, බණ්ඩාරවෙල නගරයේ සිට ඇටම්පිටිය මාර්ගයේ මල්වත්ත අයිස්ලැබේ තේ කර්මාන්ත ශාලාව ආසන්නයේ ඇති, පෙරහෙට්ටිය මාර්ගයේ කිලෝමීටර් 1/2 පමණ ගොස් දකුණට ඇති බොරළු මාර්ගයේ යා යුතුවේ. ජපන් සාම චෛත්‍ය පහක් ශ්‍රී ලංකාවේ ඉදි කර ඇත. ඒවා ශ්‍රී පාදයේ(නල්ලතන්නිය), බණ්ඩාරවෙල, වලපනේ, අම්පාර සහ ගාල්ල (උනවටුන) යන ස්ථාන වල ඉදි කර ඇත.

නිපොන්සාන් -මඕහෝජි නිකාය 1947 දී නිච්ඉඩාසුෆහී භික්ෂුව විසින් ආරම්භ කරන ලදී. එම භික්ෂුවගේ අනුගාමිකයන් විසින් 1982 දී බණ්ඩාරවෙල සාම චෛත්‍යය ඉදි කරන ලදී.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.07.31 දිනයි.

සාම චෛත්‍යය

සාම චෛත්‍යය

සාම චෛත්‍යය

එහි ඇති ඵලකයක්

සාම චෛත්‍යයේ ඇති බුදු පිළිමයක්

චන්ද්‍රකාන්ත පාෂාණය - මිහින්තලය

චන්ද්‍රකාන්ත පාෂාණය
 රන් වැටකින් වට කොට තිබේ.
සතර බුදු වරයාණන් වහන්සේලාගේම පාද ස්පර්ෂ ලත් ශිලා පලකයකී, මිහින්තලේ පිහිටි මෙම වන්ද්‍රකාන්ත පාෂාණය. එය රාත්‍රි සද රැසින් (රාත්‍රි ආලොකයෙන්) බැබලේ. ඒ නිසා එයට චන්ද්‍රකාන්ත පාෂාණය යැයි භාවිතා කරයි.

දේවානම්පියතිස්ස රජු
මෙම චන්ද්‍රකාන්ත පාෂාණය මතට මිහිදු මහරහතන් වහන්සේ, ශ්‍රී ලංකාවට වැඩිය ගමනේදී වැඩි සේක. එනම්, දේවානම්පියතිස්ස රජු මිහින්තලේදී මිහිදු මහා රහතන් වහන්සේව හමුවු ස්ථානය මෙයයි. මෙම චන්ද්‍රකාන්ත පාෂාණයට මදක් ඉදිරියෙන් චෛත්‍යය දෙසට වැදගෙන සිටින රාජ රුවකී. ඒ මිහිදු මහා රහතන් වහන්සේව රජුට හමුවන විට රජු සිටි ස්ථානයයි.

චන්ද්‍රකාන්ත පාෂාණය රන් වැටකින් වට කොට තිබේ.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.08 දිනයි.

Saturday, 20 June 2015

සතුටු දුපත - Pleasure Island - දඔුල්ල

දඹුල්ලේදී දඹුළු ඔය හරස් කර කිලෝමීටර් 2 1/2 ක පමණ වේල්ලක් ඉදි කර දඹුළු ඔය ජලාශය ඉදි කර ඇත. දඹුළු ඔය ජලාශයට ඉබ්බන්කටුව වැව යන නාමයද භාවිතා කරනු ලැබේ. දඹුළු ඔය ජලාශය මහවැලි ව්‍යාපෘතිය යටතේ ඉදි කරන්නට යෙදුනු මුල්ම ජලාශ වලින් එකකී. දඹුල්ල නගරයේ සිට කිලෝමීටර් 4කී.

දඹුළු ඔය ජලාශයේ මධ්‍යයට වන්නට පිහිටා ඇති දුපතකී සතුටු දුපත. එය අක්කරයක් හෝ අක්කර එක හමාරක පමණ භූමි භාගයක් වු දුපතකී. එම දුපතට ලගාවීම සදහා කිලෝමීටර් 2 ක් පමණ දුර බෝට්ටුවකින් යා යුතුය. ජලාශයේ බැම්ම ආසන්නයේ සතුටු දුපත බෝට්ටු සේවාව ඇත. සාධාරණ මුදලකින් එම බෝට්ටු සේවාව මගින් සතුටු දුපත වෙතට ලගාවිය හැක. එසේම ආහාරපාන සහ නවාතැන් පහසුකම් ද ඔවුනු වෙතින් ලබා ගත හැක. 

දෙස් විදෙස් සංචාරකයන් තම විවේකය ගත කිරිම සදහා දඹුල්ල සතුටු දුපත වෙත පැමිනේ.

සතුටු දුපත බෝට්ටු සේවාව
D.P. තලගල
වැව පාර, දඹුල්ල.
දුරකතනය:  066 2284145 / 071 4185285
ඡායාරූප 2015.05.19 දින.


සතුටු දූපත

සතුටු දූපත

සතුටු දූපත

සතුටු දූපතේ සිට පෙනෙන දර්ශණයක්

සතුටු දූපතේ සිට පෙනෙන දර්ශණයක්
දඹුළු ඔය ජලාශය


Thursday, 18 June 2015

G2-535 ප්‍රදර්ශණ දුම්රිය ඉංජිම - Locomotive Display

ශ්‍රී ලංකා දුම්රිය මිතුරන්ගේ සංගමය (Sri Lanka Rail Fans Society) විසින් දුම්රිය සමාන්‍යධිකාරි බී.ඒ.බී. ආරියරත්ත මහතා වෙත කරන ලද ඉල්ලීමක ප්‍රථිළුලයක් වශයෙන් 1951 දී ශ්‍රී ලංකාවට ආනායනය කරන ලද G2 - 535 ඩිසල් දුම්රිය එංජිමක් අළුත්වැඩියා කර 2011 අගෝස්තු මස 16 දින බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ ප්‍රදර්ශණයට තබා ඇත.

මෙම දුම්රිය ඉංජිම පිළිබදව සහ එම දුම්රිය එංජිම ලංකාවට ගෙන ඒම, සහ එය අළුත්වැඩියා කර බණ්ඩාරවෙලට ගෙන ඒම ආදි තොරතුරු www.railpagesrilanka.blogspot.com/p/projects.html යන වෙබ්/බ්ලෝග් අඩවියෙන් ඡායාරූප සහිතව දැක බලා ගත හැක.

G2-535 ප්‍රදර්ශණ දුම්රිය ඉංජිම
 - බණ්ඩාරවෙල

G2-535 ප්‍රදර්ශණ දුම්රිය ඉංජිම
 - බණ්ඩාරවෙල

G2-535 ප්‍රදර්ශණ දුම්රිය ඉංජිම
 - බණ්ඩාරවෙල

G2-535 ප්‍රදර්ශණ දුම්රිය ඉංජිම
 - බණ්ඩාරවෙල

G2-535 ප්‍රදර්ශණ දුම්රිය ඉංජිම
 - බණ්ඩාරවෙල

ඉබ්බන්කටුව ප්‍රාග් ඓතිහාසික සොහොන් බිම - Ibbankatuwa Ancient Burial Ground

කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ, දඹුල්ල නගරයේ සිට  කුරුණෑගල දෙසට කිලෝමීටර් 4 කින් හමුවන ඉබ්බන්කටුව හන්දියෙන් හැරි මීටර් 500 ක් පමණ ගිය පසු මෙම ස්ථානයට ලගාවිය හැක (මාර්ගය ආසන්නයේම පුවරුවක් සවි කර ඇත. එසේම දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයට පෙර).

මෙම ස්ථානයේ මීටර් 15 X 15 ක පමණ ප්‍රමාණයක ගල් පුවරු වලින් නිර්මිත සොහොන් ලැබ් 10 ක් දැක බලා ගත හැක. මෙම සොහොන් බිම ක්‍රි: පු: 750 - 400 පමණ අයත් යැයි පැවසේ.

ප්‍රාග් ඓතිහාසික සොහොන්

ප්‍රාග් ඓතිහාසික සොහොන්

ප්‍රාග් ඓතිහාසික සොහොන්

පිහිටිම

Tuesday, 16 June 2015

උඩුගම්මැද්ද ආරණ්‍යය සේනාසනය Udugam Medda Aranniya


ඇල්ල - වැල්ලවාය මාර්ගයේ හුණුකැටිය හංදියෙන් හැරි කිලෝ මිටර් 2ක් පමණ ගොස් පාසැල ආසන්නයෙන් දකුණට ඇති ගුරු පාර දිගේ ටික දුරක් ගිය විට උඩුගම්මැද්ද ආරණ්‍යය සේනාසනය හමුවේ. භවනායෝගීව සිටිමට හොදම තැනකී. එසේම ඔබගේ ආධාර උපකාරය අවශ්‍යව ඇත. එසේම ඔබට භාවනායෝගීව සිටිමට අවස්ථාව ලබා ගත හැක.
විමසීම්,
ගරු ආරුක්කුගොඩ ගුණානන්ද හිමි,
උඩුගම්මැද්ද ආරණ්‍යය සේනාසනය,
හුණුකැටිය, කරදගොල්ල,
ඇල්ල.
දුරකතනය  055 3597630




කටාරම් ගකාටා ඇති ගල් ගුහාවක ඇති ‍කුටියක්

කටාරම් කොටා ඇති ආකාරය

ගල් මුක්කුවක් - විශාල ගල් පවුරක් මෙම මුක්කුව
 මගින් රදවා ඇත.

වනයේ අසිරිය

වනයේ අසිරිය

තවත් කටාරම් කොටා ඇත් විශාල ගල් කුට්ටියක්








සදගිරිය දාගැබ (Sandagiriya Dagaba) තිස්සමහාරාමය



සදගිරිය දාගැබ තිස්සමහාරාමයේ පිහිටා ඇති තිස්සමහාරාම දාගැබට යාබදව තිස්සමහාරාම වැවේ සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටා ඇති ඉපැරණි දාගැබකී. මෙම දාගැබ ඉදිකර ඇත්තේ රුහුණේ රජ කල කාවන්තිස්ස රජතුමා හෝ මහානාග රජතුමා විසින් බව පැවසේ. පළමු වන විජයබාහු රජු (1055 - 1110) විසින් මෙම දාගැබ ප්‍රතිසංස්කරණය කර ඇත. මෙම දාගැබ ආසන්නයේ ශ්‍රී මහා බෝධියේ අංකුරයක් රෝපණය කර ඇති බෝධිඝරයක න්‍යෂ්ඨාවශේෂ පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත. ඒ ආසන්නයේ සෙල්ලිපියක්ද සොයා ගෙන ඇත. සදගිරිය දාගැබ මීටර් 55ක් උස්වන අතර මීටර් 165 ක පරිධියකින් යුක්තයි.

ඡායාරූප 2014 අගෝස්තු


Monday, 15 June 2015

තිස්සමහාරාම දාගැබ (Tissamaharama Dagaba)

තිස්සමහාරාම ප්‍රදේශය බෞද්ධ, අබෞද්ධ දේශිය විදේශිකයන් අතර ඉතා ජනාදරයට පත් සංචාරක ප්‍රදේශයකී. තිස්සමහාරාම ප්‍රදේශයේ පැරණි මාගම් රාජධානියට අයත් පුරා වස්තුන් රාශීයකී.

තිස්සමහාරාම ප්‍රදේශයේ ඇති විශාලතම දාගැබ තිස්සමහාරාම දාගැබයි. එය මීටර් 55.8 ක් (අඩි 186 ) උස් වන අතර මීටර් 165 ක (අඩි 550 ක) පර්ධියකින් (වට ප්‍රමාණයකින්) යුතු වු දාගැබකී. මෙම දාගැබ සීනුවක හැඩය ගනියි. එසේම තිස්සමහාරාම දාගැබ සොලොස්මස්ථාන වලට ගැනෙන ස්ථානයකී. තිස්සමහාරාම දාගැබ දුටුගැමුණු රජුගේ පියාවු කාවන්තිස්ස රජු (161-137 ක්‍රි.පු.) විසින් සදන ලද්දකී. බුදුන් වහන්සේ්ගේ ලලලාට ධාතුන් වහන්සේ මෙහි තැම්පත් කර ඇති බව පැවසේ. 10 වන ශත වර්ෂයට අයත් කිරින්ද ශිලා ලේඛනයේ බුදුන්ගේ වම් යටි දළදාව තිස්සමහාරාම දාගැබහි නිදන් කර ඇති බව සදහන්ය.

බුදුන් වහන්සේ තුන්වන වර ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී මෙම දාගැබ ඇති ස්ථානයේ සමාධියෙන් ගතකර ඇති බව පැවසේ.

තිසිසමහාරාම දාගැබ වරින් වර අළුත්වැඩියා කර ඇති අතර අවසන් වරට 1990 දී අළුත්වැඩියා කර ඇත.




Sunday, 14 June 2015

ඩෝසන් කුළුණ (Dawson's Tower) කඩුගන්නාව

කඩුගන්නාව දුර්ගය පසු කර A-1 මහා මාර්ගය කඩුගන්නාවට ලගාවේ. කොළඔ සිට කඩුගන්නාවට A-1 මාර්ගයේ දුර කිලෝමීටර් සියයකී. 

ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරයාව සිටි සර් එඩ්වඩ් බාන්ස්ගේ කාලයේදී කපිතාන් විලියම් ෆන්සිස් ඩෝසන්ට කොළඔ සිට මහනුවර දක්වා මාර්ගයක් ඉදි කරන ලෙසට නියම කරනු ලැබුහ. එහෙත් මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කරන ලද්දේ ආණ්ඩුකාර සර් රෝබට් හෝර්ටන්ගේ කාලයේ 1820 දී ය. එහෙත් මාර්ගයේ වැඩ කටයුතු සිදු කරමින් පවතින අතරතුර 1829 යේ මාර්තු මස 28 දින කපිතාන් විලියම් ෆන්සිස් ඩෝසන් මියගියේය. එසේ මිය යාමට හේතුව වශයෙන් දක්වා ඇත්තේ නයෙකු දශ්ඨ කිරිම බව පැවසේ. එනමුත් 1831 වන විට කොළඔ සිට මහනුවර දක්වා මාර්ගයේ වැඩකටයුතු නිම කර ප්‍රථම තැපැල් අශ්ව කෝච්චිය ද ධාවනය කටයුතු ආරම්භ කෙරිනි. 

කපිතාන් විලියම් ෆන්සිස් ඩෝසන් සිහිවීම පිණිස අඩි 125 ක් උසැති (මීටර් 38 ) සිහිවටන කුළුනක් ඉදි කර ඇත්තේ කඩුගන්නාවේය. ඒ A-1  මාර්ග‍යේ කිලෝමීටර් 100 කණුවට මදක් ඉදිරියෙනි. එය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති උසම සිහිවටන කුළුනයි. එහි අභ්‍යාන්තරයේ දැව පඩි 100 (112) නැගීමෙන් පසු කුළුණ මුදුනට නැගීය හැක.

එසේම එංගලන්තයේ වෙලින්ටන් ආදිපාදිවරයා සැමරීම සදහා ද ඉදි කරනු ලැබු කුළුණත් (පිහිටා ඇත්තේ එංගලන්තයේ හයිඩ්පාක් හි) කැප්ටන් ඩෝසන් කුළුණටත් මුල් ගල් තබා ඇත්තේ එකම දිනයකයි. 

කැප්ටන් ඩෝසන් කුළුණේ ඉදි කිරීම් සම්බන්ධයෙන් මුලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ මේජර් ස්කිනර්ය.

ඡායාරූප ගන්නා ලද්දේ 2015.05.21.






බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 21 බිංගය (No:21 Railway Tunnel)

බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 21 දරණ දුම්රිය බිංගය පට්ටිපොල දුම්රිය ස්ථානය සහ ඔහිය දුම්රිය ස්ථානය අතර පිහිටා ඇත. එය දිගින් මීටර් 80.48 වන දුම්රිය බිංගයකී.

ඡායාරූප ගන්නා ලද්දේ 2015.06.06 දිනයි.

අංක 21 බිංගය - කොළඹ දෙසට මුහුණත

අංක 21 බිංගය - කොළඹ දෙසට මුහුණත

බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 20 බිංගය (No: 20 Railway Tunnel)

බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 20 දරණ දුම්රිය බිංගය පට්ටිපොල දුම්රිය ස්ථානය හා ඔහිය දුම්රිය ස්ථානය අතර පිහිටා ඇත. එය මීටර් 18.29 ක දිගින් යුක්ත වන අතර මෙම බිංගය තනි කෙලින් පිහිටි දුම්රිය බිංගයක් ලෙසට ප්‍රසිද්ධය.

ඡායාරූප ගන්නා ලද්දේ 2015.06.06

අංක 20 බිංගය - කොළඹ දෙසට මුහුණත

අංක 20 බිංගය - කොළඹ දෙසට මුහුණත

අංක 20 බිංගය - බදුල්ල දෙසට මුහුණත

බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 19 බිංගය (No: 19 Railway Tunnel)

බදුල් දුම්රිය මාර්ගයේ අංක 19 දුම්රිය බිංගය පිහිටා ඇත්තේ පට්ටිපොල දුම්රිය ස්ථානය සහ ඔහිය දුම්රිය ස්ථානය අතරයි. දුම්රිය බිංගය මීටර් 19.2 ක දිගින් යුක්තයි.

ඡායාරූප ගන්නා ලද්දේ 2015.06.06

අංක 19 බිංගය - කෙ‍ාළඹ දෙසට මුහුණත

අංක 19 බිංගය - කෙ‍ාළඹ දෙසට මුහුණත

අංක 19 බිංගය

අංක 19 බිංගය - බදුල්ල දෙසට මුහුණත

දුම්රිය ඉංජිනේරුවරයාගේ සොහොන - ඔහිය (Tomb of the Railway Engineer)

උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය සිට ඉදල්ගස්හින්න දෙසට අංක 24 දුම්රිය බිංගය හා අංක 25 දුම්රිය බිංගය අතර පිහිටා ඇති ඩක්කු අසිරි ගැන්වීමේ කෝවිලට මීටර් 35ක් පමණ දුරින් ගලෙන් නිර්මාණය කරන ලද පැරණි සොහොන් කොතක් අැත්තේය. මෙම සොහොන් කොතෙහි ද්‍රවිඩ භාෂාවෙන් ලියන ලද යමක් සහ  ගලින් නිමවන ලද කුරුසයක් ද වේ. මෙම සොහෙන දුම්රිය මාර්ගය ඉදි කරන සම‍යේ සේවයේ නියුතුව සිටි ඉන්දියානු ඉංජිනේරු වරයෙකුගේ යැයි විශ්වාස කරනු ලැබේ.

ඡායාරූප ගන්නා ලද්දේ 2015.06.07 දිනයි.

දුම්රිය ඉංජිනේරුවරයාගේ සොහොන

දුම්රිය ඉංජිනේරුවරයාගේ සොහොන

දුම්රිය ඉංජිනේරුවරයාගේ සොහොන

දුම්රිය ඉංජිනේරුවරයාගේ සොහොන

දුම්රිය ඉංජිනේරුවරයාගේ සොහොන

දුම්රිය ඉංජිනේරුවරයාගේ සොහොන

දුම්රිය ඉංජිනේරුවරයාගේ සොහොන