Sunday, 15 February 2015

මානාවෙල දිය ඇල්ල (Manawela waterfall)

මානාවෙල දිය ඇල්ල ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, ලුණුවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති දියඇල්ලකී. වැලිමඩ නගරයේ සිට අඹගස්දෝව හරහා ලුණුවත්තට පැමිණ, ලුණුවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයෙයේ ඇති මාර්ගයේ කිලෝමීටර් 1/2 පමණ දුර ගිය විට හමුවන ලුණුවත්ත ගණදෙවි කෝවිල ආසන්නයේ ඇති පාලමට දකුණු පැත්තේ ඇති පස් පාරේ මීටර් 200ක් - 300 ක් පමණ ගියවිට මෙම දිය ඇල්ල ආසන්නයට ලගාවිය හැක.(වැලිමඩ නගරයේ සිට දුර කිලෝමීටර් 15 1/2 කී.)

දිය ඇල්ල මුදුනේ අමුණකී. එහි ජලය ඇල මාර්ගයෙන් ගොවිතැන් සදහා වෙනත් ප්‍රදේශයකට රැගෙන යනු ලැබේ.

මානාවෙල දිය ඇල්ල ආශ්‍රීත ප්‍රදේශයේ මානාභරණ නම් රජ කෙනෙකු වාසය කරන ලද බවට තොරතුරු දැනගන්නට ලැබේ. මෙම දිඇල්ලට යාබදව ගලෙහි කොටා ඇති ආසන මණ්ඩපයක් ද දක්නට ලැබෙන අතර එහා ආවරණය සදහා පියැස්ස ඉදි කිරිමට කණු සවි කරණ ලද සතරැස් ගලේ කෙටු වලවල් අදත් දක්නට ලැබේ. එසේම එම ස්ථානයේ ගලින් නෙලන ලද දම්වැලක්ද දක්නට ලැබේ.

එසේම ගගෙහි ඇති ගල් බේසම් වල (Pot holes) මානාභරණ නම් රජුගේ බිසෝවරු දිය නෑමට භාවිතයට ගත් ගල් බේසම් යැයි ගැමියන් පවසන අතර ඒවා සදහා පිසැස්සක් තිබු බවට ගලෙහි නෙලා ඇති හතරැස් ගල් වලවල් (කෙවෙනි) වලින් පැහැදිලිවේ. එසේම මෙම ස්ථානයේ ඔටුන්නක සලකුණක් ද ඇත. එමෙන්ම දිය ඇල්ලට උඩින් වම් පැත්තේ ඉපැරණි ජලය රැගෙන යන ලද ඇලක සටහන් ඉතා පැහැදිලිව දක්නට ලැබේ.

මානාවෙල දිය ඇල්ලට උඩින් ඇති අමුණ

මානාවෙල දිය ඇල්ලට උඩින් ඇති අමුණ

ඉපැරණි ගල් ඇලහි නටඔුන්

මානාවෙල දිය ඇල්ල

ඉපැරණි ගල් ඇලහි නටඔුන්

ඉපැරණි ගල් ඇලහි නටඔුන්

ඉපැරණි ගල් ඇලහි නටඔුන්

මානාවෙල දිය ඇල්ලට උඩින් ඇති අමුණ
සහ ගල් බේසම්

ගල් කෙවෙනි සහ ගල් බේසමක්

ගල් කෙවෙනි

මානාවෙල දිය ඇල්ල මුදුන

මානාවෙල දිය ඇල්ල මුදුන
සහ ගල් බේසමක්

මානාවෙල දිය ඇල්ල

මානාවෙල දිය ඇල්ලට උඩින් ඇති අමුණ

ආසන මණ්ඩපය

මානාවෙල දිය ඇල්ලට උඩින් ඇති අමුණ

ආසන මණ්ඩපය

ගල් දම්වැලක්

ඔටුන්න 
ඡායාරූපය - ශ්‍රී අබයවික්‍රම මහතා

9 comments:

  1. අඹගස්දෝවෙ ඉන්නව යාළුවෙක් කියල එකෙක් උගෙන් මේ ගැන දඇහුවාම දන්නෙ නෑ කියනව බේං...
    හිහි

    ReplyDelete
    Replies
    1. හිකිස් ....තමන්ගේ වට පිටාවේ තියන දේවල් වල වටිනාකමක් දැනෙන් නැනේ මචෝ .මිනිස්සු නිවාඩුවකට නුවර එළියේ එනවා .නුවර එළියේ එවුන් කොළඹ යනවා .අපි කොළඹ ඉඳලා අපේ පැත්ත ගැන පාරම් බානවා .එත් අපි නොගිය තැන් තව කොච්චර තියනවාද ? ඉන්දික ඒ අතින් ලොකු සේවයක් මෙම බ්ලොග් එක හරහා කරනවා ..

      Delete
  2. ඉන්දික...................

    මචං මාර වටිනා මග පෙන්වීමක්... අැත්තටම මෙහෙම තැනක් ගැන අහලාවත් තිබුනේ නැහැ... නමුත් ඔය පැත්තට යන්න ලැබුණ අවස්ථාවක යන්නම්... ටිකක් ඔය අාසන්නයට වෙන්න ඉන්න නිසා හැකියාවක් ලැබෙයි ඉක්මනට ම. ඔය කියන විදිහට ඒතැන අාසනයක් සහ ගල්බේසම් සහිත නිමැවුන් තියෙනවා කිව්වාම පුදුමත් හිතෙනවා.......

    ReplyDelete
  3. මෙතන නාන එක අවදානම්ද?

    ReplyDelete
  4. ගගෙහි ජලය අඩු වර්ෂාව රහිත කාලගුණයක් පවතින අවස්ථාවක දිය නෑම සුදුසුවේ. එහෙත් වැසි සහිත දිනවලදී මෙම ස්ථානයේ දිය නෑම සුදුසු නෙවන බව පෙනේ.

    ReplyDelete
  5. හොයා ගන්නත් ලේසිය දැන්... මේ මෙහෙවර ඉකාම වටිනවා ඉන්දක සම කරන්න බෑ.....

    ReplyDelete
  6. ටැන්කූ වේවා! ලූණුවත්තට දෙතුන් වතාවක් ගිහින් තිබ්බත් එකෙක්වත් මෙහෙම පොට් එකක් ගැන කියල නෑනෙ. දවසක් චන්ද කටයුත්තකට ගිය වෙලාවක ලූණුවත්තෙ ගෙදරක හිරවෙලා අඩියක් ගැහුවා.. (2009 දි ).. ශැක්.. මෙහෙව් තැනක් ගැන උන් අපිට කියන්න හිතන්නවත් නැත්තෙ අපි 'හෙන බිසී' පොරවල් වගේ පෙන්නපු නිසා වෙන්නැති.

    ReplyDelete
  7. අර ඔටුන්නේ පින්තුරේ පෝස්ට් එකෙන් අහක් කරලා දැම්මනම් හොඳයි... නිකං මොකටද පනින රිළවුන්ට ඉනිමං බඳින්නේ...

    ReplyDelete
  8. ඉන්දික
    අලුත් දෙයක් ලියමු

    ReplyDelete