Monday, 9 February 2015

දිවුරුම්පොල රජ මහා විහාරස්ථානය (Divurumpola Raja Maha Viharaya) - වැලිමඩ

දිවුරුම්පොල රජ මහා විහාරස්ථානය වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, දිවුරුම්වෙල ගම්මානයේ පිහිටා ඇත. වැලිමඩ කැප්පෙටිපොල මාර්ගයේ (A-5) වැලිමඩ සිට කිලෝමීටර් 3 ක පමණ දුරින් මෙම විහාරස්ථානය පිහිටා ඇත. මාර්ගයේ සිට මීටර් 50 ක දුරින් පිහිටා ඇත.

හනුමන්තාට සීතාව නුවරඑළියේ හග්ගල ආසන්නයේදී හමුවීමෙන් පසු මෙම ස්ථානයට කැදවාගෙන එන ලදී. රාවණා යුගය වන විට මෙම ස්ථානයේ ප්‍රාදේශයේ සුප්‍රසිද්ධ දේවස්ථානයක්ව තිබි ඇත. ඒ නිසා සීතාව මෙහි රැගෙන එන ලදී. ඉන් අනතුරුව මෙම ස්ථානයේ ගිනි ගොඩක් ගසා සීතාව එම ගිණිගොඩට ඇද දමන ලදී. එහෙත් ක්ෂණයෙන් එම ගිනිගොඩ නිවි ගියේය. එසේ සීතාව ගිණිගොඩට ඇද දමා ඇත්තේ අග්නි පුජාවක් වශයෙන් තමා රාවණා සමග ජිවත්ව අපවිත්‍රවී ඇති බව සිතා පතිවත ගැන පරික්ෂා කිරිම සදහාය. ඇය තම පතිවත රැක ඇති නිසා ගිනි ජාලය නිවුනු බවට ජනප්‍රවාදයේ සදහන්ය.

දේවානම්පියතිස්ස රජුගේ රාජ්‍යා කාලයේ මෙම ස්ථානයේ යම් මට්ටමක දේවාලයක් වැනි දේවස්ථානයක් තිබි ඇති අතර දෙතිස්ඵල බෝධියක් එම රජු විසින් මෙම ස්ථානයේ රෝපණය කිරිම සදහා පරිත්‍යාග කර ඇත.

ඉන් පසු අනුරාධපුර හා පොලොන්නරු කාල පරිච්ජේදයේ ඉතා දියුණු විහාරස්ථානයක් බවට මෙම ස්ථානය පත්වී තිබී ඇත. හතරවන අග්ගබෝධි රජු විසින් මෙම විහාරස්ථානයේ දාගැබක්, පිළිම ගෙයක්, බෝධියක් සහ බෝධි ප්‍රාකාරයක් සහ දේවාලයක් ඉදි කර  (හෝ අලුත් වැඩියා කර) ඇති බව පැවසේ. 1818 උඩරට කැරැල්ල සමයේ විහාරස්ථානය සම්පුර්ණයෙන්ම විනාශයට පත්වී ඇත නමුත් බ්‍රිතාන්‍යයන් වුවත් විහාරස්ථානයක බෝධින් වහන්සේට හිරිහැර කර නැති බව දැනගන්නට ලැබේ. එසේ හෙයින් මෙම විහාරස්ථානයේ ඇති පැරණි බෝධින් වහන්සේ අදත් නිරුපද්‍රිතව තිබේ.

1818 සහ 1855 කාලයේ විහාරස්ථානයේ කිසිදු භික්ෂුන් වහන්සේ නමක් නොසිටියෙන් වල් බිහිවිනි. එහෙත් 1855 න් පසු මෙම විහාරස්ථානයට භික්ෂුන් වහන්සේ නමක් පැමිණ මෙම ස්ථානය නැවත විහාරස්ථානයක් බවට පරිවර්ථනය කර දියුණු කරනු ලැබ ඇත. විහාරස්ථානයේ බුදු මැදුර 1909 දී පමණ සාදා ඇති බව එහි සදහන්වේ. එසේම මෙම විහාරස්ථානයේ තිබි සොයා ගත් සෙල්ලිපියක් 1930 දී පමණ කියවා ඇති බවට තොරත්‍රරු දරන ගන්නට ලැබිණ.

වර්ථමානයේ විහාරස්ථනයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ වන්නේ ගරු උණපාන චන්දවිමල නායක ස්වාමින් වහන්සේය.
දුරකතනය විහාරස්ථානය : 057 2245266
දුරකතනය විහාරාධිපති හිමියන් : 071 1632750

අග්නි පුජාව පැවැත්වු ස්ථානයේ
ඉදි කර ඇති දාගැබ

විහාරස්ථානයේ ධාතු මන්දීරය

ප්‍රධාන පියගැටපෙල

ධර්ම ශාලාව

ඝණ්ධාර කුළුණ

දාගැබ

අකුරු මැකී ඇති සෙල්ලිපිය


දෙතිස්ඵල බෝධිය

අග්නි පුජාව පැවැත්වු ස්ථානයේ 
ඉදි කර ඇති දාගැබ

හනුමන්තාට සීතාව හමුවීම


හනුමන්තා මුදුව පෙන්වීම

අග්නි පුජාව දෙස රැස්ව සිටින
පිරිස බලා සිටිම

සීතා පිළිමය

ගරු උණපාන චන්දවිමල
නායක ස්වාමින් වහන්සේ

බුදු පිළිමය

පිගන් කැට මෝස්තර රටා

පිගන් කැට මෝස්තර රටා

පිගන් කැට මෝස්තර රටා

පිගන් කැට මෝස්තර රටා

පිගන් කැට මෝස්තර රටා

පිගන් කැට මෝස්තර රටා

බුදු මැදුර

ඉපැරණි ගල් වංගෙඩියක්

ඉපැරණි කුරහන් ගලක්

පරණි ගල් කණු

පිළිමයක්

ධාතු මන්දීරය සහ පුස්තකාලය


13 comments:

  1. අගේ ඇති විස්තරයක්...
    ඊළග මාසෙ වැලිමඩ පැත්තෙ යන්ට හිතං ඉන්නව... මං හිතන්නෙ මට මේ පන්සලටත් යන්ට පුලුවං වෙයි...
    ජයවේවා

    ReplyDelete
  2. ඉතාම වටිනවා. අර පිඟන් කෑලි මෝස්තර ටිකත් අපූරුයි.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඉන්දික අය්යාට මම කෝල් එකක් ගන්න හිටියේ මේ ගැන ලියන්න කියන්න .උදේ ඇවිත් බලනකොට ලියලා .වැලිමඩ සානුවේ තව ගොඩක් වැදගත් ස්ථාන තියනවා මේ "රාමා සිතා " කතාව ගැන .ඒවත් ලියන්න .මරු

      සීතා මා සිරියා ඉන්නේ කොහෙදෝ අනේ මෙකලා
      බෝ වීය සෝකා මාගේ දෙදරා හදා
      සීතා මා සිරියා ඉන්නේ කොහෙදෝ අනේ මෙකලා
      බෝ වීය සෝකා මාගේ දෙදරා හදා

      මේ වාර යාවී නිසැකා ඈව නොදැක මාගේ//
      මෙහි මැරියාම වේ දැන් රාවනා කලේ මේ විනේ
      බොහො වීය සෝකා මාගේ දෙදරා හදා

      සීතා මා සිරියා..

      මේ වාර යාවී නිසැකා ඈව නොදැක මාගේ//
      මෙහි මැරියාම වේ දැන් රාවනා කලේ මේ විනේ
      බොහො වීය සෝකා මාගේ දෙදරා හදා

      සීතා මා සිරියා..//

      නා‍ට්‍ය‍ය‍ - රාමායණය

      Delete
    2. මෙම බ්ලෝග් අඩවියේ වැලිමඩ සානුවේ ඇති වැදගත් ස්ථාන රාශියක් පිලිබදව තෙරතුරු සදහන් කර ඇත. ඒ අතර ස්ත්‍රිපුර ගුහාව, කැප්පෙටිපොල බලකොටුව යන ස්ථාන ප්‍රධානවේ. එසේම ලිවිමට ඇති තොරතුරු බොහෝය. ඒවා සියල්ල ඉදිරි කාලයේදී ලැබෙන කාලය අනුව එම තොරතුරු සැපයීමට බලාපොරෝත්තුවෙමි.

      Delete
  4. කීපාරක් ඔතනින් එහෙ මෙහෙ ගිහිල්ලා ඇත්ද? නිකමටවත් දැනගෙන හිටියනම් මෙච්චර විස්තරයක්.. බොහෝම ස්තූතියි ඉන්දික.

    ReplyDelete
  5. මා නිරන්තරයෙන් දිරිමත් කිරිම පිලිබදව මාගේ හෘර්දයාංගමය ස්තුතිය ඔබ සැමට ප්‍රකාශ කිරිමට කැමැත්තෙමි.

    ReplyDelete
  6. මමත් මේ ගැන කාලෙකට කලින් ලිව්වා. ඒත් විහාරය බලන්න විදිහක් තිබුනේ නෑ මම ගිය දවසේ එතැන කවුරුත් හිටියේ නැති නිසා... නැවත යන්න ඕන කියල තීරණය කල තැනක්.
    http://sulakkhana.blogspot.com/2013/04/blog-post_29.html

    ReplyDelete
  7. අැත්තට ම අද තමයි පන්සල ගැන විස්තර දන්නේ.... හැකි වෙලාවක් යන්නම්.... ළග පැත්තක් නොවැ

    ReplyDelete
    Replies
    1. //ළග පැත්තක් නොවැ//
      හැහ් ඒ කොහෙද මචෝ ළඟ පාත ...මේවා අපේ අල්ලපු ගම් නොවැ ...

      Delete
  8. //හැහ් ඒ කොහෙද මචෝ ළඟ පාත ...මේවා අපේ අල්ලපු ගම් නොවැ ..//
    එහනම් කියහන් වැලි මඩ යන්නෙ කොහමද?

    ReplyDelete
    Replies
    1. උඹට කොයි පැත්තෙන්ද යන්න ඕනෑ කියලා කියපන් ...රත්නපුර බණ්ඩාරවෙල හරහා යන්නත් පුළුවන් ,ගම්පොල නුවරඑළිය හරහා යන්නත් පුළුවන් , අවිස්සාවේල්ල හැටන් නුවරඑළිය හරහා යන්නත් පුළුවන් .ගොඩක් වෙලාවට මම යන්නේ රත්නපුර බණ්ඩාරවෙල හරහා .බස් එකේ නම් නුවරඑළිය හරහා යනවා තනි බස් එක නිසා .

      Delete
  9. ස්තුතියි අයියන්ඩි විස්තරයට
    දවසක මේ විස්තර පොඩි මෙන්ඩාටත් කියලා දෙනවා

    ReplyDelete