Friday, 30 January 2015

මියුසියස් කොටේජ් - Museaus Cottage - දියතලාව

අදත් මා ඔබට ඌව පලාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, දියතලාව නගරයේ පිහිටා ඇති සුවිශේෂිය ස්ථානයක තොරතුරු ටිකක් ගෙන ඒමටයි මේ සුදානම.

ඒ කොළඹ මියුසියස් විද්‍යාලයේ නිර්මාර්තෘ මාරි මියුසියස් හිගින්ස් මැතිනියට අයත්ව තිබු "මියුසියස් කොටේජ්" නම් නිවස පිලිබදව සටහනක් තැබීමයි. "මියුසියස් කොටේජ්" පිහිටා ඇත්තේ දියතලාව තැපැල් කාර්යාලය ආසන්නයේ ඇති හපුතලේගම මාර්ගයේ, කිලෝමීටර් 1 1/2 ක් පමණ ගිය තැන හමුවන විහාරකැලේ විහාරස්ථානය අසල වම් පැත්තේ ඇති (විහාරකැලේ විහාරස්ථානයට ඉදිරියෙන්) කොන්ක්‍රීට් මාර්ගයේ මීටර් 200 ක් පමණ යැමෙන් පසු මෙම ස්ථානයට ලගාවිය හැක. 

මාරි මියුසියස් හිගින්ස් මහත්මිය 1885 මැයි 19 දින ජර්මනියේ උපන්නෙකී. ඇය කොළඹ පිහිටා ඇති බෞද්ධ කාන්තා විද්‍යාලයක් වන මියුසියස් විද්‍යාලයේ ආදී නිර්මාර්තෘ වරියයි.  මාරි මියුසියස් හිගින්ස් මහත්මිය 1889 නොවැම්බර් මස 19 දින "පුර්සියන්" (Prussian) නම් නැවෙන් ලාකාවට පැමිණියාය. එසේ පැමිණ ඇය කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස සේවය කරන අතරතුරදී එනම් 1889 දී කොළඹ කුරුදුවත්තේ දී බෞද්ධ කාන්තා විද්‍යාලයක් වශයෙන් මියුසියස් විද්‍යාලය ආරම්භ කරන ලද්දේ කටුමැටි ගසා ඉදි කරන ලද තාවකාලීක ගොඩනැගිල්ලකයි. 

ඒ වකවානුව ශ්‍රී ලංකාව එංගලන්තයේ කීරිටයට යටත් විජිතයක් වු රටක් විය. බ්‍රිතාන්‍යයේ පස්වන ජෝර්ජ් රජු මාරි මියුසියස් හිගින්ස් මැතිනියගේ සේවය ඇගයීමක් වශයෙන් ඇයට දියතලාවේ විහාරකැලේ ඉඩමක් පරිත්‍යාග කරන ලද්දේ එවක ප්‍රභූවරුන්ගේ නිවාඩු නිකේතන නගරයක් ලෙස දියතලාව ඉමහත් ප්‍රසිද්ධියක් ඉසිලු නිසාය.

මාරි මියුසියස් හිගින්ස් මහත්මිය විසින් මෙම ඉඩමෙහි "මියුසියස් කොටේජ්" නම් නිවාඩු නිකේතනය ඉදි කරන්නට යෙදුනේ එම විද්‍යාලයේ ගුරුවරුන්ගේ සහ දැරියන්ගේ ප්‍රයෝජනය පිණිසයි. ඇය මෙම නිවසේ බෝහෝ කාලයක් ගත කර ඇති බවට තොරතුරු දැන ගන්නට තිබේන අතර ඇය 1925 දී මිය ගොස් ඇත.

පසු කාලයේදී මෙම ගොඩනැගිල්ල මියුසියස් විද්‍යාලයේ භාරකාරිත්වය විසින් විකුණා දමන ලදී. වර්තමානයේ මෙම "මියුසියස් කොටේජ්" හි හිමිකරු වන්නේ සමරකෝන් බණ්ඩාර හපුහින්න මහතාය. වර්තමානයේදී මාර් මියුසියස් හිගින්ස් මහත්මිය විසින් සාදන ලද ඒ ඓතිහාසික "මියුසියස් කොටේජ්" හි කොටසක් මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර මෙසේ දැක බලා ගත හැක.

එසේම, 1923 වර්ෂයේදී විහාරකැලේ විහාරස්ථානයේ බුදු මැදුර සදහා මුල්ගල තබා ඇත්තේද මාරි මියුසියස් හිගින්ස් මහත්මිය විසිනි.
ලිපිනය : "මියුසියස් කොටේජ්", 60/1, විහාරකැලේ, දියතලාව
දුරකතනය: 057 2229227 / 077 5013948


මියුසියස් කොටේජ්

මියුසියස් කොටේජ්

මියුසියස් කොටේජ්

මියුසියස් කොටේජ්

 මාර්ග සිතියම

4 comments:

  1. ඉවානයා උඔට ස්තුතියි මේ බොලෝග් එක රෝලට එකතු කර ගත්තට.

    ReplyDelete
    Replies
    1. යකෝ අපේ ගම ගැන තියෙන බ්ලෝග එකතු කරගන්නේ නැති රෝල අහවල් එකකටද ?

      Delete
  2. කොටේජ් කියලා සර්ච් කරනකොට කොලීජ් කියලා එන එකයි ප්‍රශ්නෙ. මේක ලොජින්ෆැසිලිටි එකක් නම් ඒ ගැන කමෙන්ට් වලින්වත් දාමු නේද?

    ReplyDelete
  3. ඔත්තුවට සහ විස්තරයට බොහොම ස්තූතියි..

    ReplyDelete