Monday, 5 January 2015

මහියංගන දාගැබ (Mahiyangana Dagaba)

බුදු රජාණන් වහන්සේගේ ජීවමාන කාලයේදී, ශ්‍රී ලංකාවේ වාසය කරන ලද යක්ෂ සහ නාග ග්‍රෝත්‍රිකයන් අතර ඇතිවු දරුණු සටනක් මැඩ පැවැත්වීම සදහා බුදු රජාණන් වහන්සේ මහියංගනය දාගැබ පිහිටි ස්ථානයට ඊර්ධියෙන් පැමිණ ඇත. ඒ අවස්ථාවේදී උරණවු යක්ෂ සහ නාග ග්‍රෝත්‍රික ජනයා දුණු ඊතල වලින් අහසට විදින්නට විය. ඒ අවස්ථාවේදී බුදු රජාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්යය පා යක්ෂයන් සහ නාගයන් දමනය කර පොලොවට වැඩි සේක.

ඒ අවස්ථාවේදී බුදු රජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය ශ්‍රවණය කිරිමෙන් යක්ෂ සහ නාග ග්‍රෝත්‍රකයන් දරුණු සටන අතහැර දමා සමදාන වුනු අතර යක්ෂ ග්‍රෝත්‍රිකයන් ගිරි නම්වු දිවයිනට වාසය පිණිය ගියේය. එම ධර්මය ශ්‍රවණය කිරිමෙන් පසු එහි පැමිණ සිටි සමන් බොක්සාල් නම් නාග පුද්ගලයා සෝවන් ඵලයට පත්විය. සමන් බොක්සාල් (සුමන සමන් දෙවියන්) ඒ අවස්ථාවේදී වන්දනාමාන කිරිම සදහා යමක් ඉල්ලිමෙන් පසු බුදු රජාණන් වහන්සේ, තම හිසෙවු කෙස් මිටක් දුන්නේය.

එම කේෂ ධාතුන් රත්‍රං කරඩුවක තැම්පත් කර, මිනිපේ මහා නාග උයනේ (වර්තමානයේ චෛත්‍යය පිහිටි ස්ථානය) ශ්‍රී ලංකාවේ ප්‍රථම චෛත්‍යය ඉදි කෙරිනි.  මෙම චෛත්‍යය "මියුගුන දාගැබ", " මල් සෑය" ආදි නම් වලිනුත් හැදින්විනි. පසු කාලයේ දී එනම් බුදු රජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු බුදුන්ගේ ග්‍රිව ධාතුව මෙම චෛත්‍යයේ තැම්පත් කර රියන් 12 ක් (අඩි 18 ක) උස චෛත්‍යයක් සාදා ඇත. ග්‍රීව ධාතුව තැම්පත් කර සාදන ලද මියුගුණ දාගැබ සදහා විශේෂිත වු පාෂාණ වර්ගයක් හිම‍ාලයේ සිට රහත් සාරභූ තෙරුන් රැගෙන ආ බව සදහන්වේ.

පසු කාලයේදී දේවානම්පියතිස්ස රජුගේ සහෝදරයා වු උද්දචුලාභය කුමරු විසින් මුයුගුණ සෑය රියන් 30 ක් (අඩි 45 ක් පමණ) උස්ව ප්‍රතිසංස්කරණය කරවා ඇත. දුටුගැමුණු රජතුමා මියුගුණ සෑය රියන් 80 ක් (අඩි 120 ක් පමණ) උස් වනසේ බැද ප්‍රතිසංස්කරණය කර ඇති අතර, සිරි සගබෝ රජු, අග්බෝ රජු, පරාක්‍රමබාහු රජූ යන රජ වරු විසින්ද වරින් වර චෙචත්‍යය ප්‍රතිසංස්කරණය කර ඇත.

විදේශීය අධ්‍යපත්‍යයට (පෘතුගිසි/ ලන්දේසි/ බ්‍රිතාන්‍යය) නතුව තිබු කාලයේදී නටබුන්ව තිබු මහියංගන දාගැබ 1857 දී ගරු ඉද්දමල්ගොඩ ධර්මපාල හිමියන් විසින් ද 1871 දී, ගරු යටවත්තේ චන්ද්‍රජෝති හිමියන් විසින්ද ප්‍රතිසංස්කරණ කටයුතු කරවා ඇතත් එතැන් පටන් නිදහස ලැබෙන තුරු නැවත චෛත්‍යය නැවත ගරා වැටි ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ අප්‍රතිහාර්ය ධෛර්ය නිසා බිහිවු චෛත්‍ය වර්ධන සමිතිය විසින්, මහියංගන දාගැබ අද පවතින ආකාරයට ප්‍රතිසංස්කරණය කෙරිනි. වර්තමානයේ දක්නට ලැබෙන චෛත්‍යය අඩි 138 ක් උසැතිය. 1961 දී ප්‍රතිසංස්කරණයෙන් පසු කොත් පලන්දා ඇත. චෛත්‍යය ප්‍රතිසංස්කරණය කරන අවස්ථාවේදී අඩි 23 කට පමණ ඉහලින් චෛත්‍යයේ ධාතු නිදන් කරන ලද ධාතු ගර්භයක් හමුවු අතර එය සතරැස් වු අතර එහි බිත්ති වල චිත්‍ර ඇද තිබිණි. ඒවා අනුරාධපුර ජාතික කෙෘතුකාගාරයේ ප්‍රදර්ශණයට තබා ඇත.

ඵලරුහ බෝධිය
සංඝමිත් තෙරණිය රැගෙන එන ලද ශ්‍රී මහා බෝධි අංකුරය අනුරාධපුර මහාමෙවුනා උයනේ රෝපණය උත්සවයට පැමිණි මහියංගනයේ පාලකයන්ට ලැබුනු බෝධි අංකුරය මෙම බෝධිය යැයි විශ්වාස කරනු ලැබේ. මෙම බෝධිය ඉදිරි පිටදී සිරි සගබෝ කුමාරයා, නන්ද නම් ස්වාමින් වහන්සේට භාර කර ඇත්තේය. ඒ නිසා මෙම බෝධියට "සංඝමිත්ත බෝධිය" යැයිද භාවිතා කෙරේ. එසේම සිරි සගබෝ කුමරු උපදුනු ස්ථානයේ පිහිටා ඇති "විලිරූ ගල" නම් ගලක් ද මෙම බෝධිය ඉදිරියේ ඇත්තේය.

මහියංගන දාගැබ
ඵලරුහ බෝධිය

මහියංගන දාගැබ

13 comments:

  1. මං නොදන්න දේවලුත් තියේනෙ බොලං. බොහෝම ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. උඹ මයියන්ගනේ කිවුවට දඹානෙනේ......?

      Delete
    2. ගහු මනෝෂයා කටුස්සට ගලකින්.

      Delete
    3. මං ඕකගෙ බෙල්ලට ඉරටු මද්දක් දාල අදිනවා.

      Delete
  2. ඇත්තටම අර මනුව කීව වගේ අහල තියෙන ඒවට වඩා අහපු නැති ඒව වැඩී...
    ස්තූතියි සහෝ.......
    සිංග්ලිෂ් ටයිපින්ද

    ReplyDelete
  3. ස්තුතියි..
    එල ද බ්‍රා..

    ReplyDelete
    Replies
    1. මේ බලමුකො. චෛත්‍යයක් දැකලත් බ්‍රා ලු.

      Delete
  4. නොදන්න දේවල් ගොඩයි......දැනුවත් කිරීමට පින් මචෝ.........ජය වේවා.....

    ReplyDelete
  5. අගෙයි.
    මැප් එකක් අදත් නැතෝ.

    ReplyDelete
    Replies
    1. ඔන්න සිතියමක් එකතු කලා. ඔබලාගේ අදහස් වලට ස්තුතියි.

      Delete
  6. පසුගිය නොවැම්බර් මාසේ 17 වැනිදා මහියංගනයට ගියා. දඹාන පැත්තෙත් ගියා. සවිස්තර ලිපියක් මගේ අඩවියේ පසුව ලියන්න හිතාගෙන ඉන්නවා.

    ReplyDelete
  7. බොහොම පින් සිතියම තියන එකනම් ගොඩක් වටිනවා

    ReplyDelete