Friday, 30 January 2015

මියුසියස් කොටේජ් - Museaus Cottage - දියතලාව

අදත් මා ඔබට ඌව පලාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, දියතලාව නගරයේ පිහිටා ඇති සුවිශේෂිය ස්ථානයක තොරතුරු ටිකක් ගෙන ඒමටයි මේ සුදානම.

ඒ කොළඹ මියුසියස් විද්‍යාලයේ නිර්මාර්තෘ මාරි මියුසියස් හිගින්ස් මැතිනියට අයත්ව තිබු "මියුසියස් කොටේජ්" නම් නිවස පිලිබදව සටහනක් තැබීමයි. "මියුසියස් කොටේජ්" පිහිටා ඇත්තේ දියතලාව තැපැල් කාර්යාලය ආසන්නයේ ඇති හපුතලේගම මාර්ගයේ, කිලෝමීටර් 1 1/2 ක් පමණ ගිය තැන හමුවන විහාරකැලේ විහාරස්ථානය අසල වම් පැත්තේ ඇති (විහාරකැලේ විහාරස්ථානයට ඉදිරියෙන්) කොන්ක්‍රීට් මාර්ගයේ මීටර් 200 ක් පමණ යැමෙන් පසු මෙම ස්ථානයට ලගාවිය හැක. 

මාරි මියුසියස් හිගින්ස් මහත්මිය 1885 මැයි 19 දින ජර්මනියේ උපන්නෙකී. ඇය කොළඹ පිහිටා ඇති බෞද්ධ කාන්තා විද්‍යාලයක් වන මියුසියස් විද්‍යාලයේ ආදී නිර්මාර්තෘ වරියයි.  මාරි මියුසියස් හිගින්ස් මහත්මිය 1889 නොවැම්බර් මස 19 දින "පුර්සියන්" (Prussian) නම් නැවෙන් ලාකාවට පැමිණියාය. එසේ පැමිණ ඇය කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස සේවය කරන අතරතුරදී එනම් 1889 දී කොළඹ කුරුදුවත්තේ දී බෞද්ධ කාන්තා විද්‍යාලයක් වශයෙන් මියුසියස් විද්‍යාලය ආරම්භ කරන ලද්දේ කටුමැටි ගසා ඉදි කරන ලද තාවකාලීක ගොඩනැගිල්ලකයි. 

ඒ වකවානුව ශ්‍රී ලංකාව එංගලන්තයේ කීරිටයට යටත් විජිතයක් වු රටක් විය. බ්‍රිතාන්‍යයේ පස්වන ජෝර්ජ් රජු මාරි මියුසියස් හිගින්ස් මැතිනියගේ සේවය ඇගයීමක් වශයෙන් ඇයට දියතලාවේ විහාරකැලේ ඉඩමක් පරිත්‍යාග කරන ලද්දේ එවක ප්‍රභූවරුන්ගේ නිවාඩු නිකේතන නගරයක් ලෙස දියතලාව ඉමහත් ප්‍රසිද්ධියක් ඉසිලු නිසාය.

මාරි මියුසියස් හිගින්ස් මහත්මිය විසින් මෙම ඉඩමෙහි "මියුසියස් කොටේජ්" නම් නිවාඩු නිකේතනය ඉදි කරන්නට යෙදුනේ එම විද්‍යාලයේ ගුරුවරුන්ගේ සහ දැරියන්ගේ ප්‍රයෝජනය පිණිසයි. ඇය මෙම නිවසේ බෝහෝ කාලයක් ගත කර ඇති බවට තොරතුරු දැන ගන්නට තිබේන අතර ඇය 1925 දී මිය ගොස් ඇත.

පසු කාලයේදී මෙම ගොඩනැගිල්ල මියුසියස් විද්‍යාලයේ භාරකාරිත්වය විසින් විකුණා දමන ලදී. වර්තමානයේ මෙම "මියුසියස් කොටේජ්" හි හිමිකරු වන්නේ සමරකෝන් බණ්ඩාර හපුහින්න මහතාය. වර්තමානයේදී මාර් මියුසියස් හිගින්ස් මහත්මිය විසින් සාදන ලද ඒ ඓතිහාසික "මියුසියස් කොටේජ්" හි කොටසක් මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර මෙසේ දැක බලා ගත හැක.

එසේම, 1923 වර්ෂයේදී විහාරකැලේ විහාරස්ථානයේ බුදු මැදුර සදහා මුල්ගල තබා ඇත්තේද මාරි මියුසියස් හිගින්ස් මහත්මිය විසිනි.
ලිපිනය : "මියුසියස් කොටේජ්", 60/1, විහාරකැලේ, දියතලාව
දුරකතනය: 057 2229227 / 077 5013948


මියුසියස් කොටේජ්

මියුසියස් කොටේජ්

මියුසියස් කොටේජ්

මියුසියස් කොටේජ්

 මාර්ග සිතියම

Tuesday, 6 January 2015

කහටපිටිය විහාරස්ථානය - ගම්පොල (Kahatapitiya Temple)

ගම්පොල නගරයේ  A-5 ප්‍රධාන මාර්ගයට යාබදව ගම්පොල කහටපිටියේ මෙම විහාරස්ථානය පිහිටා ඇත. මෙම විහාරස්ථානයේ ඉදි කර ඇති දිගින් අඩි 132 හා උසින් අඩි 30 ක් වන්නාවු සැතපෙන පිළිමය දැනට ශ්‍රී ලංකාවේ ඇති විශාලතම සැතපෙන පිළිමය බවට හදුනා ගෙන ඇත.

සැතපෙන පිළිමය

සැතපෙන පිළිමය

විහාරස්ථානයේ ඇති දාගැබ

සැතපෙන පිළිමය

පැරණි බුදු පිළිමයක්

සැතපෙන පිළිමය

සැතපෙන පිළිමය


Monday, 5 January 2015

මහියංගන දාගැබ (Mahiyangana Dagaba)

බුදු රජාණන් වහන්සේගේ ජීවමාන කාලයේදී, ශ්‍රී ලංකාවේ වාසය කරන ලද යක්ෂ සහ නාග ග්‍රෝත්‍රිකයන් අතර ඇතිවු දරුණු සටනක් මැඩ පැවැත්වීම සදහා බුදු රජාණන් වහන්සේ මහියංගනය දාගැබ පිහිටි ස්ථානයට ඊර්ධියෙන් පැමිණ ඇත. ඒ අවස්ථාවේදී උරණවු යක්ෂ සහ නාග ග්‍රෝත්‍රික ජනයා දුණු ඊතල වලින් අහසට විදින්නට විය. ඒ අවස්ථාවේදී බුදු රජාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්යය පා යක්ෂයන් සහ නාගයන් දමනය කර පොලොවට වැඩි සේක.

ඒ අවස්ථාවේදී බුදු රජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය ශ්‍රවණය කිරිමෙන් යක්ෂ සහ නාග ග්‍රෝත්‍රකයන් දරුණු සටන අතහැර දමා සමදාන වුනු අතර යක්ෂ ග්‍රෝත්‍රිකයන් ගිරි නම්වු දිවයිනට වාසය පිණිය ගියේය. එම ධර්මය ශ්‍රවණය කිරිමෙන් පසු එහි පැමිණ සිටි සමන් බොක්සාල් නම් නාග පුද්ගලයා සෝවන් ඵලයට පත්විය. සමන් බොක්සාල් (සුමන සමන් දෙවියන්) ඒ අවස්ථාවේදී වන්දනාමාන කිරිම සදහා යමක් ඉල්ලිමෙන් පසු බුදු රජාණන් වහන්සේ, තම හිසෙවු කෙස් මිටක් දුන්නේය.

එම කේෂ ධාතුන් රත්‍රං කරඩුවක තැම්පත් කර, මිනිපේ මහා නාග උයනේ (වර්තමානයේ චෛත්‍යය පිහිටි ස්ථානය) ශ්‍රී ලංකාවේ ප්‍රථම චෛත්‍යය ඉදි කෙරිනි.  මෙම චෛත්‍යය "මියුගුන දාගැබ", " මල් සෑය" ආදි නම් වලිනුත් හැදින්විනි. පසු කාලයේ දී එනම් බුදු රජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු බුදුන්ගේ ග්‍රිව ධාතුව මෙම චෛත්‍යයේ තැම්පත් කර රියන් 12 ක් (අඩි 18 ක) උස චෛත්‍යයක් සාදා ඇත. ග්‍රීව ධාතුව තැම්පත් කර සාදන ලද මියුගුණ දාගැබ සදහා විශේෂිත වු පාෂාණ වර්ගයක් හිම‍ාලයේ සිට රහත් සාරභූ තෙරුන් රැගෙන ආ බව සදහන්වේ.

පසු කාලයේදී දේවානම්පියතිස්ස රජුගේ සහෝදරයා වු උද්දචුලාභය කුමරු විසින් මුයුගුණ සෑය රියන් 30 ක් (අඩි 45 ක් පමණ) උස්ව ප්‍රතිසංස්කරණය කරවා ඇත. දුටුගැමුණු රජතුමා මියුගුණ සෑය රියන් 80 ක් (අඩි 120 ක් පමණ) උස් වනසේ බැද ප්‍රතිසංස්කරණය කර ඇති අතර, සිරි සගබෝ රජු, අග්බෝ රජු, පරාක්‍රමබාහු රජූ යන රජ වරු විසින්ද වරින් වර චෙචත්‍යය ප්‍රතිසංස්කරණය කර ඇත.

විදේශීය අධ්‍යපත්‍යයට (පෘතුගිසි/ ලන්දේසි/ බ්‍රිතාන්‍යය) නතුව තිබු කාලයේදී නටබුන්ව තිබු මහියංගන දාගැබ 1857 දී ගරු ඉද්දමල්ගොඩ ධර්මපාල හිමියන් විසින් ද 1871 දී, ගරු යටවත්තේ චන්ද්‍රජෝති හිමියන් විසින්ද ප්‍රතිසංස්කරණ කටයුතු කරවා ඇතත් එතැන් පටන් නිදහස ලැබෙන තුරු නැවත චෛත්‍යය නැවත ගරා වැටි ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ අප්‍රතිහාර්ය ධෛර්ය නිසා බිහිවු චෛත්‍ය වර්ධන සමිතිය විසින්, මහියංගන දාගැබ අද පවතින ආකාරයට ප්‍රතිසංස්කරණය කෙරිනි. වර්තමානයේ දක්නට ලැබෙන චෛත්‍යය අඩි 138 ක් උසැතිය. 1961 දී ප්‍රතිසංස්කරණයෙන් පසු කොත් පලන්දා ඇත. චෛත්‍යය ප්‍රතිසංස්කරණය කරන අවස්ථාවේදී අඩි 23 කට පමණ ඉහලින් චෛත්‍යයේ ධාතු නිදන් කරන ලද ධාතු ගර්භයක් හමුවු අතර එය සතරැස් වු අතර එහි බිත්ති වල චිත්‍ර ඇද තිබිණි. ඒවා අනුරාධපුර ජාතික කෙෘතුකාගාරයේ ප්‍රදර්ශණයට තබා ඇත.

ඵලරුහ බෝධිය
සංඝමිත් තෙරණිය රැගෙන එන ලද ශ්‍රී මහා බෝධි අංකුරය අනුරාධපුර මහාමෙවුනා උයනේ රෝපණය උත්සවයට පැමිණි මහියංගනයේ පාලකයන්ට ලැබුනු බෝධි අංකුරය මෙම බෝධිය යැයි විශ්වාස කරනු ලැබේ. මෙම බෝධිය ඉදිරි පිටදී සිරි සගබෝ කුමාරයා, නන්ද නම් ස්වාමින් වහන්සේට භාර කර ඇත්තේය. ඒ නිසා මෙම බෝධියට "සංඝමිත්ත බෝධිය" යැයිද භාවිතා කෙරේ. එසේම සිරි සගබෝ කුමරු උපදුනු ස්ථානයේ පිහිටා ඇති "විලිරූ ගල" නම් ගලක් ද මෙම බෝධිය ඉදිරියේ ඇත්තේය.

මහියංගන දාගැබ
ඵලරුහ බෝධිය

මහියංගන දාගැබ