Monday, 26 October 2015

Demala maha Seeya - Polonnaruwa දෙමළ මහා සෑය - පොළොන්නරුව

පොළොන්නරුව පැරණි නටඹුන් අතර තිවංක පිළිමගේ දෙසට යන මාර්ගයේ දකුණු අත දිශාවට ඇති මාර්ගය විහිදි යන්නේ දෙමළ මහා සෑයටයි. දෙමළ මහා සෑය මහා පරාක්‍රමබාහු රජතුමාගේ නිර්මාණයක් බව පැවසේ. මෙම දාගැබ ලංකාවේ මෙන්ම ලෝකයේ දැනට ඇති විශාලතම දාගැබ බව පැවසේ මහා පරාක්‍රමබාහු රජතුමා දෙමළ සිරකරුවන් යොදාගෙන මෙම දාගැබ ගොඩ නගා ඇති බව වංශකතා වල සදහන්ය. එහෙත් මෙම දාගැබේ කටයුතු සම්පුර්ණයෙන්ම නිම නොකර හෝ පේසා වලලු තුනෙන් පසු දාගැබ සමතලා කර එහි මධ්‍යයේ කුඩා දාගැබක් ඉදි කර ඇත. දැනට (2015 මැයි මස) මෙම චෛත්‍යයේ සංරක්ෂණ කටයුතු සිදුවෙමින් පවති.
ඡායාරූප 2015.05.19 දින

දාගැබ සමතලා කර එහි මධ්‍යයේ
කුඩා දාගැබක් ඉදි කර ඇත

මධ්‍යයේ ඇති කුඩා දාගැබ

මධ්‍යයේ ඇති කුඩා දාගැබ

මධ්‍යයේ ඇති කුඩා දාගැබ
හා වැවි ඇති විශාල ගස්

චෛත්‍යයේ සංරක්ෂණ කටයුතු

චෛත්‍යයේ සංරක්ෂණ කටයුතු

චෛත්‍යයේ සංරක්ෂණ කටයුතු

Suwastika Pond - Polonnaruwa ස්වස්තික පොකුණ, පොලොන්නරුව

පොලොන්නරුව පැරණි නටඹුන් අතරේ පැරණි භික්ෂු රෝහල් භුමියට ඉදිරියෙන් (වම් අත දිශාවට) ඇති සංචාරක බංගලාවට මදක් ඔබ්බෙන් ස්වස්තික පොකුණ පිහිටා ඇත.
ඡායාරූප 2015.05.19 දින

ස්වස්තික පොකුණ

Monday, 19 October 2015

මාවෙල වලගම්බා ලෙන් විහාරය - Mawela Walagamba Cave Temple - කඩුගන්නාව

කොළඹ - මහනුවර A-1 මාර්ගයේ පහල කඩුගන්නාවේ පිහිටා ඇති පුරාණ අම්බලමට ඉදිරියෙන් ඇති පඩිපෙලින් මීටර් 500 ක් පමණ ගිය පසු මෙම විහාරස්ථානයට ලගාවිය හැක. මෙම විහාරස්ථානය ගල්ගුහාවක් පාදක කරගෙන නිර්මාණය කරඇත.
ඡායාරූප 2015.05.21

මාවෙල වලගම්බා ලෙන් විහාරය

මාවෙල වලගම්බා ලෙන් විහාරය

මාවෙල වලගම්බා ලෙන් විහාරය

මාවෙල වලගම්බා ලෙන් විහාරය

මාවෙල වලගම්බා ලෙන් විහාරය

මාවෙල වලගම්බා ලෙන් විහාරය

මාවෙල වලගම්බා ලෙන් විහාරය

මාවෙල වලගම්බා ලෙන් විහාරය

මාවෙල වලගම්බා ලෙන් විහාරය

මාවෙල වලගම්බා ලෙන් විහාරය

මාවෙල වලගම්බා ලෙන් විහාරය

මාවෙල වලගම්බා ලෙන් විහාරය

මාවෙල වලගම්බා ලෙන් විහාරය

Friday, 16 October 2015

Clock tower - Galle Fort ඔරලෝසු කණුව - ගාලු කොටුව - ගාල්ල

ගාලු කොටුවේ ඇති ඔරලෝසු කණුව 1881 දී ගාල්ල පුරපතිව සිටි දෙස්තර පීටර් දානියෙල් ඇන්තෝනියෝස් විසින් ඉදි කරන ලද්දක් බව පැවසේ. එය ඉදි කර ඇත්තේ Moon Bastion නම් මුර අට්ටාලයේය.
ඡායාරූප 2014.08.12




කොඩිගල මුර අට්ටාලය - ගාලු කොටුව - ගාල්ල

ගාල්ල කොටුවේ ඇති මුස්ලිම් දේවස්ථානය පසු කර රැම්පට් වීදියේ ඉදිරියට යනවිට වම් අත පැත්තේ කොඩිගල මුර අට්ටාලය හමුවේ. 1733 දී ඔලන්දයන් විසින් මෙහි කොඩිගසක් පිහිටුවා තිබි ඇත. බ්‍රිතාන්‍ය යුගයේදී එනම් 1848 දී මෙම ස්ථානයේ දැවයෙන් ප්‍රදීපාගාරයක් ඉදිකර තිබුණේ යැයි පැවසෙන අතර, එය ශ්‍රී ලංකාවේ ඉදි කරන ලද ප්‍රථම ප්‍රදීපාගාරය බවද පැවසේ. එම ප්‍රදීපාගාරය 1930 දී ගින්නකින් විනාශවී ඇත.
ඡායාරූප 2014.08.12




මුස්ලිම් දේවස්ථානය - ගාලු කොටුව - ගාල්ල

ගාලු කොටුවේ උට්රෙක්ට් මුර අට්ටාලය පසු කර යන විට දකුණු අත පැත්තේ මුස්ලිම් දේවස්ථානය හමුවේ. මෙම ස්ථානයේ 1790 දී පමණ දේවස්ථානයක් තිබි ඇති අතර එම පැරණි දේවස්ථානය ඉවත් කර 1909 දී මෙම දේවස්ථානය ඉදි කර ඇත.
ඡායාරූප 2014.08.12


වෙඩි බෙහෙත් ගබඩාව - ගාළු කොටුව - ගාල්ල

ගාල් කොටු පවුර තුල පිහිටා ඇති උට්රෙක්ට් මුර අට්ටාලයට යාබදව මෙම වෙඩි බෙහෙත් ගබඩාව පිහිටා ඇත. ‍මෙම ස්ථානයේ වෙඩි බෙහෙත් නිෂ්පාදනය කර ඇති බව පැවසෙන අතර දෙරටුවට ඉහලින් ගල් පුවරුවක 1789 ලෙස සදහන් කර ඇත.
ඡායාරූප 2014.08.12


Sunday, 28 June 2015

රේල් වෙඩි - Railway Detonator

රේල් වෙඩි යනු දුම්රිය මාර්ගයේ, දුම්රිය පීල්ලට සවි කරනු ලබන වෙඩි විශේෂයකී. මෙම වෙඩි වෘතාකාර හැඩයක් ගන්නා අතර මේවා දුම්රිය මාර්ගයේ සේවයේ නියුතු ජංගම මුරකරු වෙත ලබාදී ඇත. ජංගම මුර කරු සතුව ඇති උපකරණ බටයේ මෙම වෙඩි අඩංගුය. ජංගම මුරකරු දවසේ පැය 24 පුරාම දුම්රිය මාර්ගය නිරන්තරයෙන් පරික්ෂාවට ලක් කල යුතුය. දුම්රිය මාර්ගයට යම් කිසි අනතුරක් සිදුවිය හැක.  ගසක් කඩා වැටීම, ගල් පෙරලීම, නායයැම, ආදිය, නිසා මාර්ගය අවහිර විය හැක. එවන් අවස්ථාවලදී දුම්රිය නතර කර ගැනීම සදහා මෙම රේල් වෙඩි හෙවත් පිලි වෙඩි භාවිතයට ගන්නේය.

අනතුරක් ඇති ස්ථානයට කිලෝමීටර් 1/2 ක දුරින් දුම්රිය එන දිශාවේ රියදුරු සිටින පැත්තේ (වම් පැත්ත) මෙම පිලි වේඩි බදිනු ලැබේ. එසේ බදිනු ලබන පිලිවේඩි දුම්රිය රෝදයේ බර සහ පීඩනයට පුපුරා ශබ්දයක් පිටවේ. එයින් දුම්රියේ රියදුරු යම් බාධකයක් ඉදිරියෙන් ඇති බව දැනගෙන දුම්රිය නතර කරනු ලැබේ. 

1841 දී ඉංග්‍රිසි ජාතික එඩ්වඩ් ඇන්ෆඩ් කවුපර් (Edward Alfred Cowper) විසින් රේල් වෙඩි මුල් වරට සොයාගෙන නිෂ්පාදනය කරන ලද්දේය.

ඇම්රිකා‍වේ ඇති රේල් වේඩි හතරැස් හැඩයක් ගන්නා අතර එය එරට Torpedo යන නමින් හදුන්වනු ලැබේ.

ඉහත කී පරිදි මෙම දුම්රිය වෙඩි දුම්රිය මාර්ගයේ සේවසේ නියුතු දුම්රිය මාර්ග ජංගම මුරකරුට අමතරව 1. යතුරු කරු 2. දුම්රියේ රියදුරු සහ 3. දුම්රියේ සිටින ගාර්ඩ් වරුන් දෙදෙනාටද ලබාදී ඇත. දුම්රියේ රියදුරුට සහ හාර්ඩ් වරුන්ට ලබාදී ඇත්තේ තමා සේවය කරන දුම්රියට හෝ දුම්රිය මාර්ගයට (පීලි පැනිම වැනි) අපදාවක් සිදුවුව හොත්, මාර්ගයේ යම් හේතුවක් නිසා ටැබ්ලට් රහිතව පැමිණිය හැකි ඩක්කු, රේල් බස් හෝ දුම්රිය, අනතුර සිදුවී ඇති ස්ථානයට ලගාවීම වැලැක්වීම සදහාය.

රේල් වෙඩි - Railway Detonators

රේල් වෙඩි, දුම්රිය පීල්ලට සවි කරන ආකාරය

රේල් වෙඩි, දුම්රිය පීල්ලට සවි කරන ආකාරය

සාම චෛත්‍යය - Peace Pagoda -බණ්ඩාරවෙල

මෙම සාම චෛත්‍යය පිහිටා ඇත්තේ, බණ්ඩාරවෙල නගරයේ සිට ඇටම්පිටිය මාර්ගයේ මල්වත්ත අයිස්ලැබේ තේ කර්මාන්ත ශාලාව ආසන්නයේ ඇති, පෙරහෙට්ටිය මාර්ගයේ කිලෝමීටර් 1/2 පමණ ගොස් දකුණට ඇති බොරළු මාර්ගයේ යා යුතුවේ. ජපන් සාම චෛත්‍ය පහක් ශ්‍රී ලංකාවේ ඉදි කර ඇත. ඒවා ශ්‍රී පාදයේ(නල්ලතන්නිය), බණ්ඩාරවෙල, වලපනේ, අම්පාර සහ ගාල්ල (උනවටුන) යන ස්ථාන වල ඉදි කර ඇත.

නිපොන්සාන් -මඕහෝජි නිකාය 1947 දී නිච්ඉඩාසුෆහී භික්ෂුව විසින් ආරම්භ කරන ලදී. එම භික්ෂුවගේ අනුගාමිකයන් විසින් 1982 දී බණ්ඩාරවෙල සාම චෛත්‍යය ඉදි කරන ලදී.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.07.31 දිනයි.

සාම චෛත්‍යය

සාම චෛත්‍යය

සාම චෛත්‍යය

එහි ඇති ඵලකයක්

සාම චෛත්‍යයේ ඇති බුදු පිළිමයක්

චන්ද්‍රකාන්ත පාෂාණය - මිහින්තලය

චන්ද්‍රකාන්ත පාෂාණය
 රන් වැටකින් වට කොට තිබේ.
සතර බුදු වරයාණන් වහන්සේලාගේම පාද ස්පර්ෂ ලත් ශිලා පලකයකී, මිහින්තලේ පිහිටි මෙම වන්ද්‍රකාන්ත පාෂාණය. එය රාත්‍රි සද රැසින් (රාත්‍රි ආලොකයෙන්) බැබලේ. ඒ නිසා එයට චන්ද්‍රකාන්ත පාෂාණය යැයි භාවිතා කරයි.

දේවානම්පියතිස්ස රජු
මෙම චන්ද්‍රකාන්ත පාෂාණය මතට මිහිදු මහරහතන් වහන්සේ, ශ්‍රී ලංකාවට වැඩිය ගමනේදී වැඩි සේක. එනම්, දේවානම්පියතිස්ස රජු මිහින්තලේදී මිහිදු මහා රහතන් වහන්සේව හමුවු ස්ථානය මෙයයි. මෙම චන්ද්‍රකාන්ත පාෂාණයට මදක් ඉදිරියෙන් චෛත්‍යය දෙසට වැදගෙන සිටින රාජ රුවකී. ඒ මිහිදු මහා රහතන් වහන්සේව රජුට හමුවන විට රජු සිටි ස්ථානයයි.

චන්ද්‍රකාන්ත පාෂාණය රන් වැටකින් වට කොට තිබේ.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.08 දිනයි.

Saturday, 20 June 2015

සතුටු දුපත - Pleasure Island - දඔුල්ල

දඹුල්ලේදී දඹුළු ඔය හරස් කර කිලෝමීටර් 2 1/2 ක පමණ වේල්ලක් ඉදි කර දඹුළු ඔය ජලාශය ඉදි කර ඇත. දඹුළු ඔය ජලාශයට ඉබ්බන්කටුව වැව යන නාමයද භාවිතා කරනු ලැබේ. දඹුළු ඔය ජලාශය මහවැලි ව්‍යාපෘතිය යටතේ ඉදි කරන්නට යෙදුනු මුල්ම ජලාශ වලින් එකකී. දඹුල්ල නගරයේ සිට කිලෝමීටර් 4කී.

දඹුළු ඔය ජලාශයේ මධ්‍යයට වන්නට පිහිටා ඇති දුපතකී සතුටු දුපත. එය අක්කරයක් හෝ අක්කර එක හමාරක පමණ භූමි භාගයක් වු දුපතකී. එම දුපතට ලගාවීම සදහා කිලෝමීටර් 2 ක් පමණ දුර බෝට්ටුවකින් යා යුතුය. ජලාශයේ බැම්ම ආසන්නයේ සතුටු දුපත බෝට්ටු සේවාව ඇත. සාධාරණ මුදලකින් එම බෝට්ටු සේවාව මගින් සතුටු දුපත වෙතට ලගාවිය හැක. එසේම ආහාරපාන සහ නවාතැන් පහසුකම් ද ඔවුනු වෙතින් ලබා ගත හැක. 

දෙස් විදෙස් සංචාරකයන් තම විවේකය ගත කිරිම සදහා දඹුල්ල සතුටු දුපත වෙත පැමිනේ.

සතුටු දුපත බෝට්ටු සේවාව
D.P. තලගල
වැව පාර, දඹුල්ල.
දුරකතනය:  066 2284145 / 071 4185285
ඡායාරූප 2015.05.19 දින.


සතුටු දූපත

සතුටු දූපත

සතුටු දූපත

සතුටු දූපතේ සිට පෙනෙන දර්ශණයක්

සතුටු දූපතේ සිට පෙනෙන දර්ශණයක්
දඹුළු ඔය ජලාශය


Thursday, 18 June 2015

G2-535 ප්‍රදර්ශණ දුම්රිය ඉංජිම - Locomotive Display

ශ්‍රී ලංකා දුම්රිය මිතුරන්ගේ සංගමය (Sri Lanka Rail Fans Society) විසින් දුම්රිය සමාන්‍යධිකාරි බී.ඒ.බී. ආරියරත්ත මහතා වෙත කරන ලද ඉල්ලීමක ප්‍රථිළුලයක් වශයෙන් 1951 දී ශ්‍රී ලංකාවට ආනායනය කරන ලද G2 - 535 ඩිසල් දුම්රිය එංජිමක් අළුත්වැඩියා කර 2011 අගෝස්තු මස 16 දින බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ ප්‍රදර්ශණයට තබා ඇත.

මෙම දුම්රිය ඉංජිම පිළිබදව සහ එම දුම්රිය එංජිම ලංකාවට ගෙන ඒම, සහ එය අළුත්වැඩියා කර බණ්ඩාරවෙලට ගෙන ඒම ආදි තොරතුරු www.railpagesrilanka.blogspot.com/p/projects.html යන වෙබ්/බ්ලෝග් අඩවියෙන් ඡායාරූප සහිතව දැක බලා ගත හැක.

G2-535 ප්‍රදර්ශණ දුම්රිය ඉංජිම
 - බණ්ඩාරවෙල

G2-535 ප්‍රදර්ශණ දුම්රිය ඉංජිම
 - බණ්ඩාරවෙල

G2-535 ප්‍රදර්ශණ දුම්රිය ඉංජිම
 - බණ්ඩාරවෙල

G2-535 ප්‍රදර්ශණ දුම්රිය ඉංජිම
 - බණ්ඩාරවෙල

G2-535 ප්‍රදර්ශණ දුම්රිය ඉංජිම
 - බණ්ඩාරවෙල

ඉබ්බන්කටුව ප්‍රාග් ඓතිහාසික සොහොන් බිම - Ibbankatuwa Ancient Burial Ground

කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ, දඹුල්ල නගරයේ සිට  කුරුණෑගල දෙසට කිලෝමීටර් 4 කින් හමුවන ඉබ්බන්කටුව හන්දියෙන් හැරි මීටර් 500 ක් පමණ ගිය පසු මෙම ස්ථානයට ලගාවිය හැක (මාර්ගය ආසන්නයේම පුවරුවක් සවි කර ඇත. එසේම දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයට පෙර).

මෙම ස්ථානයේ මීටර් 15 X 15 ක පමණ ප්‍රමාණයක ගල් පුවරු වලින් නිර්මිත සොහොන් ලැබ් 10 ක් දැක බලා ගත හැක. මෙම සොහොන් බිම ක්‍රි: පු: 750 - 400 පමණ අයත් යැයි පැවසේ.

ප්‍රාග් ඓතිහාසික සොහොන්

ප්‍රාග් ඓතිහාසික සොහොන්

ප්‍රාග් ඓතිහාසික සොහොන්

පිහිටිම