Saturday, 20 December 2014

බේකර්ස් දිය ඇල්ල (Baker's Waterfalls)- හෝර්ටන් තැන්න

බේකර්ස් දිය ඇල්ල නුවරඑළිය දිස්ත්‍රික්කයේ, පිහිටි හෝර්ටන් තැන්නේ පිහිටා ඇති ඉමහත් ප්‍රසිද්ධ දියඇල්ලකී. හෝර්ටන් තැන්න ප්‍රධාන පිවිසුමේ සිට කිලෝමීටර් 3 ක දුරින් බේකර්ස් දිය ඇල්ල පිහිටා ඇත. හෝර්ටන් තැන්න ප්‍රධාන පිවිසුමට ඔහිය දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 13 1/2 කී. එසේම පට්ටිපොල දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 14 කී.

බේකර්ස් දිය ඇල්ල මීටර් 20 ක් (අඩි 66ක්) උස් වන අතර වලවේ ගගේ ප්‍රධාන අතු ගංගාවක් වන බෙලිහුල් ඔය විසින් ‍‍බේකර්ස් ඇල්ල නිර්මාණය කෙරේ. මෙම දිය ඇල්ල බ්‍රිතාන්‍ය ජාතික සර් සැමුවෙල් බේකර්ස් ගේ නාමයෙන් නම් කර ඇත්තේ මෙම දිය ඇල්ල ඔහු විසින් සොයාගත් නිසාය. මෙම දිය ඇල්ල සර් සැමුවෙල් බේකර්ස් විසින් සොයා ගෙන ඇත්තේ 1845 වර්ෂයේදීය.

බේකර්ස් දිය ඇල්ල

බේකර්ස් දිය ඇල්ල

බේකර්ස් දිය ඇල්ල

බේකර්ස් දිය ඇල්ල

බේකර්ස් ඇල්ලට ඇති
පිවිසුම් මාර්ගය

බේකර්ස් ඇල්ලට ඇති 
පිවිසුම් මාර්ගය

බේකර්ස් ඇල්ලට ඇති 
පිවිසුම් මාර්ගය

බේකර්ස් දිය ඇල්ලට ආසන්නයේ
 බෙලිහුල් ඔය

බේකර්ස් දිය ඇල්ලට ආසන්නයේ
 බෙලිහුල් ඔය

බේකර්ස් දිය ඇල්ල

Friday, 19 December 2014

තල්දෙණ යකඩ පාලම (Taldena Steel Bridge)

බදුල්ල-මහියංගන මාර්ග‍ය ආසන්නයේ පිහිටා ඇති පැරණි ගම්මානයකී, තල්දෙණ. තල්දෙණ ගම්මානය ආසන්නයේ බදුල්ල-මහියංගන මාර්ගයේ පිහිටා ඇති ඉපැරණි පාලමකී, තල්දෙණ යකඩ පාලම. මෙම පාලම බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ඉදි කරන ලද්දක් වන අතර එවකට ශ්‍රී ලංකාවේ ආණ්ඩුකර සර් වෙස්ට් රිජ්වේ විසින් විවෘත කරන ලද්දකී. ( වර්තමානයේ (2014 දෙසැම්බර්) මෙම පාලම ආසන්නයේ රථ වාහන ධාවනය සදහා අලුතින් වෙනත් පාලමක් ඉදි කර ඇත්තේ පැරණි පාලම ඒ ආකාරයටම ඉතිරි වන්නටය).

තල්දෙණ යකඩ පාලම

තල්දෙණ යකඩ පාලම

තල්දෙණ යකඩ පාලම

තල්දෙණ යකඩ පාලම