Monday, 3 November 2014

වලල්හාගොඩ කතරගම් දේවාලය - ගම්පොල

වල්ලහගොඩ නම් ග්‍රාමය පිහිටා ඇත්තේ ගම්පොල නගරයේ සිට නාවලපිටිය මාර්ගයේය කිලෝමීටර් 1 1/2 ක් පමණ ගිය විටයි. මෙම කතරගම් දේවාලයට පිවිසීම සදහා වල්ලහගොඩ දුම්රිය වේදිකාව ආසන්නයට පැමිණ එහි ඇති මාර්ගයෙන් යායුතුයි. මෙම කතරගම් දේවාලය බෝහෝ පැරණි ස්ථානයක් බව පැවසේ. අරහත්වු මලියදේව මහාතෙරුන් වහන්සේ මෙම ස්ථානයට ආසන්නයේ ඇති ගල්ගුහාවක සමාධි සුවයෙන් කාලය ගත කර ඇති බවට පැවසෙන අතර ඒ වකවාණුවේදී මෙම ප්‍රදේශය හදුන්වා ඇත්තේ "වනවාසලගොඩ" වශයෙනී. පසු කාලයේ "වලහාගොඩ" වශයෙන් භාවිතයට පැමිණ ඇත. 

ගම්පොල හෙවත් ගගසිරිපුර මීට වර්ෂ 900 කට පමණ පෙර බුවනෙකබාහු නම් රජු විසින් තම රාජධානියේ ප්‍රධාන නගරය වශයෙන් භාවිතයට ගැනින. එක් දිනක් රජු තම අතෙහිවු කිරි භාජනය ලේ පාට වෙනවා (අව පැහැ ගැන්වීම)  දුටු නිසා ඒ පිළිබදව කතරගම දෙවියන්ගේ අදහස දැන ගැනීම පිණිස භාරයක් විය කතරගම දෙවියන් රජු ඉදිරියේ පෙනී සිට ‍ කතරගම දෙවියන්ගේ දුන්න හා ඊතලය ගසක හිරවු බවත් එම ස්ථානයේ දේවාලයක් ඉදි කර දෙන ලෙසත් කතරගම දෙවියන් පවසා ඇති බව මුඛපරම්පරා ගත පුවතකි. එම මෙම දේවාලයේ උපත බවද කියවේ.
ඡායාරූප ගන්නා ලද්දේ 2014.06.08 දින.

දේවාලයේ ප්‍රධාන දොරටුව

දේවාලයේ ප්‍රධාන දොරටුව
අභියස ඇති දෙරටුපාල රූපයක්

වල්ලහගොඩ කතරගම් දේවාලය

වල්ලහගොඩ කතරගම් දේවාලය

වල්ලහගොඩ කතරගම් දේවාලය

වල්ලහගොඩ කතරගම් දේවාලයේ
බස්නායක නිළමේ තොරතුරු

No comments:

Post a Comment