Sunday, 2 November 2014

ගම්පොල පැරණි පාලම

ගම්පොල පැරණි පාලම පිහිටා ඇත්තේ A-5 පේරාදෙණිය-චේන්කඩි ප්‍රධාන මාර්ගයේදී හමුවන ගම්පොල නගරයේය. බ්‍රිතාන්‍යයන් විසින් මහවැලි ගග හරහා ඉදිකරන ලද දෙවන පාලම මෙම පාලමයි.

ගම්පොල නගරය එවකට බ්‍රිතාන්‍යයන්ට වැදගත්වුයේ ගම්පොල අවට ඉතා සාරවත් කෝපී වගාවන් තැබුන නිසාය.

එදා මහවැලි ගග හරහා ඉදිවු පාලම සංගිලි පාලමකී (suspension bridge). ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යයන් විසින් ඉදි කරන ලද ප්‍රථම සංගිලි පාලම වුයේද මෙම පාලමයි. එම පාලම 1859 යේ ජනවාරි 01 දින එවක ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරයාවු වෝඩ් ආණ්ඩුකාරවරයා විසින් විවෘත කරන ලදී. මෙම පාලම ජල මට්ටමේ සිට අඩි 50 ක් උසින් සාදන ලද්දවු අතර එය අඩි 205 ක් දිගු වුවකී. එම පාලම වර්ෂ 59 ක් පුරාවට මහජන සේවයට කැපවිය.

1918 දී එම පැරණි සංගිලි පාලම වෙනුවට යකඩ වලින් නිර්මාණය කරන ලද අඩි 300 ක් දිගුවුත් අඩි 20 ක් පලලවුත් පාලමක්  සංගිලි පාලම වු ස්ථානයේ ඉදි කරන ලදී. මෙම යකඩ පාලම අඩි 150 ක් දිගුවු කොටස් දෙකකින් යුක්තයි.මෙම යකඩ පාලම 1926 වර්ෂයේ පෙබරවාරි මස 07 දින එවකට ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරයාව සිටි සර් හි්‍යුග් ක්ලිෆර්ඩ් විසින් විවෘත කරන ලදුව මෙම පාලම ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ජේ. ස්ටාචන් විසින් සහ එහි ඉංජිනේරු ජේම්ස් ග්රේ විසින් නිර්මාණය කරන ලද්දකී.

අද මෙම පාලම ආසන්නයේ නව පාලමක් ඉදි කර ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කර ඇතත් පැරණි යකඩ පාලම අදත් එහා දැක බලා ගත හැක.

ඡායාරූප ගන්නා ලද්දේ 2014.06.08 දින

ගම්පොල පැරණි පාලම ගම්පොල
 නගරයට පෙනෙන අයුරු

ගම්පොල පැරණි පාලම

ගම්පොල පැරණි පාලම

පැරණි   පහනක්

පැරණි   පහනක්

ගම්පොල පැරණි පාලම

No comments:

Post a Comment