Saturday, 1 November 2014

මාර්ටෙලෝ කුළුන - හම්බන්තොට

මාර්ටෙලෝ කුළුණ හම්බන්තොට නගරයේ පැරණි බලකොටුව තුල පිහිටා ඇත. (හම්බන්තොට තනායම ආසන්නයේ) මෙම කුළුණ 1803 දී බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් සාදන ලද්දකී. මෙහි වැඩ කටයුතු භාරව කටයුතු කර ඇත්තේ කපිතාන් ගෝපර් යන අයයි. මෙය අඩි 25ක් උස් වන අතර විෂ්කම්භය අඩි 40 කී. මෙය නිර්මාණය කර ඇත්තේ මුර අට්ටාලයක් සහ ආරක්ෂක බලකොටුවක් ලෙසයි.  මෙම කුළුණ අභ්‍යාන්තරයේ සිරකුටි සහ කාර්යාල කාමර ඇති අතර, මෙම මාර්ටෙලෝ කුළුණ වටා ඇතා සතරැස් කවුළු වල අධි බලැති දුර පෙනෙන කාච සවි කර තිබු බවට තොරතුරු දැනගන්නට ලැබී තිබේ. එසේම කුළුණ මුදුනෙහි  අංශක 360 පෙනෙන ආකාරයට ඉදි කර ඇති අතර එහි මුර අට්ටාලය පවත්වා‍ ගෙන ගොස් ඇත. 19 වන ශත වර්ෂයේ මුල් භාගයේදී මෙවැනි මාර්ටෙලෝ කුළුණු කිහිපයක් බ්‍රිතාන්‍ය යටත් විජිත රටවල ඉදි කර ඇති බව දැන ගන්නට ලැබේ.

ඡායාරූප ගන්නා ලද්දේ 2014.07.26 දිනයි.


No comments:

Post a Comment