Monday, 17 November 2014

ශාන්තිපුර (Santhipura) නැරඹුම් අට්ටාලය - නුවරළඑළිය

1959 දී නුවරළඑළියේ ඇති ඔලිෆන්ට් තේ වතු යායේ කොටසක්, එම තේ වත්තේ සේවකයන් වෙනුවෙන් බෙදා දෙන ලෙසට ඔලිෆන්ට් බාස්උන්නැහේ විසින් නුවරඑළියේ එවකට රජයේ ඉඩම් නිළධාරිතුමන්ගෙන් ඉල්ලීමක් කරන ලදී. ඔලිෆන්ට් බාස්උන්නැහේ පසු කාලයේදී නුවරඑළිය ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වු විලියම් ප්‍රනාන්දු මහතාය. ඔහුගේ ඉල්ලීම පිට (1959 දී) තේ වත්තේ සේවකයන් හට එම ඉඩම් කොටස් ලබාදී එම ජනාවාසය "නුවරඑළිය - ශාන්තිපුර" ලෙසට නම් තබන ලදී.

එම ශාන්තා පුර ගම්මානයේ පසු කාලයකදී නුවරඑළිය ප්‍රාදේශිය සභාව විසින් නැරඹුම් අට්ටාලයක් ඉදි කර ඇත්තේ, සංචාරකයන්ට අවට හාත් පස ඇති මනරම්වු දර්ශනය නැරඹිම සදහාය.
ඡායාරූප 2014.04.15 දින.

ශාන්තිපුර ගම්මානය

නුවරඑළිය නගරය

නුවරඑළිය නගරය

පිදුරුතලාගල කදුවැටිය

නුවරඑළිය නගරය

ගේගරි වැව, නුවරඑළිය නගරය
සහ හග්ගල කදු වැටිය

ගේගරි වැව, නුවරඑළිය නගරය

පිදුරුතලාගල කන්ද

පිදුරුතලාගල කන්ද

ගේගරි වැව, නුවරඑළිය නගරය
සහ හග්ගල කදු වැටිය

නුවරඑළිය නගරය

ශාන්තිපුර නැරඹුම් අට්ටාලය

ඕලිපන්ට්(Oliphant) තේ වතු යාය - නුවරළුළිය - ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ වත්ත

නුවරඑළිය දිස්ත්‍රික්කයේ, රම්බොඩ සහ නුවරඑළිය අතර ඔලිෆන්ට් (Oliphant) තේ වතු යාය පිහිටා ඇත. මෙම තේ වත්ත අපට ශ්‍රී ලංකිකයන්ට වැදගත් වන්නේ, ශ්‍රී ලංකාවට චීනයෙන් ගෙන්වන ලද ප්‍රථම තේ පැල 30 මෙම වත්තේ රෝපණය කරනු ලැබු නිසාය. මෙම තේ වත්ත එවකට අයත්ව සිටියේ බ්‍රිතාන්‍ය ජාතික ලෝරන්ස් ඔලිෆන්ට් (Lawrence Oliphant) ටය. සර් ඇන්ඩෘ ඔලිෆන්ට් සහ ඔහුගේ පුත්‍ර ලෝරන්ස් ඔලිෆන්ට අවශ්‍යාව තිබුනේ ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ වැවිල්ල ආරම්භ කිරිමය. ඔවුන් තේ පැල 30ක් චීනයෙන් ගෙන්වීමත් සමගම මෙම තේ වත්ත ආරම්භ කරන ලදී. එහෙත් ඔවුන් බලාපොරොත්තු වු පරිදි සාර්ථක තේ වගාවක් ලබා ගත නොහැකි විය. 1876 දී ජේම්ස් ටෙලර් විසින් සාර්ථක ලෙස  තේ වගාවක් ආරම්භ කරන තෙක් එවකට සිටි කිසිවෙකුට හෝ සාර්ථක ප්‍රථිළුල ලබා ගත නොහැකිවිය.

සර් අන්ඩෘ ඔලිෆන්ට් 1830 දී ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන විනිශ්චයකාරතුමා වශයෙනී. 1830 වර්ෂයේදීම ඔහු නයිට් නම්බු නාමයෙන්ද පිදුම් ලැබුහ. 1841 දී ඔහුගේ බිරිද සහ පුතා ලෝරන්ස් ඔලිෆන්ට් ද ශ්‍රී ලංකාවට පැමිණියේය. 1851 දී ලෝරන්ස් ඔපිෆන්ට් නැවත එංගලන්තයට ගියේය.

1874 වන විට ඔලිෆන්ට් තේ වත්ත අක්කර 827 ක් දක්වා ව්‍යාප්තව තිබිණ. එහි ඒ වන විට අයිතිකරැ වුයේ හර්බට් බෲක්ස් සහ හෙන්ර් බෲක්ස්ය (Herbert and Henry Brooks).

ඕලිපන්ට් තේ කර්මාන්ත ශාලාව

ඕලිපන්ට් වත්ත

Thursday, 13 November 2014

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මුලීක පිල් ලකුණ - බෙරගල

ශ්‍රී ලංකා  මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ උස නිර්ණය කිරිමේදී ස්ථාපනය කරන ලද මුලීක පිල් සලකුණු (Foundamental Bench Mark) ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකම දක්නට ලැබේ. එම එක් ස්ථානයක් බෙරගල හන්දියේ පිහිටුවා ඇත. බෙරගල හන්දියේ කඩමණ්ඩිය ආසන්නයේ මෙය ස්ථාපනය කර ඇත.

ශ්‍රී ලංකා  මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මුලීක පිල් සලකුණු ඇති වෙනත් ස්ථාන අතර මහනුවර දීගන (www.trips.lakdasun.org/) සහ දෙවුන්ද තුඩුව පෙන්වා දිය හැක. දෙවුන්දර තුඩුවේ පිහිටා ඇති මෙම සලකුණ පිලිබදව ඡායාරූප සදහා www.studiotimesimagearchive.blogspot.com/2009_06_01_archive.html  www.serendib.btoptions.lk/article.php?issue=14&id=326#image-7

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මුලීක පිල් සලකුණු
 -බෙරගල හන්දිය

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මුලීක පිල් සලකුණු
 
-බෙරගල හන්දිය

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මුලීක පිල් සලකුණු
 -බෙරගල හන්දිය

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මුලීක පිල් සලකුණු
 -බෙරගල හන්දිය

-බෙරගල හන්දිය

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මුලීක පිල් සලකුණු
 -බෙරගල හන්දිය

-බෙරගල හන්දිය

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේමුලීක පිල් සලකුණු
- දෙවුන්ද තුඩුව



Wednesday, 12 November 2014

ගාල්ල කොටුව ප්‍රදීපාගාරය

ගාල්ල කොටුව තුල 1848 දී ප්‍රදීපාගාරයක් ඉදි කර ඇත. එහෙත් අද එම පැරණි ප්‍රදීපාගාරය දක්නට නැත. එම ප්‍රදීපාගාරය ගින්නකින් මුළුමනින්ම විනාශ වී ඇත. එහෙත් 1939 දී අද දක්නට ලැබෙන ප්‍රදිපාගාරය සාදා නිම කර ඇත. එය අඩි 87 (මීටර් 26.5) ක උසින් යුත්තවේ.


දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරය

දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරය ශ්‍රී ලංකාවේ දක්ෂිණ අග්‍රය වන දෙවුන්දර තුඩුවේ පිහිටා ඇත. මෙම ප්‍රදීපාගාරය වරාය හා නාවුක කටයුතු අධිකාරිය යටතේ පාලනයවේ. මෙම ප්‍රදීපාගාරය ශ්‍රී ලංකාවේ ඇති උසින් වැඩිම ප්‍රදීපාගාරයවේ. එය 1889 දී සර් ජේම්ස් නිකලස් ඩග්ලස් විසින් නිර්මාණය කරන ලදුව විලියම් ඩග්ලස් විසින් "ඉම්පීරියල් ප්‍රදීපාගාර සේවය" නම් ආයතනය මගින් සාදන ලදී. උසින් අඩි 161 (මීටර් 49) කී. මෙම ප්‍රදිපාගාරය අෂ්ඨාකාර හැඩයකට සාදා ඇත. මෙහි ඇති විදුලි බල්බය මගින් රාත්‍රි කාලයට සෑම තත්පර 5 කටම ධාරාවන් නිකුත් කරනු ලබන අතර එය නාවුක සැතපුම් 28 ක් දුරට විහිදි යනු ලැබේ.

දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරය

දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරය
සමරු මුද්දරය

දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරය

Tuesday, 11 November 2014

කැප්පෙටිපොල බලකොටුව

කැප්පෙටිපොල නගරය පිහිටා ඇත්තේ වැලිමඩ සිට කිලෝමීටර් 6 ක් දුරිනි. කැප්පෙටිපොල නගරයේ, කැප්පෙටිපොල තැපැල් කාර්යාලය ආසන්නයේ මෙම කැප්පෙටිපෙලෙ බලකොටුව පිහිටා ඇත. කැප්පෙටිපොල බලකොටුව ලන්දෙසින් විසින් සාදන ලද්දකී. පසුව එය බ්‍රිතාන්‍යයන් විසින් භාවිතයට ගැනින. 1818 කැරැල්ලේදී මෙම බලකොටුව, බ්‍රිතාන්‍යයන්ට ඉමහත්වු රැකුලක්වු ස්ථානයක් විය. ඉන් පසු කාලයේදී බ්‍රිතාන්‍යයන් විසින් මෙම ස්ථානය ඉස්තාලයක් වශයෙන් භාවිතයට ගන්නා ලදි. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස්වු පසු එහි රෙදි විවීමේ මධ්‍යස්ථානයක් රජය විසින් දැනට පවත්වා ගෙන යනු ලැබේ.
ඡායාරූප ගන්නා ලද්දේ 2014.04.15 දිනයි.

කැප්පෙටිපෙලෙ බලකොටුව

කැප්පෙටිපෙලෙ බලකොටුව

කැප්පෙටිපෙලෙ බලකොටුව

Tuesday, 4 November 2014

රාවණා යුගයට සබැදි උමගයක් හා ගුවන් පථයක් හපුතලේ ??

රාවණා යුගයට සම්බන්ධ බව පෙනෙන උමගයක් සහ ගුවන් පථයක සළකුණු හපුතලේ ඇති බව ඔබ දැන ගැනීමෙන් මවිත වනු ඇත. මෙම ස්ථානය පිහිටා ඇත්තේ හපුතලේ නගරයට නැගෙනහිර දෙසට වන්නට පිහිටා ඇති හපුතලේ කදුවැටියේ උසම ස්ථානයේය. මෙම ස්ථානයට ලගාවීම සදහා තොටලාගල තේ වතු යායේ තේ කර්මාන්ත ශාලාව ආසන්නයේ ඇති මාර්ගයේ කිලෝමීටර් 6ක් පමණ දුෂ්කර ගමනකින් පසු  තේ වත්ත මැදින් ඇති දුෂ්තර මාර්ගයේ තවත් කිලෝමීටරයක් පමණ ඇවිද ගෙන යා යුතුයි.

මෙම ස්ථානයේ ඇති ගුහාව පොලොව මට්ටමට වඩා යටින් පිහිටා ඇත. ගුහාවට පිවිසීම සදහා කඹයක් ආධාරයෙන් එහි බැසිය යුතුයි. මීටර් 2 1/2 ක් පමණ පලල් වන ගුහා කට මීටර් 4ක් පමණ උසයි. කිසිදු පැකිලීමකින් තොරව අශ්වයෙකුගේ පිටෙහි නැග මෙම ගුහාව තුලටම ගමන් කිරිමේ පහසුව තිබේ. එසේම උමගයට උඩින් අඩි 20 ක් පමණ දුරින් අඩි 200 - 300 පමණ දිගු හා අඩි 50 ක පමණ ප්‍රදේශයක් ගල් අතුරා ඇති බව පෙන්නුම් කෙරෙන අතර සමහර ස්ථානවල ඒවා උමගය තුලට ගිලා බැස ඇත.

මෙම උමගයට ආසන්නයේ අඩි 50ක් පමණ පලල කිලෝමීටරයක් පමණ දුරට විහිදෙන ගල් තලාවකී. බුදු බැල්මට මෙය කන්ද උඩ පිහිටියාවු මාර්ගයක් ලෙසට පෙනේ. මෙය හපුතලේ කන්දේ එක් අන්තයකින් පටන්ගෙන තොටලාගල දෙසට ඇති බෑවුම ආසන්නයෙන් මෙය අවසන්වේ. මෙම අඩි 50 ක් පමණ පලල කිලෝමීටරයක් පමණ දිගු ගල්තලාව රාවණා රජුගේ දඩුමොණරය ගුවන් ගත කරන ලද හා නැවත ගොඩ බාන ලද ගුවන් පථයක් ලෙසට පැරන්නන් මා සමග පැවසුහ.

එසේම මෙම ස්ථානයේ ඇති උමගය රාවණා ඇල්ල පිහිටි රාවණා උමගයටත්. ස්ත්‍රිපුර පිහිටි උමගයටත් සම්බන්ධකම් ඇතැයි පැවසෙන අතර තැන තැන හමු වන කුඩා උමග ( බණ්ඩාරවෙල නායබැද්ද අයි.ටී.න්. කුළුන පිහිටි කන්දේ ඇති ගුහාව, බණ්ඩාරවෙල කපුටු ගල පිහිටි උමගය වැනි) ඒවා මෙම උමං පද්ධතිය සදහා වාතාශ්‍රය එනම් සුවභාවික ලෙස වායු සමනය කිරිම සදහා වාතාශ්‍රය ලබා දුන් තැන් ලෙසටත් හදුනා ගත හැක.

එමෙන්ම උමගය තුල දඩුමෙණෙරය ආරක්ෂිතව නවත්වා ඇති බව උමගය උඩින් වසා ඇති විශාල ගල් පතුරු වලින් පෙනී යයි. මෙම ස්ථානයට අවට සියළුම ප්‍රදේශ හොදාකාරවම දර්ශනය වේ. එක් පසෙකින් හොර්ටන් තැන්න දෙසටත්, අනෙක් පසින් බලංගොඩ කල්තොට දෙසටත් අනෙක් පසින් නමුණුකුලත් තවත් පසෙකින් වැලිමඩ සහ ස්ත්‍රිපුර කන්ද දෙසත් හොදික් පෙනේ.

මාගේ විශේෂ ස්තුතිය හපුතලේ  තාර්තිෂ් සුරේෂ් මැතිතුමාට

ඡායාරූප 2014.05.02 දින.

මෙම ස්ථානයට  යෑම විශේෂයෙන්ම අනතුරු දායක බව කිව යුතුමයි.

උමගය

උමගය

උමගය

උමගයේ මුදුන

උමගයේ මුදුන

උමගයේ මුදුන

උමගයේ මුදුන

අවට දර්ශණයක් - හපුතලේ ගම ප්‍රදේශය

රාවණාගේ ගුවන් පථයේ නටඹුන්

අවට දර්ශණයක් - දඹේතැන්න දෙසට

හපුතලේ කදු මුදුන

හපුතලේ කදු මුදුන

හපුතලේ කදු මුදුන -
කොළඹ පාරට දිස් වන අයුරු

රාවණාගේ ගුවන් පථයේ නටඹුන්

රාවණාගේ ගුවන් පථයේ නටඹුන්

රාවණාගේ ගුවන් පථයේ නටඹුන්

රාවණාගේ ගුවන් පථයේ නටඹුන්

එහි ඇති කුඩා පොකුණ

රාවණාගේ ගුවන් පථයේ නටඹුන්

එහි ඇති දේවස්ථානයක්

එහි ඇති දේවස්ථානයක්

එහි ඇති දේවස්ථානයක්