Friday, 31 October 2014

ඉපැරණි ගල් රෝලක් - බණ්ඩාරවෙල

ඉතා පැරණි බ්‍රිතාන්‍ය සමයේ ශ්‍රී ලංකාවේ සේවයේ යොදවා ගත් ඉපැරණි ගල් රෝලක් බණ්ඩාරවෙල දියතලාව මාර්ගයේ කහගොල්ල නම් ස්ථානයේ ඇති රජයේ යන්ත්‍රෝපකරණ වැඩපොලෙහි ප්‍රදර්ශණයට තබා ඇත. එය එංගලන්තයේ Aveling & Porter  නම් සමාගමේ නිෂ්පාදනයකී.

ඡායාරූප ගන්නා ලද්දේ 2014.05.01 දිනයි.





පැරණි එල්ලුම් ගස - හම්බන්තොට

පරණි එල්ලුම් ගසක නටඹුන් හම්බන්තොට නගරයේ පරණි බලකොටුව ආසන්නයේ දැක බලා ගත හැක. මෙය බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදි කරන ලද්දකී.

ඡායාරූප ගන්නා ලද්දේ 2014.07.26 දින.



පැරණි ප්‍රදීපාගාරය - හම්බන්තොට

හම්බන්තොට පැරණි කචිචේරිය ආසන්නයේ ඇති මාර්ටෙලෝ කුළුණ ආසන්නයේ මෙම පැරණ් ප්‍රදීපාගාරය පිහිටා ඇත. මෙම ප්‍රදීපාගාරය 1913 දී පමණ ආරම්භ කර ඇත. අද (2014) වන විට මෙම ප්‍රදීපගාරය භාවිතයෙන් ඉවත් කර ඇත. මෙය අඩි 43 ක් එනම් මීටර් 14 ක් පමණ උසවන අතර, මෙහි ආලෝකය අඩි 50 ක් දක්වා විහිදි ගිය බව දැනගන්නට ලැබේ. එසේම මෙම ප්‍රදීපාගාරය ඈතට දිස්වන්නේ කළු සහ සුදු වෛරම් ආකාරයෙනී.

ඡායාරූප ගන්නා ලද්දේ 2014.07.26 දින.



ප්‍රදීපාගාරයේ අභ්‍යාන්තරය

Thursday, 30 October 2014

ශ්‍රී ලංකාවේ ඇති උසම සැතපුම් කණුව

අද දුර මැනීම සදහා කීලෝමීටර් භාවිතයට ගැනුනත් මීට දශක කිහිපයකට පෙර දුර මැනීම සදහා සැතපුම් එම් ඒකකය භාවිතයට ගැනින. බ්‍රිතාන්‍යයන්ගේ පාලන සමයේදී ශ්‍රී ලංකාවේ විධිමත් ලෙස මාර්ග සංවර්ධන කටයුතු ආරම්භ කෙරිනි. එම මාර්ග  පද්ධතියේ ප්‍රථමයෙන්ම ඉදි කරන ලද්දේ කොළඹ සිට මහනුවර දක්වා වු මාර්ගයයි. එම මාර්ගය අද A-1 මාර්ගය ලෙසට හදුන්වනු ලබන අතර, කොළඹ සිට ගාල්ල දක්වා මුහුදු බඩ මාර්ගය තිබුනත් එම මාර්ගය කොළඹ සිට වැල්ලවාය දක්වා සංවර්ධනය කර A-2 මාර්ගය ලෙසට නම් කරනු ලැබුහ.

A-2 මාර්ගයේ ඇති සැතපුම් 103 සැතපුම් කණුව ශ්‍රී ලංකාවේ දැනට ඇති උසම සැතපුම් කණුව ලෙසට හදුනාගෙන ඇත. එය පිහිටා ඇත්තේ දෙවුන්දර නගරයේය.  දේවුන්දර නගරයේ සිට කිලෝමීටරයක් පමණ මාතර දෙසට වන්නට, දෙවුන්දර ලංකා බැංකු ශාඛාවට ඉදිරියේ පාරේ අනෙක් පැත්තේ මෙය පිහිටා ඇත.

ඡායාරූප ගන්නා ලද්දේ 2014.07.27 දිනයි.