Tuesday, 24 September 2013

පීස්ස දිය ඇල්ල - ලුණුගල

පීස්ස දිය ඇල්ල වුකලී බදුල්ල දිස්ත්‍රික්කයේ, ලුණුගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් අඩි 200 ක් පමණ උස්වු දිය ඇල්ලකී. මෙම දිය ඇල්ල පස්සර නගරයේ සිට ලුණුගල මාර්ගයේ කිලෝමීටර් 10 ක් පමණ පැමීණිමෙන් පසුව හමුවන පීස්ස මං සන්දියේ සිට දකුණු අත දෙසට ඇති කාපට් යෙදු මාර්ගයේ කිලෝමීටර්  4 1/2 ක් පමණ ගොස්, එහිදි හමුවන පඩිපෙලක් ආධාරයෙන් කන්ද බැස එහිදී ද හමුවන කොන්ක්‍රීට් ඇල මාර්ගය දිගේ දකුණ දෙසට ගොස් හමුවන කුඩා විදුලි බලාගාරය ආසන්නයෙන් ගොස්, ඇල මාර්ගය නිසා කඩා හැලෙන කුඩා දිඇල්ල (අඩි 20 ක් පමණ උස) ආසන්නයේ ඇති පඩිපෙල දිගේ නැවත කන්ද පහලට යායුතු අතර, එම පඩි පෙල අවසන් වන්නේ පීස්ස දිය ඇල්ල ආසන්නයෙනි.

මෙම පීස්ස දි ඇල්ල වර්තමානයේ ප්‍රසිද්ධියට පත්වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති ගරු ඩි. එස්. සේනානායක මැතිතුමාගේ රජය මගින් ගග හරස් කර වාරි කර්මාන්තයක් "පීස්ස" නමින් ක්‍රියාත්මක කරවීමෙන් පසුවයි.

ඉතා අලංකාර දිය ඇල්ලක් වන මෙය නැරඹිම සදහා ඌව පලාතේ සංචාරක අමාත්‍යාංශය විසින් ආරක්ෂිත නැරඹුම් අට්ටාලයක්ද සදා ඇත. දිය ඇල්ල පිහිටි පර්වයේ මැද ගල් ලෙනකී. එය සෘෂි ලෙන වශයෙන් හැදින්වේ. එහි පුරාණ කාලයකදී හිමාල‍ වනයේ සිට පැමිණි සෘෂිවරයෙක් මෙහි වාසය කල බවට ජන ප්‍රවාදයේ කියැවේ.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.08.16 දිනයි.


පීස්ස දිය ඇල්ල

පීස්ස දිය ඇල්ල

පීස්ස දිය ඇල්ල

පීස්ස දිය ඇල්ල

නරඹුම් අට්ටාලය

දිය ඇල්ල වෙත පිවිසීමට ඇති මාර්ගය

දිය ඇල්ල වෙත පිවිසීමට ඇති මාර්ගය

වේවැල් පදුරක්

ජල උල්පතක්

දිය ඇල්ල වෙත පිවිසීමට ඇති මාර්ගය

පීස්ස ගම විදුලි බලාගාරය

පීස්ස ගම විදුලි බලාගාරය

පීස්ස ගම විදුලි බලාගාරය

දිය ඇල්ල වෙත පිවිසීමට ඇති මාර්ගය

ශ්‍රී මුරුගන් කෝවිල, කෙසෙල් වත්ත

සුමනපාල මහතා
072 8579332



Monday, 23 September 2013

මාර්ටින් වික්‍රමසිංහ මහතා කලක් ජීවත්වු බණ්ඩාරවෙල නිවස

හෙලයේ මහා ගත් කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාට අයත්ව තිබු නිවසක් බණ්ඩාරවෙල, බිදුණුවැව, බදුළුගස්තැන්න නම් ස්ථානයේ ඇත. එම නිවසේ සිට මාර්ටින් වික්‍රමසිංහ මහතා පොත් පත් කිහිපයක් ලියා ඇති අතර, එතුමා වීඩාව සන්සිදුවා ගැනීම පිණිස විවේකය ගත කිරිම සදහාද මෙම නිවස භාවිතයට ගෙන ඇත.

ඡායාරූප ගන්නා ලද්දෙ 2013.09.11 දිනයි.

නිවස

නිවස

Sunday, 22 September 2013

වැදි නායක වන්නකු තිසාහාමිගේ සොහොන් කොත - බදුල්ල

වන්නකු තිසාහාමි නිල්ගල වැදි නායකයා වශයෙන් සිටි අයයි. මෙම වැදි නායක වන්නකු තිසාහාමි, දොස්තර ආර්. එල්. ස්පිට්ල් මහතා වැද්දන් ගැන කරන ලද ගවේෂණයේදී ඉමහත් සේවයක් කල පුද්ගලයෙකී. වන්නකු තිසාහාමි නිල්ගල වැදි නායකයා වශයෙන් ඉමහත් ප්‍රසිද්ධියට පත්ව සිටියත් ඔහු ඉමහත් දාමරිකයෙකු, සැහැසියකු වශයෙන් දාමරිකකම්, සැහැසීකම් රාශියක් සිදු කිර්ම නිසා සහ ගංජා හේනක් පවත්වා ගෙන ගිය නිසා උසාවිය මගින් වරෙන්තු ලබා සිටියෙකී. පසුව ඔහු පොලිසියට භාරවී, බදුල්ලේ පිහියා ඇති බණ්ධනාගාරයේ සිරදඩුවම් විද 1950 අගෝස්තු මස මිය ගියේය. 

තමාට තල සේවය වෙනුවෙන් දොස්තර ආර්. එල්. ස්පිට්ල් මහතා මෙම වැදි නායකයාගේ දේහය භාරගෙන බදුල්ල පොදු සුසාන භූමියේ මිහිදන් කර සොහොන් කොතක් මෙසේ තනා ඇත. මෙම සොහොන් කොත 2002.11.22 දින අංක 1264 දරණ ගැසට් පත්‍රය මගින් පුරා විද්‍යා ආරක්ෂිත ස්මාරකයක් වශයෙන් නම් කර ඇත.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.08.12 දිනයි.


වැදි නායක වන්නකු තිසාහාමිගේ
 සොහොන් කොත

වැදි නායක වන්නකු තිසාහාමිගේ
 සොහොන් කොත

වැදි නායක වන්නකු තිසාහාමිගේ
 සොහොන් කොත

Thursday, 12 September 2013

අශ්චාර්ය පොල් පදුර - කතරගම

කතරගම, පුජා භූමියෙහි, මැණික් ගග ඉස්මත්තේ කතරගම මුස්ලිම් දේවස්ථානය නම්න් හැදින්වෙන මුස්ලිම් දේවස්ථානයක් ඇත. මෙම දේවස්ථානයට 2001 සැප්තැම්බර් මස 01 දින අල්හාජ් - එම්.ආර්. මොහොමඩ් මහතා විසින් එකම පොල් ගෙඩියකින් හටගත් අංකුර තනක් සහිත පොල් පදුරක් පරිත්‍යාග කර ඇත. එය අද මෙලෙස දැක ගත හැක.

ඡායාරෑප ගන්නා ලද්දේ 2013.09.02 දින.

අශ්චාර්ය පොල් පදුර

අශ්චාර්ය පොල් පදුර

Wednesday, 11 September 2013

වර්ෂ 130 ක් පැරණි වයස මාස 9 ක් වයසැති දරුවාගේ සොහොන් කොත

තිස්සමහාරාම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් තිස්ස වැව් කණ්ඩිය ආසන්න්ය්, 1883 දී ඉදිකර ඇති පිරමිඩාකාර සෙහොන් කොතක් දක්නට ලැබේ. එය ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය පාලන සමයේ වාරි ඉංජිනේරැවෙක් වු එච්. පාකර් මහතාගේ වයස මාස 9 ක් වියැති ළදරුවා මැලේරියා රෝගයෙන් මරණුවට පත්වීමෙන් පසු එම දේහය මිහිදන් කර තනා ඇති සොහොන් කොතයි. ළදරුවාගේ නම එච්. එම්. පාකර්ය.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.09.02 දිනයි.

තිස්ස වැව

තිස්ස වැව

එහි ඇති ඵලකයක්

එහි ඇති ඵලකයක්

සොහොන් කොත