Monday, 19 August 2013

බේසම් වල - ලුණුගල

ලුණුගල නගරයේ සිට A5 මාර්ගයේ පස්සර දෙසට පැමිණිමේදී කීනගොඩ මංසන්දිය, නම් හන්දිය හමුවේ. (මාර්ගයේ 169/2 බොක්කුව ආසන්නයේ) මෙම මං සන්දියේ විශාල බෝධියක් සහිත ස්ථානයකී. මෙම මං සන්දියේ සිට මහදෝව කොන්ක්‍රිට් මාර්ගයේ කිලෝමීටර් 2 ක් යායුතුයි.මෙම කොන්ක්‍රිට් මාර්ගය ආරම්භ වෙත්ම මාර්ගය දෙකට බෙදෙන බැවින් එම මාර්ග දෙකෙන් වමට ඇති  මාර්ගයේ යන්න. එම මාර්ගයේ ගොස් පලමුවෙන් හමුවන කුඩා පාලම අසලින් (පාලමට වම් පසින් ඇති) පඩිලපල දිගේ මදක් උඩට  ගිය විට යපම්ම බේසම් වල හමුවේ. ආරක්ෂිතව දිය නෑ හැකි ස්ථානයක් ලෙසට ප්‍රසිද්ධ ස්ථානයකී.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.08.16 දිනයි.

යපම්ම බේසම් වල

යපම්ම බේසම් වල

යපම්ම බේසම් වල

යපම්ම බේසම් වල අවට

යපම්ම බේසම් වල අවට

යපම්ම බේසම් වල අවට

යපම්ම බේසම් වල අවට

යපම්ම බේසම් වල අවට

යපම්ම බේසම් වල අවට

කීනගොඩ මං සන්දිය

කීනගොඩ මං සන්දිය

බිමල් එරංග


Tuesday, 13 August 2013

ඇටම්පිටිය (කොටුගොඩැල්ල) බලකොටුව

බදුල්ල දිස්ත්‍රික්කයේ, හාලිඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ඇටම්පිටියේ පිහිටා ඇති ස්ථානයකී, කොටුගොඩැල්ලේ පෘතුගිසි බලකොටුව.මෙම ස්ථානයට පිවිසිම සදහා ඇටම්පිටියේ රජයේ රෝහල  ආසන්නයේ ඇති කොන්ක්‍රිට් මාර්ගයේ ගොස්, හමුවන බොරළු මාර්ගයේ යා යුතුයි. ප්‍රධාන මාර්ගයේ සිට 3/4 පමණ දුරකී.

කදු ගැටයක් මුදුනෙහි මෙම ස්ථානය පිහිටා ඇත. දැනට මෙහි ඇත්තේ අත්තිවාරම පමණි. මෙම ස්ථානයට අවට හාත්පසම හොදින් දර්ශනයවේ. ඇටම්පිටිය ආශ්‍රිත ප්‍රදේශයේ දී සිංහල සටන්කාමී හමුදාව සහ පෘතුගිසින් අතර දැඩිව සටන් පැවතුනු ප්‍රදේශයකී. එසේම එඩිතර විරෝධාර සිංහල හමුදාව විසින් පරංගී හමුදාවේ සෙබළු මරා විසි කල ස්ථානය "පරංගී ඇල්ල" නමින් අදත් භාවිතාවේ.

2002.11.22 අංක 1264 දරණ රජයේ ගැසට් පත්‍රය මගින් බදුල්ල දිස්ත්‍රික්කයේ ඇති පුරාවිද්‍යා ස්මාරකයක් ලෙසට මෙම කොටුගොඩැල්ලේ පෘතුගිසි බලකොටුව ප්‍රකාශයට පත් කර ඇත.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.08.04 දිනයි.

කොටුගොඩැල්ලේ පෘතුගිසි බලකොටුව අද
දක්නට ඇත්තේ එහි අත්තිවාරම පමණි

කොටුගොඩැල්ලේ පෘතුගිසි බලකොටුව අද
දක්නට ඇත්තේ එහි අත්තිවාරම පමණි

කොටුගොඩැල්ලේ පෘතුගිසි බලකොටුව අද
දක්නට ඇත්තේ එහි අත්තිවාරම පමණි

කොටුගොඩැල්ලේ පෘතුගිසි බලකොටුව අද
දක්නට ඇත්තේ එහි අත්තිවාරම පමණි

කොටුගොඩැල්ලේ පෘතුගිසි බලකොටුව අද
දක්නට ඇත්තේ එහි අත්තිවාරම පමණි

කොටුගොඩැල්ලේ පෘතුගිසි බලකොටුව අද
දක්නට ඇත්තේ එහි අත්තිවාරම පමණි

කොටුගොඩැල්ලේ පෘතුගිසි බලකොටුව අද
දක්නට ඇත්තේ එහි අත්තිවාරම පමණි

කොටුගොඩැල්ලේ පෘතුගිසි බලකොටුව අද
දක්නට ඇත්තේ එහි අත්තිවාරම පමණි

කොටුගොඩැල්ලේ පෘතුගිසි බලකොටුව අද
දක්නට ඇත්තේ එහි අත්තිවාරම පමණි

කොටුගොඩැල්ලේ පෘතුගිසි බලකොටුව අද
දක්නට ඇත්තේ එහි අත්තිවාරම පමණි


Sunday, 11 August 2013

ඇටම්පිටිය පුරාණ අම්බලම

ඇටම්පිටිය නගරයේ සිට බදුල්ල මාර්ගයේ කිලෝමීටර් 1/2 ක් පමණ ගිය විට හමුවන අම්බලම හන්දියේ, මෙම ඇටම්පිටිය පුරාණ අම්බලම පිහිටා ඇත.

මෙම අම්බලම 2005.07.08 දින අංක 1401 දරණ ගැසට් පත්‍රය මගින් බදුල්ල දිස්ත්‍රික්කයේ, හාලිඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පුරාවිද්‍යා ස්මාරකයක් ලෙසට ප්‍රකාශයට පත් කර ඇත.

මෙම අම්බලම පිහිටි හන්දියෙන් වමට ඇති මාර්ග‍ය බෝගොඩ රජ මහා විහාරස්ථානය සහ බෝගොඩ ලී පාලම සහ කැටවල අම්බලම වෙත ප්‍රවිෂ්ඨවීම සදහා ඇති කෙටිම මාර්ගයකී.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.08.03 දිනයි.

Friday, 9 August 2013

හී ගස - ඇටම්පිටිය

බදුල්ල දිස්ත්‍රික්කයේ, හාලිඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, ඇටම්පිටිය-බණ්ඩාරවෙල මාර්ගයේ; ඇටම්පිටිය නගරයේ සිට කිලෝමිටරයක් පමණ දුරින් පිහිටා ඇති අඹ ගසක් "හී ගස" නමින් හැදින්වේ. ඒ ආසන්නයේම ඇත්තේ බෝධියකී. එම බෝ ගස බදුල්ල-මහනුවර ඉපැරණි රජ මාවතේ පිහිටා ඇති බෝගසකී. පණිවිඩ යැවිමේ ක්‍රමයක් වශයෙන් " ඊ තලයේ" පණිවිඩ ගැට ගසා යැවිමේ කාලයේදී,  මෙම අඹ ගස ඉලක්ක කර පණිවිඩ සහිත ඊතලය විද ඇත. ඉන් අනතුරුව මෙම ස්ථානයේ සිට අනෙක් ස්ථාන වලට එය නැවත යවා ඇත. එය පාදක කර ගෙන අදත් මෙම රුක්ෂ අඹ ගස "හී ගස" ලෙසට හැදින්වේ.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.08.03 දිනයි.

ඇටම්පිටිය පුරාණ ජල විදුලි බලාගාරය

බදුල්ල දිස්ත්‍රික්කයේ, වැලිමඩ-ඇටම්පිටිය මාර්ගයේ කිලෝමීටර් 99 කණුව ආසන්නයේ එනම්  එම මාර්ගයේ 99/8 දරණ පාලම අභියස මෙම ස්ථානය පිහිටා ඇත. මෙම ඇටම්පිටියේ පුරාණ ජල විදුලි බලාගාරය, ඇටම්පිටිය තේ කර්මාන්තශාලාවට අයත්වුවකී.

ශ්‍රී ලංකාවට ජල විදුලි බලය හදුන්වා දීමට පෙර බ්‍රිතාන්‍යයන් විසින් ස්ථාපනය කර ඇති මෙම ජල විදුලි බලාගාරයෙන් අදටත් විදුලිය උත්පාදනය කරයි. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යයන් විසින් ඉදි කරන ලද පැරණි ජල විදුලි බලාගාර වලින් එකකී.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.08.03 දිනයි.

විදුලිබලාගාරයට ජලය ගෙන එන ඇල මාර්ගය

විදුලිබලාගාරයට ජලය ගෙන එන ඇල මාර්ගය

විදුලිබලාගාරයට ජලය ගෙන එන ඇල මාර්ගය

විදුලිබලාගාරයට ජලය ගෙන එන ඇල මාර්ගය

විදුලිබලාගාරයට ජලය ගෙන එන ඇල මාර්ගය

විදුලිබලාගාරයට ජලය ගෙන එන ඇල මාර්ගය

විදුලිබලාගාරයට ජලය ගෙන එන ඇල මාර්ගය

විදුලිබලාගාරයට ජලය ගෙන එන ඇල මාර්ගය

විදුලිබලාගාරය

විදුලිබලාගාරය

විදුලිබලාගාරය

විදුලිබලාගාරයට ජලය ගෙන එන ඇල මාර්ගය

විදුලිබලාගාරය

විදුලිබලාගාරය

විදුලිබලාගාරය

විදුලිබලාගාරය

විදුලිබලාගාරය

Thursday, 1 August 2013

කිරිඔරුව පුරාණ අම්බලම - බණ්ඩාරවෙල

කිරිඔරුව පුරාණ අම්බලම පිහිටා ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් අමුණුදෝව ග්‍රාම නිළධාරි වසමේය. මෙයට ලගාවීම සදහා ඇටම්පිටිය මාර්ගයේ අයිස්ලැබේ තේ කර්මාන්තශාලාව ඉදිරිපිට ඇති මාර්ගයේ කිලෝමීටර් 3/4 පමණ යා යුතුවේ.

කිරිඔරුව පුරාණ අම්බලම 2009.01.23 දින, අංක 1586 දරණ ගැසට් පත්‍රය මගින් බදුල්ල දිස්ත්‍රික්කයේ ඇති පුරා විද්‍යා ස්මාරකයක් ලෙසට ප්‍රකාශයට පත් කර ඇත.

කිරිඔරුව පුරාණ අම්බලම
ප්‍රතිසංස්කරණය කිරිමෙන් පසු
2014. ඔක්තෝබර් මස
ඡායාරූපය දොස්තර අශාන් ගීගනගේ මැතිතුමා.
ප්‍රතිසංස්කරණය කිරිමට පෙර ගන්නා ලද ඡායාරූප
ඡායාරූප ගන්නා ලද්දේ 2013.07.30 දිනයි.

කිරිඔරුව පුරාණ අම්බලම

කිරිඔරුව පුරාණ අම්බලම

කිරිඔරුව පුරාණ අම්බලම

කිරිඔරුව පුරාණ අම්බලම

කිරිඔරුව පුරාණ අම්බලම

කිරිඔරුව පුරාණ අම්බලම

කිරිඔරුව පුරාණ අම්බලම