Friday, 26 July 2013

බදුල්ල දුම්රිය මාර්ගයේ දුම්රිය බිංග - (ඉදල්ගස්හින්න සිට බදුල්ල දක්වා)

මෙම ලිපියෙන් ඔබට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ සිට උඩරට දුම්රිය මාර්ගයේ අවසාන දුම්රිය ස්ථානය වන බදුල්ල දුම්රිය ස්ථානය දක්වා ඇති දුම්රිය බංග 22 පිළිබදව ඇති ඡායාරූප පල කර ඇත. එසේම මෙහි උඩරට දුම්රිය මාර්ගයේ බිංග අංක 22 සිට දුම්රිය බිංග අංක 43 දක්වා ඡායාරූප අඩංගුවේ.

අංක: 22 දරණ දුම්රිය බිංගය

අංක: 23 දරණ දුම්රිය බිංගය

අංක: 24 දරණ දුම්රිය බිංගය

අංක: 25 දරණ දුම්රිය බිංගය

අංක: 26 දරණ දුම්රිය බිංගය

අංක: 27 දරණ දුම්රිය බිංගය

අංක: 28 දරණ දුම්රිය බිංගය

අංක: 29 දරණ දුම්රිය බිංගය

අංක: 30 දරණ දුම්රිය බිංගය

අංක: 31 දරණ දුම්රිය බිංගය

අංක: 32 දරණ දුම්රිය බිංගය

අංක: 33 දරණ දුම්රිය බිංගය

අංක: 34 දරණ දුම්රිය බිංගය

අංක: 35 දරණ දුම්රිය බිංගය

අංක: 36 දරණ දුම්රිය බිංගය

අංක: 37 දරණ දුම්රිය බිංගය

අංක: 38 දරණ දුම්රිය බිංගය

අංක: 39 දරණ දුම්රිය බිංගය

අංක: 40 දරණ දුම්රිය බිංගය

අංක:  41 දරණ දුම්රිය බිංගය

අංක:  42 දරණ දුම්රිය බිංගය

අංක:  43 දරණ දුම්රිය බිංගය

Thursday, 18 July 2013

ගම්පොල දුම්රිය ස්ථානය

කොළඹ කොටුවේ සිට ප්‍රධාන දුම්රිය මාර්ගයේ (උඩරට බදුල්ල දුම්රිය මාර්ගයේ) හමු වන 48 වන දුම්රිය ස්ථානය ගම්පොල දුම්රිය ස්ථානයයි. ගම්පොල දුම්රිය ස්ථානය ගෙලිඔය දුම්රිය ස්ථානය සහ තැබිලිගල දුම්රිය ස්ථානය අතර පිහිටා ඇත. කොළඹ කොටුවේ සිට දුර කිලෝමීටර් 127.38 කී. මෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර් 479.26 කී. මෙම දුම්රිය ස්ථානය 1879 දී ආරම්භ කර ඇති දුම්රිය ස්ථානයකී.

ගම්පොල දුම්රිය ස්ථානය

ගම්පොල දුම්රිය ස්ථානය

ගම්පොල දුම්රිය ස්ථානය

ගම්පොල දුම්රිය ස්ථානය


ඡායාරූප ගන්නා ලද්දේ 2013.06.28 දිනයි.

Monday, 15 July 2013

බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 43 දරණ දුම්රිය බිංගය

අංක 43 දරණ දුම්රිය බිංගය
 කොළඹ දෙසට මුහුණත
 බදුල්ල දුම්රිය මාර්ගයේ අවසාන දුම්රිය ස්ථානය බදුල්ල දුම්රිය ස්ථානයයි. බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 2 ක් පමණ හාලිඇල දෙසට ගමන් කිරිමේදී මෙම දුම්රිය බිංගය හමුවේ.

අංක 43 දරණ දුම්රිය බිංගය
 කොළඹ දෙසට මුහුණත

අංක 43 දරණ දුම්රිය බිංගය

අංක 43 දරණ දුම්රිය බිංගය
 

අංක 43 දරණ දුම්රිය බිංගය
බදුල්ල දෙසට මුහුණත

ඡායාරූප ගන්නා ලද්දේ 2013.07.09 දිනයි.

බදුල්ල දුම්රිය මාර්ගයේ උසම ස්ථානය

බදුල්ල දුම්රිය මාර්ගයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ඇති දුම්රිය මාර්ග පද්ධතියේ උසම ස්ථානය පිහිටා ඇත්තේ පට්ටිපොල දුම්රිය ස්ථානයේ සිට ඔහිය දුම්රිය ස්ථානය දෙසට කිලෝමීටර් 3 ක් පමණ ගිය විටයි. එම ස්ථානයේ උස මුහුදු මට්ටමේ සිට මීටර් 1898.1 ක් එනම් අඩි 6226 ක් වන අතර කොළඹ සිට දුර කිලෝමීටර් 224.027 ක් එනම් සැතපුම් 139  66 1/2 ක් වේ.  

මෙම ස්ථානයේ ඇති සුවිශේෂිය ලක්ෂණයක් වන්නේ දුම්රිය මාර්ගයේ උසම ස්ථානයේ සිට ඔහිය දෙසටත් එසේම පට්ටිපොල දෙසටත් බැවුම් වීමයි.


ඡායාරූප ගන්නා ලද්දේ 2013.06.28 දිනයි.

Saturday, 13 July 2013

පට්ටිපොල දුම්රිය ස්ථානය

පට්ටිපොල දුම්රිය ස්ථානය
 ශ්‍රී ලංකාවේ උසින්ම පිහිටා ඇති දුම්රිය ස්ථානය, පට්ටිපොල දුම්රිය ස්ථානයයි. මුහුදු මට්ටමේ සිට මීටර් 1897.5 ක් උසින් එය පිහිටා ඇත. අඹේවෙල දුම්රිය ස්ථානය සහ ඔහිය දුම්රිය ස්ථානය අතර මෙම දුම්රිය ස්ථානය පිහිටා ඇත.  කොළඹ සිට මෙම දුම්රිය ස්ථානයට ඇති දුර කිලෝමීටර් 223 කී. මෙම දුම්රිය ස්ථානය 1893 දී ආරම්භ කරන ලද්දකී.

1948 වන තුරුම ලංකාවේ උසින්ම පිහිටා තිබු දුම්රිය ස්ථානය වුයේ රාගල දුම්රිය ස්ථානයයි. 1948 දී නුවරඑළිය දක්වා තිබු එම දුම්රිය මාර්ගය ඉවත් කිරිමෙන් පසු පට්ටිපොල දුම්රිය ස්ථානය ලංකාවේ උසින්ම පිහිටා ඇති දුම්රිය ස්ථානය ලෙසට නම් කෙරිනි.

1951 දී පමණ පට්ටිපොල දුම්රිය ස්ථානයට ආසන්නයේ (ඔහිය සදසට) ඇති බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 18 දරණ බිංගය නිතර නිතර කඩා වැටීම නිසා බදුල්ල දක්වා දුම්රිය ධාවනය නිතර නිතර බධා පැමිණවීම නිසා බලධාරින් දුම්රිය මාර්ගය පට්ටිපොල දක්වා සීමා කිරිමට පියවර ගනු ලැබුහ. ඒ අවධිය වන විට දුම්රිය මාර්ගයේ වැඩි වශයෙන් භාවිතයට ගැනුනේ ගල් අගුරු තාප බලැති ඉංජින්ය. ඒ නිසා පට්ටිපොල දුම්රිය ස්ථානයේ ඉංජින් හැරවුම් පිඨීකාවක් (turning table) නොවු නිසා, ගල් අගුරු තාප බලැති ඉංජින් හැරවීම පහසුවන පරිදි ත්‍රිකොණාකාර දුම්රිය මාර්ගයක් මෙහි ඉදි කිරිමට කටයුතු යොදනු ලැබුහ. එම ත්‍රිකෝණාකාර දුම්රිය මාර්ගයේ නටඹුන් අදත් පට්ටිලපාල දුම්රිය ස්ථානයේදී දැක බලා ගත හැක. එසේම දුම්රිය ස්ථානයේ ගසක එල්ලා ඇති උෂ්ණත්වමානයක් සවීකර ඇත. මධ්‍යම පලාත් සභාවේ සහ දුම්රිය දෙපාර්තහම්න්තුවේ සහයෝගයෙන් පටත්වාගෙන එනු ලබන සංචාරක පහසුකම් මධ්‍යස්ථානයක්ද මෙහි ඇති වැදගත් ස්ථාන ලෙසට පෙන්වා දිය හැක.

පට්ටිපොල දුම්රිය ස්ථානය
ඡායාරූප ගන්නා ලද්දේ 2013.06.28 දිනයි සහ 2015.06.06

පට්ටිපොල දුම්රිය ස්ථානය

උෂ්ණත්වමානය

පට්ටිපොල දුම්රිය ස්ථානය

පරණි දුරකතනයක්

ඔටුන්න සහිත පැරණි සරණේරුවක්

සමනළ ලීවරය - (දැනට ඇති
එකම සමනළ ලීවරය යැයි පැවසේ)

සංචාරක පහසුකම් මධ්‍යස්ථානය