Wednesday, 5 June 2013

රාජ වෛශ්‍ය භූජංග (පරාක්‍රමබාහු රජුගේ රාජ සභාව) - පොලොන්නරුව

පරාක්‍රමබාහු රජුගේ රාජසභා මණ්ඩපය "රාජ වෛශ්‍ය භූජංග" වශයෙන් හදුන්වනු ලබනු අතර මෙම ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ පරාක්‍රමබාහු රජුගේ "විජයොත්පායට" ආසන්නයේය.


මෙම ගොඩනැගිල්ලේ බිම දිග අඩි 75 යි අගල් 6 ක් සහ පළල අඩි 33 අගල් 6 කී. ප්‍රධාන දොරටුව උතුරට මුහුණලා ඇත. ගොඩනැගිල්ලට පිවිසිමට ඇති පඩිපෙල කොටස් දෙකකින් යුක්තයි.

ගොඩනැගිල්ලේ වහලය ගල් කණු පේලි 4 කින් දරා ගෙන සිටින්නට ඇති අතර, එක් පේලියක ගල් කණු 12 කී.

අලංකාර සදකඩපහන්, කොරවක් ගල්, සිංහ රූප කැටයම්, හස්ති රූප කැටයම් ආදියෙන් ගොඩනැගිල්ල විචිත්‍රවත් කර ඇත.






ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.07 දිනයි.

No comments:

Post a Comment