Friday, 21 June 2013

බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 38 දරණ දුම්රිය බිංගය

බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 38 දරණ දුම්රිය බිංගය පිහිටා ඇත්තේ, දියතලාව දුම්රිය ස්ථානය සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය අතරයි.

එසේම මෙම දුම්රිය බිංගයට ඉදිරියෙන් (දියතලාව දෙසට වන්නට) දුම්රිය මාර්ගයේ, දුම්රිය පාලමක්ද දක්නට ලැබේ.

අංක 38 දරණ දුම්රිය බිංගය

අංක 38 දරණ දුම්රිය බිංගය


අංක 38 දරණ දුම්රිය බිංගයට
ඉදිරියෙන් ඇති පාලම

ඡායාරූප ගන්නා ලද්දේ 2013.06.20 දිනයිග

Thursday, 20 June 2013

බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 37 දරණ දුම්රිය බිංගය

අංක 37 බිංගය දියතලාව දුම්රිය ස්ථානය
ආසන්නයට පෙනෙන අයුරු
බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 37 දරණ දුම්රිය බිංගය පිහිටා ඇත්තේ, හපුතලේ දුම්රිය ස්ථානය සහ දියතලාව දුම්රිය ස්ථානය  අතරයි. එසේම දියතලාව දුම්රිය ස්ථානයේ සිට හපුතලේ දෙසට මීටර් 50 - 75 පමණ ගිය විට මෙම දුම්රිය බිංගය  හමුවේ.


අංක 37 බිංගය ආසන්නයට දියතලාව
දුම්රිය ස්ථානය පෙනෙන අයුරු

අංක 37 දරණ දුම්රිය බිංගය බදුල්ල
දෙසට මුහුණත

අංක 37 දරණ දුම්රිය බිංගය බදුල්ල
දෙසට මුහුණත

අංක 37 දරණ දුම්රිය බිංගය බදුල්ල
දෙසට මුහුණත

අංක 37 දරණ දුම්රිය බිංගය කොළඹ
දෙසට මුහුණත

අංක 37 දරණ දුම්රිය බිංගය කොළඹ
දෙසට මුහුණත


අංක 37 දරණ දුම්රිය බිංගය

දුම්රිය බිංගයේ සිට බදුල්ල දෙසට

ඡායාරූප ගන්නා ලද්දේ 2013.06.20 දිනයි.

Wednesday, 12 June 2013

නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපය - පොලොන්නරුව

ගල් කණු මත රාජ සභාවේ
ඇමතියන් අසුන් ගත්
 ආකාරය (ස්ථාන) සදහන් කර ඇත
පොලොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයට ආසන්නයේ දීප උයනෙහි නිශ්ශංකමල්ල රජුගේ රාජ සභා මණ්ඩපය දැකගත හැක.

නිශ්ශංකමල්ල රජුගේ රාජ සභා මණ්ඩපයට පිවිසෙන ප්‍රධාන පියගැටපෙල උතුරු දෙසට මුහුණලා ඇති අතර, තවත් කුඩා දොරටුවක් බටහිර දෙසින් දැකගත හැක.

ගල්කණු මත වහලය දරා සිටින්නට ඇත. එසේ ඇති ගල් කණු මත රාජ සභාවේ ඇමතියන් අසුන් ගත් ආකාරය (ස්ථාන) සදහන් කර ඇත.


ගල් කණු මත රාජ සභාවේ 
ඇමතියන් අසුන් ගත්
 ආකාරය (ස්ථාන) සදහන් කර ඇත
විශාල සිංහයකුගේ රූපය මත සිංහාසනය තිබෙන්නට ඇත. එම සිංහාසන්යේ "ශ්‍රී විරුදු රාජ වීර වෙශ්‍ය භූජංග නිශ්ශංක ලංකේශ්වර කාලිංග චක්‍රවර්ති ස්වාමින් වහන්සේ වැඩහුන් වීර සිංහාසන" වශයෙන් සදහන් කර ඇත.
විශාල සිංහයකුගේ රූපය

විශාල සිංහයකුගේ රූපය

විශාල සිංහයකුගේ රූපය

ගල් ආසනයක්

ගල් කණු 

විශාල සිංහයකුගේ රූපය

නිශ්ශංකමල්ල රජුගේ රාජ සභා මණ්ඩපය 

නිශ්ශංකමල්ල රජුගේ රාජ සභා මණ්ඩපය 

ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.06 දිනයි.

Tuesday, 11 June 2013

ගෝපාල පබ්බතය - පොලොන්නරුව

මඩලයාගේ ලෙන
 මඩලයාගේ ලෙන හෙවත් ගොපාල පබ්බතය, රන්කොත් වෙහෙරය ආසන්නයේ ඇති පැරණි රෝහල් සංකීර්ණයට ඉදිරියෙන් ඇති ස්ථානයකී. මෙම ස්ථානය වටකුරු කදු වැටියක් වන අතර මෙහි ගිරි ලිපියක් සහ ලෙන් ලිපියක්ද හමු වන අතර, කටාරම් කෙටු ගුහා සතරක්ද දක්නට ලැබේ.

මඩලයාගේ ලෙන

නිධන් සළකුණක් - නාග රුවක්

ගලේ කොටා ඇති පොලොන් රුව



ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.07 දිනයි.

Monday, 10 June 2013

ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය

ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය, උඩරට බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය දුම්රිය ස්ථානය හා හපුතලේ දුම්රිය ස්ථානය අතර පිහිටා ඇත. එය කොළඹ කොටුවේ සිට කිලෝමීටර් 240.28 ක දුරින් පිහිටුවා ඇත. මුහුදු මට්ටමේ සිට උස මීටර් 1665.85 කී. දුම්රිය ස්ථානයේ සංකේතය IGH ය.

බදුල් දුම්රිය මාර්ගයේ 68 වන දුම්රිය ස්ථානය වන මෙම දුම්රිය ස්ථානය ශ්‍රී ලංකාවේ 5 වනුව උසින් පිහිටි දුම්රිය ස්ථානයයි.

ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය කදු දෙකක් අතර පිහිටි සුළං කපොල්ලක සාදා ඇත. උඩරට දුම්රිය මාර්ගයේ පිහිටා ඇති අපුර්ව වු දුම්රිය ස්ථානයක් ලෙස මෙම දුම්රිය ස්ථානය හදුන්වා දිය හැක. එක් මෙහොතකපැහැබරවද තවත් මෙහොතක මිහිදුමෙන් මුළු ප්‍රදේශයම වෙලා ගැනීමද දේශගුණයේ ඇති අපුර්වත්වයකී.

පිහිටිම අනුව ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන‍යට ලැබෙන වර්ෂා ජලය එක් පැත්තකින් මහවැලි ගංගා ද්‍රොණියටත් (ඉදිරිපසට රැස්වන ජලය) අනෙක් පැත්තෙන් වලවේ ගංගා ද්‍රොණියටත් (පසුපසට රැස්වන ජලය) මුසුවේ. මෙම දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති 1 හා 11 ගේ නිළ නිවාසද දුම්රිය ස්ථානය තුලම පිහිටා තිබීම සුවිශේෂිය.

ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය

ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය

ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය

ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය

ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය





ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය

කොළඹ සිට දුර සැතපුම් 149

දුම්රිය සංඥ පුවරුවක් - තෙක්ක කදක්

ඉදල්ගස්හින්න අනාරක්ෂිත
දුම්රිය හරස් මාර්ගය


ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.06 දින සහ  2015.06.07 දිනයි.

ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය පිහිටි
ස්ථානය ඊතලයෙන් දක්වා ඇත

ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය

ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය

අණ පනත් රදවනය

පැරණි දුරකතන කුථණක්

යතුරු පුවරුව

මහවැලි ගංගා ද්‍රොණියට යන ජලය

ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය

ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය

මහවැලි ගංගා ද්‍රොණියට යන ජලය

ප්‍රවේශ පත්‍ර කවුළුව