Wednesday, 29 May 2013

නැගෙනහිර පිවිසුම දළදා මළුව - පොලොන්නරුව

මුර අට්ටාලයක න්‍යෂෟඨාවශේෂ
පොලොන්නරු යුගයේදී දළදා වහන්සේ රජ්‍යාත්වයේ සංකේතය ලෙසට භාවිතයට ගැනිනි. ඒ නිසා, දළදා මළුව නම් උස්වු භූමියක් සාදා එය වට කොට ආරක්ෂක විධිවිධාන සහිතව දළදා වහන්සේ තැම්පත් කර තිබුණි. ඒ සදහා වටදාගේ, හැටදාගේ, අටදාගේ යන ගොඩනැගිලි භාවිතයට ගැනිනි.

පාද දොවනයක්
දළදා මළුව වෙත ප්‍රවිශ්ඨවීම පිණිස ප්‍රධාන පිවිසුම් දෙකක් දක්නට ලැබේ. එකක් බටහිර දෙසටත්, අනෙක නැගෙනහිර දෙසටත් දක්නට ලැබේ. එයින් නැගෙනහිර පිවිසුම පාමුල වම් පැත්තේ, දළදා මළුව දෙසට අත දිගු කරගෙන සිටින මිනිසකුගේ කැටයමක් හා බල්ලකුගේ සහ කපුටකුගේ කැටයම් සහිත සෙල් ටැබක්ද දකුණු අත පැත්තේ පාද දොවනය පිණිස ජලය පුරවා තැබු ගල් භාජනයක් හා අත් දොවනය පිණිස වු ගල් පාත්තරයක්ද දක්නට ලැබේ.

මිනිසකුගේ කැටයමක්
 හා බල්ලකුගේ සහ කපුටකුගේ
 කැටයම් සහිත සෙල් ටැබ
පඩිපෙල නැග දළදා මළුවට ප්‍රවිශ්ඨවීමට ප්‍රථම, මුර අට්ටාල ලෙසට හදුනාගත හැකි ගොඩනැගිල්ලක න්‍යෂ්ඨාවශේෂ දක්නට ලැබේ.
දළදා මළුවට ප්‍රවිශ්ඨ වන පඩි පෙල

ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.07 දිනයි.

කොටු බැම්ම - පොලොන්නරුව

ප්‍රාකාර බැම්ම
 පොලොන්නරුවේ පුරාතන නගරය පවුරු ප්‍රාකාර වලින්, දිය අගල් වලින් පරිපෝෂිත වු නගරයකී. පොලොන්නරුව පිට නගරය සහ ඇතුළු නගරය වශයෙන් වෙන් කර තිබුණේ ඇතුළු ප්‍රාකාරයෙන් සහ පිට ප්‍රාකාරයෙනි.
ප්‍රාකාර බැම්ම
 ඇතුළු ප්‍රාකාරය මත යුධ සෙබන් ගමන් කල අතර ඔවුන් සදහා ඉදිවු අට්ටාල එහි විය.

නගරයට ප්‍රවිශ්ඨවීම පිණිස උතුරු, නැගෙනහිර, දකුණ සහ බටහිර යන දිශානුගතව දෙරටු විය.
ප්‍රාකාර බැම්ම

දිය අගල

දිය අගල

හදිසි යුධ ප්‍රහාරයකදී භාවිතයට ගැණුනු
ගල් බෝල වීදිමේ උපකරණය
සවි කර තිබු ස්ථානයක්

හදිසි යුධ ප්‍රහාරයකදී භාවිතයට ගැණුනු
ගල් බෝල වීදිමේ උපකරණය
සවි කර තිබු ස්ථානයක්

ප්‍රාකාර බැම්ම

හදිසි යුධ ප්‍රහාරයකදී භාවිතයට ගැණුනු
ගල් බෝල වීදිමේ උපකරණය
සවි කර තිබු ස්ථානයක්

හදිසි යුධ ප්‍රහාරයකදී භාවිතයට ගැණුනු
ගල් බෝල වීදිමේ උපකරණය
සවි කර තිබු ස්ථානයක්

ප්‍රාකාර බැම්ම

උතුරු දෙරටුව සහ මහා විදිය

උතුරු දෙරටුව සහ මහා විදිය


උතුරු  මහා විදිය

ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.07 දිනයි.

Wednesday, 8 May 2013

යුදගනාව ජලාශය

යුදගනාව ජලාශය බුත්තල නගරයේ සිට කිලෝමීටර් 3 ක් පමණ වැල්ලවාය දෙසට පැමිණ යුදගනාව වැව පාරේ තව කිලෝමීටර් 1 1/2 ක් පමණ ගිය විට හමුවේ. මෙම ජලාශය නිර්මාණය වී ඇත්තේ යුදගනාව දාගැබ සදහා අවශ්‍ය ගඩොල් නිශ්පාදනය පිණිස පස් ලබා ගැනීමේදී ඇතිවු ආවාටය පසුව වැවක් ලෙස සකස් කර ඇත.

මෙම ජලාශය මහා නාග රජු විසින් නිර්මාණය කරන්නට ඇතැයි විශ්වාස කරන අතර, 1950 දී වර්තමාන ආකාරයට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්කරණය කර ඇත.

යුදගනාව ජලාශය ආසන්නයේ පෙන 7 ක් සහිත පැරණි නාග ගලක්දක්නට ලැබේ.





ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.27 දිනයි.

යුදගනාව ටැම් ලිපිය


බුත්තල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් යුදගනාව විහාරස්ථාන  භූමියේ මෙම ටැම් ලිපිය දැක ගත හැක. කිර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජුගේ (ක්‍රී:ව: 1187-1196) විසින් පිහිටුවා ඇති ටැම් ලිපියකී.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.27 දිනයි.

Tuesday, 7 May 2013

හදපානාගල ජලාශය

 මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, වැල්ලවාය-තිස්සමහාරාම මාර්ගයේ (A-2) මාර්ගයේ හදපානාගල හන්දියෙන් හැරි කිලෝමීටර් 4 ක් පමණ ගිය විට හමුවන ජලාශයකී.






ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.27 දිනයි.

හදපානාගල දිය පැන්නුම

 මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, වැල්ලවාය-තණමල්විල (A-2) මාර්ගයේ, හදපානාගල හන්දියෙන් හැරි හදපානාගල වැව දෙසට යාමේදි කිරිදි ඔය හමුවේ. කිරිදි ඔය සදහා මෙම හදපානාගල දිය පැන්නුම (causeway) නිර්මාණය කර ඇත.


ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.27 දිනයි.

යුදගනාව පෙන 7 සහිත නාග කැටයම

යුදගනාව ජලාශය ආසන්නයේ තිබි සොයාගෙන ඇති පෙන 7 ක් සහිත නාග කැටයම


ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.27 දිනයි.

Monday, 6 May 2013

හදපානාගල ගල්ලෙන්

මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, වැල්ලවාය-තිස්සමහාරාම මාර්ගයේ (A-2) මාර්ගයේ හදපානාගල හන්දියෙන් හැරි කාලෝමීටර් 4 ක් පමණ ගිය විට හමුවන ජලාශයකී, හදපානාගල ජලාශය. මෙම හදපානාගල ජලාශයේ වැවි බැම්ම මධ්‍යයේ විශාල ගල් පර්වතයක් පිහිටා ඇත.

මෙම ගල් පර්වතයේ ජලාශය පැත්තට නොව අනෙක් පැත්තට ඇති මුහුණතේ කටාරම් කොටන ලද ගල් ලෙන් තුනකී. පාෂාණ තුල සිදුවන exfoliation නම් ක්‍රියාවලිය නිසා දැනට එහි කටාරම් දක්නට නොලැබේ. ගලේ පර්වතයේ එක් පැත්තක ගලෙහි නෙලන ලද ගල් පඩි පෙලකී.

ගල මුදුණේ කුඩා පොකුණු කිහිපයකී. එක් පොකුණක් ආසන්නයේ පැන්සලක ඝණකම් සහිත යම් කිසි  උපකරණයකින් විදින ලද හිලක්ද දක්නට ලැබේ.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.27 දිනයි.

Friday, 3 May 2013

දාන ශාලාව - මිහින්තලේ

කැද ඔරුව
මිහින්තලේ මැද මළුවෙහි මෙම දාන ශාලාව පිහිටා ඇත. දිග අඩි 114 ක් සහ පලල අඩි 77 ක් වු මැද මිදුලක් සහිතව ගොඩ නගන ලද ගොඩනැගිල්ලකී. මෙහි බත් ඔරුවක් සහ කැද ඔරුවක් දක්නට ලැබේ. මෙම දාන ශාලාවට ගල් පිහිල්ලක ආධාරයෙන් ජලය ලබා ගෙන ඇත. මේවායේ නාෂ්ධාවශේෂ අදත් දක්නට ලැබේ.
බත් ඔරුව

දාන ශාලාවට ජලය ලබා ගත්
ගල් පිහිල්ල

දාන ශාලාව

දාන ශාලාව

ගල් භාජනයක්

දාන ශාලාව

දාන ශාලාවට ජලය ලබා ගත්
ගල් පිහිල්ල

ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.08 දිනයි.

මිහින්තලේ දාන ශාලාවේ 1880 දී
 ගන්නා ලද ඡායාරූපයක්
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.