Monday, 29 April 2013

ශ්‍රී ලංකාවේ ඇති විශිෂ්ඨම සදකඩ පහණ - අනුරාධපුරය

ශ්‍රී ලංකාවේ අති විශ්ෂ්ඨතම සදකඩ පහන

ශ්‍රී ලංකාවේ අති විශ්ෂ්ඨතම සදකඩ පහන
 ශ්‍රී ලංකාවේ අති විශ්ෂ්ඨතම සදකඩ පහන් තුනක් අනුරාධපුරයේ ඇත. මෙම සදකඩ පහන් තුනම එකම ආකාරයේ සදකඩ පහන් වන අතර ඒවායේ ඇත්, අශ්ව, සිංහ සහ ගවයා යන සතුන් ඇතුලත්ව නිර්මාණය කර ඇත.


අනුරාධපුර සදකඩ පහනේ අශ්වයා
 එක් සදකඩ පහනක් ඇත්තේ අභයගිරිය දාගැබ ආසන්නයේ ඇති පංචාවාස ගොඩනැගිලි සංකිර්ණයේ, මධ්‍යයේ ඇති ගොඩනැගිල්ලේ පියගැට පෙලේය. (මෙම ගොඩනැගිල්ල පුරාණයේදී මහාසේන රජුගේ මාලිගය වශයෙන් වැරදි ලෙස භාවිතයට ගැනිනී. එහෙත් එය එසේ නොවේ.)

අනුරාධපුර සදකඩ පහනේ සිංහයා
 එසේම අනෙක් සදකඩ පහණ ඇත්තේ පංචාවාස ගොඩනැගිලි සංකිර්ණයේ බටහිර දෙසට ඇති, බිසෝ මාළිගය ලෙසට වැරදි ලෙසට භාවිතාවු ගොඩනැගිල්ලේ පිය ගැට පෙල ආරම්භයේය. අනෙක් තුන් වන සදකඩ පහන ඇත්තේ, ශ්‍රී මහා බෝධියේ උතුරු ප්‍රවේශයේ පිය ගැට පෙල ආරම්භයේය.

අනුරාධපුර සදකඩ පහනේ ගවයා
 සොයා ගෙන ඇති තොරතුරු අනුව මෙම සදකඩ පහන් තුනම එකම කලාකරුවාගේ නිර්මාණ වන අතර, සදකඩ පහන් තුනම ඒකාකාරීය.

මෙහි ඇති ඡායාරූප අභයගිරිය පංචාවාස ගොඩනැගිලි සංකිර්ණය මධ්‍යයේ ඇති ගොඩනැගිල්ලේ ඇති සදකඩ පහණයි.

අනුරාධපුර සදකඩ පහනේ ඇතා

 සදකඩ  සිටි හංස රූපයක්

ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.08 දිනයි.

ශ්‍රී ලංකාවේ ඇති විශ්ෂ්ඨතම මුරගල - අනුරාධපුරය

දැනට සොයා ගෙන ඇති, ශ්‍රී ලංකාවේ තිබෙන විශ්ෂ්ඨතම මුරගල ඇත්තේ, අනුරාධපුරයේ අභයගිරිය විහාරයේ උපෝසථාගාරයේ වු රතන ප්‍රාසාදයේ‍ය. මෙම මුරගලෙහි ඇත්තේ නැගෙනහිර දිශාවට අධිපති බෘකරාෂ්ට්‍ර නම් මහා රජාගේ රූපය යැයි පැවසේ, දකුණු අතෙහි මල් අත්තක් දරාගෙන සිටින  බෘකරාෂ්ට්‍ර මහා රජාගේ වම් අතෙහි පුන් කලසකී. මුරගලෙහි ඉහල අර්ධය වට තොරණක් ලෙසට නිර්මාණය කර ඇත්තේ බෘකරාෂ්ට්‍ර මහා රජා තොරණක් මාධ්‍යයේ සිටින අයුරිනි. එසේම වම් පැත්තේ වාමන රූපයක්ද නෙලා ඇත. බෘකරාෂ්ට්‍ර මහා රජාගේ ශිර්ෂය වටා පෙන 7 ක නාග රුවක් කැටයම් කර ඇත.


ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.08 දිනයි.

Friday, 26 April 2013

කුමාර පොකුණ (ශිලා පොක්ඛරණිය) - පොලොන්නරුව

පොලොන්නරුව ඇතුළු නුවර ප්‍රාකාරයේ ඇති දොරටුවකින් පිටවු විට ඇති පියගැට පෙල බැසීමෙන් කුමාර පොකුණට ගලා විය හැක.

කුමාර පොකුණ 
කුමාර පොකුණ පාරාක්‍රමබාහු රජතුමාගේ නිර්මාණයක් බවට විශ්වාස කරනු ලැබේ. මෙම පොකුණ දිගින් අඩි 44 ක් සය පලලින් අඩි 38 වන අතර පතුලේ දිග අඩි 31.6 ක් සහ පලල අඩි 27.3 ක් වේ. පොකුණට බැසීම සදහා පඩි පෙලක් ඇත. මකර කැටයම් සහිත ගල් පිලී දෙකක් මගින් පොකුණට ජලය සැපයුනු අතර පොකුණ මැද වෘතාකාර කුඩා ගල් වේදිකාවකී.

පොකුණට බැසීම සදහා ඇති පඩි පෙල
සහ
මකර කැටයම් සහිත ගල් පිලී දෙක
ශිලා පොක්ඛරණිය ආසන්නයේ ම සදකඩ පහන් කොරවක් ගල් හා කැටයම් වලින් හෙබි කුඩා ගොඩනැගිල්ලක න්‍යෂ්ඨාවශේෂ ඇත. එය පොකුණේ දිය නෑමට  පැමිණෙන රාජකීයයන්ගේ ඇදුම් ආයිතම් ගලවා තැබු ස්ථානය විය හැක. එය සළු මණ්ඩපය වශයෙන් හදුන්වනු ලැබේ.


පොකුණ මැද ඇති වෘතාකාර
කුඩා ගල් වේදිකාව


කුමාර පොකුණ 

කුමාර පොකුණ 

ප්‍රාකාරයේ ඇති දොරටුවකින්
පිටවු විට ඇති පියගැට පෙල බැසීමෙන්
 කුමාර පොකුණට ගලා විය හැක.

සළු මණ්ඩපය ඇති කැටයමක්

සළු මණ්ඩපයේ ඇති කැටයමක්

සළු මණ්ඩපයේ කොරවක් ගල

සළු මණ්ඩපයේ සදකඩ පහණක්

සළු මණ්ඩපය
ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.06 දිනයි.

පියගැට පෙල - මිහින්තලේ

මනිනාග ආරාමය ආසන්නයේ ආරම්භවී මිහින්තලේ මැද මළුව දක්වා දිවයන පඩි 1840ක් සහිත පිය ගැට පෙල මිහින්තලේ ඇති කදිම නිර්මාණයකී. එයින් මිහින්තලයට අමුතු ආකාරයක ආලෝකයක් මුසුවී තිබේ.

නැවත මැද මළුවෙන් ආරම්භ වන පඩි පෙල අම්බස්ථල දාගැබ ආසන්නයෙන් අවසන්වේ.






ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.08 දිනයි.

Thursday, 25 April 2013

අට සැටක් ලෙන් - මිහින්තලේ

දේවානම්පියතිස්ස රජු විසින් මිහිදු මහා රහතන් වහන්සේ හා ඒ සමගාමීව සිටි භික්ෂුන් වහන්සේගේ ප්‍රයෝජනය පිණිස කටාරම් කොටා පුජා කරන ලද අට (8) සැටක් (60) ලෙන්ය. සමහර ලෙන් වල ඉහලින් බ්‍රාහ්මීය අක්ෂරයෙන් ලිපි කොටා ඇත.

මෙම අට සැටක් ලෙන් පිහිටා ඇත්තේ මිහින්තලේ කණ්ඨක චෛත්‍යය අවට භූමියේය.


බ්‍රාහ්මිය අක්ෂරයෙන් ඇති ලිපියක්

ඡායාරූප ගන්නා ලදිදේ 2013.04.08 දිනයි.

Wednesday, 17 April 2013

කුට්ටම් පොකුණ - අනුරාධපුරය

එක ලග පිහිටි පොකුණු දෙකක් නිසා මෙයට කූට්ටම් පොකුණ වශයෙන් භාවිතයට ගැනේ. පොකුණු දෙක අවස්ථා දෙකකදී නිර්මාණය කරන්නට ඇති බව පනේ. එක් පොකුණක් මදක් විශාල වන අතර අනෙක මදක් කුඩාය.

එක් පොකුණක, පොකුණට බැසීම සදහා පියගැට 20 ක් ඇත. අනෙකේ ඇත්තේ පියගැට 18 කී.  දිග අඩි 91 සහ පලල අඩි 14 කී එක් පොකුණක්. අනෙක දිග අඩි 132යි පලල අඩි 17 කී. අභ්‍යයන්තර බට පද්ධතියක් මාර්ගයෙන් පොකුණු දෙක සම්බන්ධ කර තිබේ.





කූට්ටම් පොකුණේ ජල පෙරහන් පද්ධතිය

පෙන 5ක් සහිත නාගයා


කූට්ටම් පොකුණට ජලය එන නල පද්ධතිය

කූට්ටම් පොකුණට ජලය එන නල පද්ධතිය





ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.08 දිනයි.

කූට්ටම් පොකුණේ පැරණි ඡායාරූපයක්
අන්තර් ජාලය ඇසුරෙනි.

පුලස්ති සෘෂිවරයාගේ ප්‍රතිමාව - පොලොන්නරුව


 පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයට නුදුරු, පොත්ගුල් විහාරයට ඉදිරියෙන් ඇති ප්‍රතිමාවකී. මෙම ප්‍රතිමාව කාගේ ප්‍රතිමාවක්දැයි මහත් ගැටළුකාරි ප්‍රශ්ණයකට මැදිව පසුගිය වකවානුවේ නොයෙක්, අර්ථ කථන ප්‍රකාශ කෙරිනි. එහෙත් මෙම ප්‍රතිමාවට පිටුපස වම් පැත්තේ ඉහලින් සොයාගන්නා ලද සෙල් ලිපියක් මගින් මෙම ප්‍රතිමාව ස්ථිර වශයෙන්ම පුලස්ති සෘෂිවරයාගේ බව ප්‍රකාශ කල හැක. එම සෙල් ලිපියේ "පුලසත" යැයි සදහන් කර ඇත.

පුලස්ති සෘෂිවරයා පුස්කොල පොතක් වැනි දෙයක් අතෙහි දරාගෙන සිටින අතර වම් කකුල මදක් කොට පුද්ගලයෙකු බවත් ප්‍රතිමාව දෙස බැලිමේදී පෙනේ.

ප්‍රතිමාවේ වම් බාහුවට උඩින් පිටුපස, පිටුපස හැරි සිටින හාවකුගේ රූපයක් නෙලා ඇත.


ප්‍රතිමාවේ වම් බාහුවට උඩින් පිටුපස,
 පිටුපස හැරි සිටින හාවකුගේ රූපය


ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.07 දිනයි.