Saturday, 9 March 2013

ඔහිය දුම්රිය ස්ථානය - Ohiya Railway Station

ඔහිය දුම්රිය ස්ථානය, බදුල්ල උඩරට දුම්රිය මාර්ගයේ පට්ටිපොල දුම්රිය ස්ථානය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර පිහිටා ඇති දුම්රිය ස්ථානයකී. මෙම දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ සිට කිලෝමීටර් 231.40 ක දුරකින් සහ මුහුදු මට්ටමේ සිට මීටර් 1791.77 ක උසකින්ද පිහිටා ඇත. දුම්රිය ස්ථානයේ සංකේතය OHA වේ. බදුල් දුම්රිය මාර්ගයේ 67 වන දුම්රිය ස්ථානය මෙය වන අතර ශ්‍රී ලංකාවේ 3 වනුව උසින් පිහිටි දුම්රිය ස්ථානයද මෙයයි. 1893 දී මෙම දුම්රිය ස්ථානය ආරම්භ කර ඇත.

ඔහිය හොර්ටන් තැන්න සදහා ප්‍රධාන පිවිසුමකී. ගල් අගුරු තාප බලැති ඉංජින් ධාවන කාලයේදී ඔහිය දුම්රිය ස්ථානය වැදගත් ස්ථානයක් ලෙසට පිලි ගනු ලැබුවේ දුම්රිය සදහා අමු ද්‍රව්‍යයක් වු දැව ලබා ගැනීම සදහා මෙම දුම්රිය ස්ථානය අවට ප්‍රදේශය ප්‍රයෝජනයට ගත් නිසා බව පැවසේ. 

ඔහිය දුම්රිය ස්ථානය ආසන්යෙන් පට්ටිපොල ස්ථිර වැඩ පරික්ෂක කොට්ඨාශය සහ ඔහිය ස්ථීර වැඩ පරික්ෂක කොට්ඨාශය වෙන්වේ. ඔහිය දුම්රිය ස්ථානය අවට බ්‍රිතාන්‍ය යුගය සතුවු ඉතා වැදගත්වු ස්මාරක රාශියකී. පැරණි වෙඩ් බෙහෙත් ගේ, පැරණි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් කම්හල, දුම්රිය මාර්ගය හා සමාන්තරව තවකාලිකව තිබුනායැයි පැවසේන මාර්ගයක ගල් කණුවක් (මෙම මාර්ගය භාවිතයට ගෙන ඇත්තේ දුම්රිය මාර්ගය සාදන සමයේ අශ්ව කරත්ත ධාවනය සදහා යැයි පැවසේ), එසේම දුම්රිය මාර්ගය ඉදි කරන සමයේ භාවිතයට ගැනුනු; ඉදි වෙන මාර්ගයේ පස් ඉවත් කිරිම සදහා භාවිතයට ගැනුනු යකඩ කූඩ සහ ඒවා එහා මෙහා ගෙන යාම සදහා භාවිතයට ගැනුනු පලළින් අඩු ඩක්කුවේ රෝද යුගලක්ද ආදිය‍ ඒ අතර වේ.

ඔහිය දුම්රිය ස්ථානය

ඔහිය දුම්රිය ස්ථානය

ඔහිය දුම්රිය ස්ථානය

ඔහිය දුම්රිය ස්ථානය





ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.06 දිනයි.

මාර්ගයේ පස් ඉවත් කිරිම සදහා භාවිතයට
 ගැනුනු යකඩ කූඩ සහ ඒවා එහා මෙහා
 ගෙන යාම සදහා භාවිතයට ගැනුනු පලළින්
 අඩු ඩක්කුවේ රෝද යුගලක්ද

මාර්ගයේ පස් ඉවත් කිරිම සදහා භාවිතයට
 ගැනුනු යකඩ කූඩ

කම්හල ඇතුලත

මාර්ගයක ගල් කණුවක්

කුඩාතම පොයින්ටුවක්

කම්මල සහ බඩු ගබඩාව

කම්මල තුල ඇති කිණිහිරිය

No comments:

Post a Comment