Thursday, 7 March 2013

පුරාණ වෙඩි බෙහෙත් ගබඩාව - ඔහිය

උඩරට දුම්රිය මාර්ගය ඉදි කිරිමේදි බ්‍රිතාන්‍යයන්ට මහත් ආයාසයක් දරන්නට සිදුවුයේ ඔහියේ සිට ඉදල්ගස්හින්න දක්වා දුම්රිය මාර්ගය සැකසීමේදීය. 

 එයට හේතුව වුයේ මෙම දුම්රිය ස්ථාන දෙක අතර බිංග 14 ක් ඉදි කිරිමට සිදුවීමයි.  ඒ නිසා බ්‍රිතාන්‍යයන් විසින්, බිංග ඉදි කිරිම  පිණිස බොර දැමීම සදහා අවශ්‍යවු වෙඩි බෙහෙත් ගබඩා කර තැබීම සදහා ඔහිය දුම්රිය ස්ථානය ආසන්නයේ (ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දෙසට කිලෝමීටර් 1/2 පමණ යායුතුයි) වෙඩි බෙහෙත් ගබඩා කිරිම සදහා  කොන්ක්‍රිට් වලින් නිර්මිත ආරුක්කු හැඩැති වහලයක් සහිත කුඩා ගබඩාවක් ඉදි කරන්නට යෙදුනි.


 මේ ඡායාරූප වලින් පෙන්නුම් කරන්නේ එම වෙඩි බෙහෙත් ගබඩාවයි.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.06 දිනයි.



මෙම සංචාරය සදහා මා සමග චතුරාංග, තුෂාර, මධුසංක යන අය සහභාගීවුහ.

No comments:

Post a Comment