Thursday, 7 March 2013

බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 26 දරණ දුම්රිය බිංගය

ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා දුර කිලෝමීටර් 8.5 කී. එම දුර ප්‍රමාණය හා එම දුම්රිය ස්ථාන දෙක අතර බිංග 14 ක් පිහිටා ඇති අතර, දුම්රිය ස්ථාන දෙකක් අතර, ලෝකයේ වැඩිම දුම්රිය බිංග පිහිටා ඇත්තේ මෙම දුම්රිය ස්ථාන දෙක අතරයි.

 මේ ඔහිය දුම්රිය ස්ථානයේ සිට, ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා යෑමේදි හමුවන පස් වන දුම්රිය බිංගයයි. මෙය බදුල්ල දුම්රිය මාර්ගයේ හමු වන 26 වන දුම්රිය බිංගයයි. දිග මීටර් 20.12 කී. ඔහිය හා ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර හමුවන දිගින් සහ උසින් අඩුම දුම්රිය බිංගය මෙයයි.

 මෙම බිංගය වටිටක්කා බිංගය වශයෙනුත් හදුන්වනු ලබන අතර, කොළඹ සිට දුම්රිය මාර්ගයේ දුර 233 කිලෝමීටර් කණුව පිහිටා ඇත්තේද මෙම බිංගයට ආසන්නවයි. එසේම බිංගය ආසන්නයේ කුඩා පාලමක්ද ඇත. එසේම මෙම බිංගය අවසානවීමත් සමගම අංක 27 දරණ දුම්රිය බිංගයද හමුවේ.





ඉදිරියෙන් පෙනෙන්නේ
 අංක 27 දරණ දුම්රිය බිංගයයි


ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.06 දිනයි.

මාගේ විශේෂ ස්තුතිය චතුරාංග මල්ලී ඔබට, ඔබගේ ශක්තිය, ධෛර්යය, මුලිකත්වයට.
එසේම තුෂාර මල්ලි ඔබට සහ මදුෂංක මල්ලී ඔබට මට දුන් සහයෝගයට 


No comments:

Post a Comment