Friday, 15 March 2013

බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 23 දරණ දුම්රිය බිංගය


බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා දුර කිලෝමීටර් 8.5 කී. එම දුර ප්‍රමාණය හා එම දුම්රිය ස්ථාන දෙක අතර බිංග 14 ක් පිහිටා ඇති අතර, දුම්රිය ස්ථාන දෙකක් අතර, ලෝකයේ වැඩිම දුම්රිය බිංග පිහිටා ඇත්තේ මෙම දුම්රිය ස්ථාන දෙක අතරයි.

මේ ඡායාරූප වලින් පෙන්නුම් කරන්නේ ඔහිය දුම්රිය ස්ථානයේ සිට, ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය වෙත යෑමේදී හමුවන දෙවන බිංගයයි. මෙය බදුල්ල දුම්රිය මාර්ගයේ 23 වන බිංගයයි. කොළඹ සිට දුම්රිය මාර්ගයේ දුර කිලෝමීටර් 231 කණුව මෙම බිංගය ආසන්නයේ පිහිටා ඇත. බිංගයේ දිග මීටර් 140. 85 කි.

පසුගියදා එනම් 2015.06.07 වන ඉරු දින මා හට ඔහිය සිට ඉදල්ගස්හින්න දක්වා දුම්රිය මාර්ගය දිගේ ඇවිද ගෙන යාමට නැවතත් අවස්ථාවක් උදාවිය. එම ගමනේදී මට දැනගන්නට ලැබුනා බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 23 ලෙසට සදහන් වන මෙම දුම්රිය බිංගය පසු ගිය වකවානුවකදී බිංගයේ අභ්‍යාන්තරය කඩා වැටීම නිසා දුම්රිය සේවකයන් බිංගය තුල සිරවී ඇති බව. ඒ නිසා ඔවුන් බේරා ගැනීම සදහා දුම්රිය බිංගය දෙසට කනින ලද උමං මාර්ගයක් අදත් අංක 23 බිංගය ආසන්නයේ දැක බලා ගත හැක. මෙහි පහත එම ඡායාරූපද පල කර ඇත.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.06 සහ 2015.06.07 දින.


බදුල්ල දුම්රිය මාර්ගයේ
 අංක 23 දරණ දුම්රිය බිංගය
  බදුල්ල දෙසට මුහුණත

බදුල්ල දුම්රිය මාර්ගයේ
 අංක 23 දරණ දුම්රිය බිංගය
  කොළඹ දෙසට මුහුණත


බදුල්ල දුම්රිය මාර්ගයේ
 අංක 23 දරණ දුම්රිය බිංගය
  කොළඹ දෙසට මුහුණත

බදුල්ල දුම්රිය මාර්ගයේ
 අංක 23 දරණ දුම්රිය බිංගය
  කොළඹ දෙසට මුහුණත

බදුල්ල දුම්රිය මාර්ගයේ
 අංක 23 දරණ දුම්රිය බිංගය

බදුල්ල දුම්රිය මාර්ගයේ
 අංක 23 දරණ දුම්රිය බිංගය
  බදුල්ල දෙසට මුහුණත





දුම්රිය සේවකයන් බේරා ගැනීම සදහා
කණින ලද උමගය

දුම්රිය සේවකයන් බේරා ගැනීම සදහා 
කණින ලද උමගය

දුම්රිය සේවකයන් බේරා ගැනීම සදහා 
කණින ලද උමගය

දුම්රිය සේවකයන් බේරා ගැනීම සදහා 
කණින ලද උමගය

දුම්රිය සේවකයන් බේරා ගැනීම සදහා 
කණින ලද උමගය

දුම්රිය සේවකයන් බේරා ගැනීම සදහා 
කණින ලද උමගය ඇති ස්ථානය

No comments:

Post a Comment