Monday, 4 February 2013

පේරාදෙණිය පාලම

1870 දී පමණ ගන්නා ලද ඡායාරූපයක්
ඡායාරූපය උපුටා ගන්නා ලද්දේ
www.europeana.eu/portal/record/92037/B6AB136BF3EF72D35540E69C8A6B6EDD941479B2.html
වේබි අඩවියෙනි.
 පේරාදෙණිය පාලම ඉදිකර ඇත්තේ මහවැලි ගග හරහාය. අද අපට දක්නට ලැබෙන්නේ දෙවන වරට ඉදි කරන ලද පාලමයි.

ප්‍රළුමයෙන්ම     ලුතිනන් ජනරාල් ජෝන් ෆර්සාර් විසින් 1826    යේ දෙසැම්බර් මස වැඩ ආරම්භ කර 1833 ඔක්තෝබර් මස  වැඩ අවසන් කර, ඉදිවු පාලමේ දිග මීටර් 62 ක් වුනු අතර එහි පලල මීටර් 7 ක් වුහ. තනිකරම බුරුත ලී දැව උපයෝගී කර ගෙන මෙම පැලම නිර්මාණය කර තිබිණ. අලි ඇතුන්ගේ ආධාරයෙන් පුත්තලමේ සිට රැගෙන එන ලද බුරුත ලී දැව උපයෝගී කර ගෙන, කිසිදු යකඩ ඇනයක් හෝ මුර්ච්චියක් උපයෝගී නොකර, එය නිර්මාණය කර තිබිණ.

1904 දී ඉදි කරන ලද පාලමේ චිත්‍රයක්
ඡායාරූපය උපුටා ගන්න‍ලෙද්දේ
www.harappa.com/post4/ceylon05.html
වෙබ් අඩවියෙනි.
මුල් කාලයේදී මෙම පාලමේ ගමන් ගන්නා ලද්දේ අශ්ව කරත්ත වැනි සැහැල්ලු වාහන වුහ. පසු කාලයේදී භාවිතයට ගැනුනු රථ වාහන වලට ඔරෝත්තු දෙන ආකාරයට යකඩ අදාරකරගෙන අද පවතින පාලම නිර්මාණය කරන ලදි. එසේ යකඩ භාවිතා කර 1904 දී මෙම පාලම සාදන ලද අතර, ලුතිනන් ජනරාල් ෆර්සාර් විසින් නිර්මාණය කරන ලද පාලම 1833 සිට 1905 දක්වාම භාවිතයට ගැනිනි.

අද පවතින පාලම
පැරණි ලී පාලමේ ආකෘතියක් ලන්ඩන් විද්‍යා කෞතුකාගාරයේ තබා තිබෙන බව පැවසේ.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.14 දිනයි.
අද පවතින පාලම

අද පවතින පාලම

1 comment: