Wednesday, 27 February 2013

සමනළයෙකු යුෂ උරා බොන හොඩවැල වැනි අවයවය (Proboscis)








මෙම ඡායාරූප වල සිටින්නේ The Common Jezebal නැමැති සමනළයාය. සත්තව විද්‍යාත්මක නාමය Delias eucharis

ඡායාරූප ගන්නා ලද්දේ බණ්ඩාරවෙල දී 2013.02.10 දින

Tuesday, 26 February 2013

බණ්ඩාරවෙල ටෙනිස් සමාජය

බණ්ඩාරවෙල ටෙනිස් සමාජය පිහිටා ඇති "Tennis Club" නම් ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය සමයේ ඉදි කරන ලද ගොඩනැගිල්ලකී. දුම්රිය මාර්ගය බණ්ඩාරවෙල දක්වා දිර්ඝ කිරිමෙන් පසුව හල්දුම්මුල්ල ගොඩනැගිල්ලක පැවැති මෙම ටෙනිස් ක්‍රීඩා සමාජය බණ්ඩාරවෙල නගරය වෙත රැගෙන එන ලද්දේ හල්දුම්මුල්ලේ වාසය කරන ලද විදේශිකයන් බොහෝ දෙනෙක් බණ්ඩාරවෙල හා හපුතලේට සංක්‍රමණයවී නිසායි. බණ්ඩාරවෙල පිහිටි මෙම "Tennis Club" නම් ඉපැරණි ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ ඉණ්ඩාරවෙල නගරයේ උද්‍යාන පාරේය. මෙම ටෙනිස් සමාජය මෙම ස්ථානයේ ආරම්භ කර ඇත්තේ 1897 වර්ෂයේදීය.



ඡායාරෑප ගන්නා ලද්දේ 2013.02.24 දිනයි.

බණ්ඩාරවෙල නගර ශාලාව - Town Hall

බණ්ඩාරවෙල නගර ශාලාව පිහිටා ඇත්තේ බණ්ඩාරවෙල නගරයේ උද්‍යාන පාරේය. බණ්ඩාරවෙල මහා නගර සභා කර්යාලයත්, නගර ශාලාවත් එකම ගොඩනැගිල්ලේ පිහිටා ඇත.


ඡායාරූපය ගන්නා ලද්දේ 2013.02.24 දිනය 
(දැනට නගර ශාලාව අළුත්වැඩියා කටයුතු කරගෙන යනු ලැබේ)

An Ancient Incubator

අද මෙන් පුරාණයේදී මෙතරම්ම දියණු පහසුකම් නොතිබුණත්, එදා භාවිතාවු උපකරණ සියල්ලම අද නවීකරණය වී ඇත. මෙහි පල කර ඇති ඡායාරූප වල පෙන්වන්නේ, හපුතලේ දිස්ත්‍රික් රෝහලේ ඇති ඉතා පැරණි ඉන්කියුබේටරයකී. අද මෙන් ස්වයංක්‍රිය ඉන්ක්‍රියුබේටර් නොතිබුනත් එම කාර්යය මෙම ඉන්ක්‍රියුබේටරය මගින් ඉටුකරගෙන ඇත.

හපුතලේ දිස්ත්‍රික් රෝහල 1880 දී පමණ බ්‍රිතාන්‍යයන් විසින් ඉදි කරන ලද රෝහලකී.






ඡායාරූප ගන්නා ලද්දේ 20120918 දින.

Tuesday, 12 February 2013

කැතරින් සීට් - බණ්ඩාරවෙල

කැතරින් සිට් නම් ස්ථානයේදී
 බණ්ඩාරවෙල නගරය,
සහ දියතලාව නගරය ආදි
 ස්ථාන වල හොද දසුනක්
 දැක බලා ගත හැක.
 කැතරින් සීට් නම් ස්ථානය පිහිටා ඇත්තේ බණ්ඩාරවෙල නායබැද්ද කදු මුදුනේ වන අතර ලිප්ටන් සීට් පිහිටියේ හපුතලේ දඹේතැන්නේය.

බණ්ඩාරවෙල නගරයේ සිට පූනාගල මාර්ගයේ කිලෝමීටර් 7 ක් පමිණි  තැන,  නායබැද්ද වතු යායට ප්‍රවිශ්ඨ වන මාර්ගය හමුවේ.

කැතරින් සිට් නම් ස්ථානයේදී
බණ්ඩාරවෙල නගරය,
සහ දියතලාව නගරය
ආදි ස්ථාන වල හොද
 දසුනක් දැක බලා ගත හැක.
 එම මාර්ගය දිගේ යාමේදි හමුවන අරුම්ගු ශ්‍රී මුත්තුමාර්යම්මාන් කෝවිල පසු කර මද දුරක් ගිය විට හමුවන පළමුවන තුන්මං හන්දියෙන් වමට ඇති මාර්ගයේ කැතරින් සිට් වෙත යාම සදහා යායුතුයි. එසේ ඉදිරියට යාමේදී අන්නායි වේලකන්නි ක්‍රිස්තු දේවස්ථානය හමුවේ. එම දේවස්ථානය පසු කර නායබැද්ද වතු යායේ - තේ කර්මාන්ත ශාලාව ආසන්නයට පැමිණිය හැක.

නායබැද්ද වතු යායේ - තේ කර්මාන්ත ශාලාව අසල ඇති මුර කුටියෙන් අවසර පත්‍රයක් ලබා ගෙන, නායබැද්ද වතු යායේ කර්මාන්තශාලාව ඉදිරියෙන් ඇති දකුණු දිශාවට ඇති මාර්ගයට ප්‍රව්ශ්ඨව, මාර්ග සළකුණු ඔස්සේ ඉදිරියට (කන්ද මුදුනට) ගමන් කිරිමෙන් කැතරින් සීට් නම් ස්ථානය දැක බලා ගැනීම පිණිස යා හැක. 

කැතරින් සිට් නම් ස්ථානයේදී බණ්ඩාරවෙල නගරය, සහ දියතලාව නගරය ආදි ස්ථාන වල හොද දසුනක් දැක බලා ගත හැක.

 (මා මෙම ස්ථානය නැරඹිම සදාහා ගිය දිනයේ එනම් 2012.12.27 දින දැඩිව මීදුම සහ වර්ෂාව පැවැති බැවින් කැතරින් සීට් සහ ලිපිටන් සීට් ආසන්නයට යාමට නොහැකි වුයෙන් එම ස්ථාන වල ඡායාරූප මෙහි පල නොකරන අතර ඉදිරියේ වෙනත් දීනයකදී එම ස්ථානයට නැවත ගොස් එම ඡායාරූප පල කරන්නම්)


කැතරින් සිට් නම් ස්ථානයේදී
 බණ්ඩාරවෙල නගරයේ
හොද දසුනක් දැක බලා ගත හැක.

තේ දළු කිරන ස්ථානයක්




අවට මී දුමෙන් වැසි ගියා

Sunday, 10 February 2013

සමනළයා - The Red Pierrot


සත්තව විද්‍යාත්මකව Talicado nyseus වශයෙන් සහ ඉංග්‍රිසි භාෂාවෙන් The Red Pierrot වශයෙන් හදුන්වනු ලබන සමනළයා.

සමනළයා - The Common Mormon

සත්ත්ව විද්‍යාත්මකව Papilio polytes වශයෙනුත් ඉංග්‍රිසි භාෂාවෙන් The Common Mormon වශයෙන්ද හදුන්වනු ලබන සමනළයා.

සමනළයා - The Common Sailor


සත්තව විද්‍යාත්මකව Neptis hylas වශයෙනුත් ඉංග්‍රිසි භාෂාවෙන් The Common Sailor වශයෙනුත් හදුන්වනු ලබන සමනළයා.

සමනළයා - The Great Eggfly

ඉංග්‍රිසි භාෂාවෙන් The Great Eggfly වශයෙනුත් සත්ත්ව විද්‍යාත්මකව Hypolimnas bolina වශයෙනුත් හදුන්වනු ලබන සමනළ විශේෂය.



Friday, 8 February 2013

ශ්‍රී භක්ත හනුමා (හින්දු) දේවස්ථානය - රම්බෝඩ

අඩි 18ක් උස හනුමන්තා
 ප්‍රථිමාව
ඡායාරූපය උපුටා ගන්නා ලද්දේ
www.ramboda.blogspot.com
නම් වේබි අඩවියෙනි.
ශ්‍රී භක්ත හනුමා (හින්දු) දේවස්ථානය පිහිටා ඇත්තේ මධ්‍යම පළාතේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ රම්බෝඩය. ගම්පොල සිට නුවරඑළිය මහා මාර්ගයේ පැමිණිමේදී හමුවන රම්බෝඩ, වේවැන්ඩ නම් කන්දෙහි මෙම හින්දු දේවස්ථානය පිහිටා ඇත. මහා මාර්ගයේ සිට කිලෝමීටර් 1/2 පමණ කන්ද දෙසට  ඇති මාර්ගයේ යාමෙන් මෙම ස්ථානයට ලගා විය හැක.

අඩි 18ක් උස ලංකාවේ උසම හනුමන්තා ප්‍රථිමාව ඇත්තේද මෙම හින්දු දේවස්ථානයේය.

අඩි 18ක් උස හනුමන්තා
 ප්‍රථිමාව
ඡායාරූපය උපුටා ගන්නා ලද්දේ
www.ramboda.blogspot.com
නම් වේබි අඩවියෙනි.




මෙම දේවස්ථානයට ඉදිරියෙන් පෙනෙන්නේ කොත්මලේ ජලාශයයි.

දේවස්ථානයේ ලිපිනය:
ශ්‍රී භක්ත හනුමා (හින්දු) දේවස්ථානය,
වේවැන්ව කන්ද,
රම්බොඩ.

දුරකතනය: 052 2259645

ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.14 දිනයි.

ශ්‍රී භක්ත හනුමා (හින්දු) දේවස්ථානය

ශ්‍රී භක්ත හනුමා (හින්දු) දේවස්ථානය

Thursday, 7 February 2013

සද්ධාතිස්ස වැව - ඔක්කම්පිටිය

බුත්තල ප්‍රාදේශිය ලේකම් කට්ඨාශයට අයත් ඔක්කම්පිටියේ පිහිටා ඇති වැවකි, සද්ධාතිස්ස වැව.









ඡායාරූප ගන්නා ලද්දේ 2011.06.06 දිනයි.

Wednesday, 6 February 2013

දුම්කොළ පෙට්ටිය

 (Tobacco Box)

පුරාණයේදී ශ්‍රී ලංකිකයන්, තම නිවසට පැමිණි අමුත්තන් බත බුලතින් සංග්‍රහ කලේය. බුලත් විටක් ලබා දීම විශේෂ කොට පැමිණෙන්නේ සැලකුහ. බුලත් විට සදහා භාවිතයට ගැනුනු දුංකොළ කුඩා කැබලි වලට කපා බුලත් හෙප්පුවේ නොඑසේ නම් ඉලත් තට්ටුවේ තැබීම සදහා දුම්කොළ පෙට්ටිය භාවිතයට ගැනිනි.


බුලත් හෙප්පුව - (ඉලත්තට්ටුව)

ඉපැරණි සිංහල සංස්කෘතියේ ප්‍රධාන තැනක් ගත්තේ බුලත් විටයි. බුලත් විටකින් සංග්‍රහ කිරිම, බුලත් විටකින් සංග්‍රහ ලැබීම විශේෂයක් ලෙස සැලකුහ. බුලත්, පුවක් ආදිය තබා පිළිගැන්වීම පිණිස බුලත් හෙප්පුව හෙවත් ඉලත්තට්ටුව භාවිතයට ගැනිනි.

ප්‍රමාණයෙන් කුඩා ඉලත්තට්ටුව මේසය මත තැබීම පිණිසත්, අඩි 3 1/2 ක් පමණ උසවු ඉලත්තට්ටුව බිම තැබීම පිණිසත් භාවිතයට ගැනිනි. බිම තැබීමට භාවිතයට ගැනුනු ඉලත් තට්ටුවේ, දුම්කොළ පෙට්ටිට, හුණු කිල්ඔටය, ගිරය යනාදියදි තබා තිබිණ.