Sunday, 6 January 2013

හනුමන්තා පාද සටහන් තබා ගිහිල්ලා ද ? ? ?

ගල් වන - Pot hole
(වලවේ ගග)
 වර්තමානයේ රාමා-රාවණා-සීතා කතා පුවත ගැන විශේෂයෙන් නැවතත් කතා බහට ලක්වු අවධියකී. ජනප්‍රවාදයහි පවතින, තොරතුරු සම්බන්ධයෙන් අපට තොරතුරු සාකච්ඡා කල හැකි වුවත් ඒ පිළිබදව පුරාවිද්‍යාත්මකව සාක්ෂි ලැබෙන්නේ ඉතාම අල්පවයි.
ගල් වන - Pot hole
(බණ්ඩාරවෙල)

නුවරඑළිය නගරයේ සිට බදුල්ල මාර්ගයේ කිලෝමීටර් 7 ක් පැමිණි තැන, කිලෝමීටර් 74 කණුව ආසන්නයේ "සීතා අම්මාන් කෝවිල - නුවරඔළිය", යන කෝවිල හමුවේ. සීතාඅම්මාන් කෝවිලක් ලෝකයේ වෙන කිසිම ස්ථානයක නොමැති බව පැවසේ. මෙම කෝවිල බදුල්ල-නුවරඑළිය මහා මාර්ගය ආසන්නයේම පිහිටා ඇත. එසේම මෙම කෝවිල අවට ප්‍රදේශය "සීතාඑළිය" යැයි කියනු ලැබේ.

ගල් වන - Pot hole
(බණ්ඩාරවෙල)
 මෙම සීතා අම්මාන් කෝවිල ආසන්නයේම දර්ශනිය දෝල පාරක් ගලා ගෙන යනු ලැබේ. මෙම කෝවිල ආසන්නසේ මෙම  දර්ශනිය දොල පාරේ ඇති ගල් තලාවේ ගලෙහි සෑදී ඇත් Pot Holes රාශියකී. මේවා ජලයේ සැඩ පහර නිසා, වර්ෂ සිය ගණනාවකදී නිර්මාණයවු වලවල්ය. මේවා සිංහලයෙන් "ගල්වන" ලෙසට හැදින්වේ.


සීතා අම්මාන් කෝවිල
ආසන්නයේ ඇති
ගල් වන - Pot holeහනුමන්තාගේ පාද යැයි 
කියනු ලබන්නේ මේවාටයි
 මෙම සීතා අම්මාන් කෝවිල ආසන්නයේ ඇති දොල පාරේ ඇති Pot holes කිහිපයක් කහ වර්ණයෙන් සලකුණු කර ඇත. එසේම ඒවා එම වර්ණයෙන් සලකුණු කිරිම නිසා පාදයක හැඩයක් සේ දිස්වේ.

සීතා දේවියට ආලෝකය ලබා ගැනීම සදහා මෙම ස්ථානයට  සීතා දේවිය රැගෙන ආ බවත් ඉන් පසු මෙම ස්ථානය සීතාඑළිය වු බවත් පැවසේ. හනුමන්තා සීතා සොයා ගෙන යාමේදී, සීතා හමු වන්නේ මෙම ස්ථානයේදීය.

ගල් වන - Pot hole
(නිධානයත් තිබු ගල් වනයක්-
මීගහකිවුල)
 මෙසේ කහ වර්ණයෙන් ඉස්මතු කර පෙන්වා තිබෙන Pot holes හනුමන්තාගේ පාද සළකුණු බවට විශ්වාස කෙරේ. 

එහෙත් ඒවා හනුමන්තාගේ පාද සළකුණු නොවේ. ස්ථිරවම මේවා වර්ෂ දහස් ගණනකදී නිර්මාණයවු Pot holes ය.

සීතා අම්මාන් කෝවිල
ආසන්නයේ ඇති
ගල් වන - Pot hole
හනුමන්තාගේ පාද යැයි
කියනු ලබන්නේ මේවාටයි

මිත්‍යව සහ සත්‍යය වෙන් කර ගැනීම ඔබ සතුයි. මේවා පිළිබදව ඔබව දැනුවත් කිරිම මාගේ යුතුකමයි.

සීතා අම්මාන් කෝවිල
ආසන්නයේ ඇති
ගල් වන - Pot holeහනුමන්තාගේ පාද යැයි 
කියනු ලබන්නේ මේවාටයි

No comments:

Post a Comment