Wednesday, 9 January 2013

සීතා අම්මාන් කෝවිල - නුවරඑළිය

 නුවරඑළිය නගරයේ සිට බදුල්ල මාර්ගයේ සීතාඑළිය නම් ස්ථානයේ පිහිටා ඇති කෝවිලකී, සීතා අම්මාන් කෝවිල. සීතා අම්මාන් කෝවිලට නුවරඑළියේ සිට දුර කිලෝමීටර් 7කී.

රාමා සීතා වෘතාන්තයේ එක් සන්ධි ස්ථානයකී මෙම නුවරඑළියේ පිහිටි සීතා අම්මාන් කෝවිල. රාමා සීතා වෘතාන්තයේ දී සගවා ගෙන සිටි සීතා දේවිය හිරු එළිය දැකීම සදහා රැගෙන ආවේ මෙම ස්ථානයට බවත්. සීතා දේවිය, හනුමාට හමුවුයේ මෙම ස්ථානයේදී බවත් පැවසෙන අතර, හනුමාගේ පාද සළකුණු මෙම ස්ථානයේ ඇති ගග පතුලේ ඇතැයිද පැවසේ.

එසේම, මෙම ස්ථානයේ පුරාණයේදී කෝවිලක් නොතිබුණු අතර, පොල් ගැසීම, පුද පුජා, පඩුරු බැදීම ආදියෙන් සංවර්ධනයවී අද පවතින තත්වයට මෙම ස්ථානය සංචර්ධවයව ඇති අතර. දැනට පිලිගැනෙන පරිදි ලෝකයේ ඇති එකම සීතා අම්මාන් කෝවිල යෙ බවද පැවසේ. 

ඡාපාරූප ගන්නා ලද්දේ 2013.12.05 දින
හනුමාගේ පාද සළකුණු

හනුමාගේ පාද සළකුණු



හනුමාගේ පාද සළකුණු

No comments:

Post a Comment