Wednesday, 2 January 2013

ශ්‍රී කතරගම දේවාලය - කොස්ලන්ද

 මෙම ස්ථානය පිහිටා ඇත්තේ ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, කොස්ලන්දේය. බොරගල-වැල්ලවාය මහා මාර්ගයේ කිලෝමීටර් 211 කණුව ආසන්නයේ මෙම ස්ථානය පිහිටා ඇත.

පොල් ගසන පැරණි ගල
 බ්‍රිතාන්‍යයන් විසින් බෙරගල සිට වැල්වාය දක්වා මාර්ගය සකස් කිරිමේදී මෙම ස්ථානයට කතරගම වැඩිහිටි කන්ද හොදින් දෘෂ්‍යමාන වීම නිසා, සතරැස් ගලක් තබා ගෙන එහි පොල් ගසා පඩුරු ගැට ගසා භාර හාර කිරිම ආරම්භ කර ඇති අතර ක්‍රමයෙන් මෙම ස්ථානය අද පවතින තත්වයට සංවර්ධනයවී ඇත.

 කතරගම දේවාලයේ උත්සව පැවැත් වෙන සමයේ ඊට සමගාවීව මෙම ස්ථානයේදී ද ගිනි පැගීම ඇතුළු දේවියන් උදෙසා පැවැත්වෙන සියළුම වතාවත් සිදු කරනු ලැබේ. එසේම මෙම ස්ථානය හාස්කම් සහිත ස්ථානයක් යැයි ප්‍රසිද්ධය.

 දැනට දේවාලයේ භාරකරු/කපු මහතා වශයෙන් ඉන්දික ප්‍රසන්න තිලකරත්න මහතා කටයුතු සිදු කරනු ලැබේ.

දේවාලයේ ලිපිනය:
ශ්‍රී කතරගම් දේවාලය,
බිබිලේහෙල,
ඌව මාවෙලගම,
කොස්ලන්ද.

ඡායාරූප ගන්නා ලද්දේ 2012.12.30 දින.




No comments:

Post a Comment