Thursday, 31 January 2013

පනංගල වැව - බණ්ඩාරවෙල

ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය සහ හාලිඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ දෙකේ මායිම් වල මෙම පනංගල වැව පිහිටා තිබේ. 

බණ්ඩාරවෙල-ඇටම්පිටිය මාර්ගයේ, එස්ලැබි තේ කර්මාන්ත ශාලාව පසුවී කිලෝමීටර්  1/4 පමණ ගිය තැන හමු වන පනංගල මාර්ගයේ කිලෝමීටර් 2 1/2 ක් පමණ ගිය විට මෙම පනංගල වැව ආසන්නයට යා හැක. (මාර්ගය බොරළු සහිත තරමක් අපහසු බැවින් 4WD වාහනයක් මෙහි යාම සදහා සුදුසුවේ.






ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.30 දිනයි.

Friday, 25 January 2013

ගල විද්ද තැන - රම්බොඩ

රම්බෝඩ 1800 මුල් කාලයේදි
www.lankapura.com/road-ramboda-ceylon-late-1800s/
 මේජර් තෝමස් ස්කිනර් විසින් 1828 වර්ෂයේදී ගම්පොල නගරය දක්වා පැමිණ තිබු කරත්ත පාර නුවරඑළිය දක්වා දිර්ඝ කිරිමේ කර්ත්‍යවියය පැවරි තිබිණි. එසේ පාර සකස් කර ගෙන පැමිණිමේදී රම්බොඩ ආසන්නයේදී මේජර් තෝමස් ස්කිනර් හට මහත් උභතොකොටික ප්‍රශ්ණයකට මැදි වන්නට සිදු විය.

රම්බෝඩ 1900 මුල් කාලයේදි
Sunday Observer November 24, 2002
ඒ විශාල ගල් පර්වකයක් තුලින් මාර්ගය ඉදි කිරිමට සිදුවීමයි. එයට හේතුව වුයේ  ගල කඩා දැමුව හොත් පසු කාලයේදී මුළු කන්දම පාරට නායයෑමේ අවධානමයි. ගල මග හැර මාර්ගය ඉදි කිරිමට නොහැකි වුයේ එම ස්ථානයේ පැවති දැඩි ප්‍රපාතාකාර බෑවුමයි. ඒ නිසා මේජර් තෝමස් ස්කිනර් එම ගල් පර්වතය විද ස්වභාව ධර්මයේ දර්ශණිය ස්ථානයකුත් එක් කරමින් මහා මාර්ගය ඉදි කලේය.

රම්බෝඩ 2013, ජනවාරි
මුල් කාලයේදී (1800 මුල් කාලය) මෙම මාර්ගයේ ගමන් කලේ අශ්ව කරත්ත, ගොන් කරත්ත වැනි වාහන පමණක්වු අතර 1900න් පසු කුඩා කාර් වැනි  රථ වාහන ගමන් කිරිම මෙම ස්ථානයේ එතරම් අපහසුතාවයක් නොවිය. 

පසු කාලයේ දී මෙම ගල පහතට වැටේ යැයි යන සැකය නිසා ඇතුලතින් බැමි තුනක් යොදා ගලට සහයක් ලබා දෙන ලදී.

එහෙත් කල් යාමේදී විශාල දිගු වාහන මෙම ස්ථානයෙන් ගමන් කල නොහැකිවු නිසා, අද ලංකාවේ දිගුම මහා මාර්ගයට ඇති උමගය මෙම ස්ථානයට යාබදව ඉදි කර ඇති බැවින් රථ වාහන උමගයෙන් ගමන් ගන්නා අතර, මෙම රම්බෝඩ ගල විද්ද ස්ථානයේ ඇති මාර්ගයෙන් රථ වාහන ගමන් නොකරන අතර, ඓතිහාසික සුන්දර ස්ථානය එලෙසම පවතී.

රම්බෝඩ 2013, ජනවාරි

රම්බෝඩ 2013, ජනවාරි
ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.13 දින.

Monday, 21 January 2013

රෝමාණු කතෝලික දේවස්ථානය - මාවතගම

 කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි මාවතගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, මාවතගම නගර මධ්‍යයේ අතුරු මාර්ගයක පිහිටා ඇති දේවස්ථානයකී. රෝමාණු කතෝලික දේවස්ථානය. 1948.09.18 දින මෙම රෝමාණු කතෝලික දේවස්ථානය විවෘත කර ඇත.

 ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.13 දිනයි



Sunday, 20 January 2013

ඇම්බැක්ක දේවාලය

ඇම්බැක්ක දේවාලයේ දිග් ගේ
 14 වන ශත වර්ෂයේ ගම්පොල සිය රජධානිය කරගෙන ශ්‍රී ලංකාව පාලනය කල 111 වන විකුමබාහු රජු විසින් ඇම්බැක්ක දේවාලය, කතරගම දෙවියන් උදෙසා කරවන ලද්දකී.
ඇම්බැක්ක දේවාලය
ඇම්බැක්ක දේවාලය ලෝකයා අතර පුචලිතව ඇත්තේ ලී කැටයම් නිසාය. ඇම්බැක්ක දේවාලයේ ඇති මුළු ලී කැටයම් ගණන 514 කී.

"ඇම්බැක්ක වර්ණනාව"  නම් ග්‍රන්ථයේ ඇම්බැක්ක දේවාලය පිළිබදව දිර්ඝ විස්තරයක් අඩංගු ග්‍රන්ථයකී. ඇම්බැක්ක දේවාලය දෙල්ගොඩ මුදියන්සේ නැමැත්තකු විසින්, 111 වන වික්‍රමබාහු රජතුමාගේ දේවිය වු හෙනකද බිසෝ බණ්ඩාර නම් දේවියට අයත් උයනක මෙම දේවාලය ඉදි කර ඇත.

ඇම්බැක්ක දේවාලය


රන්ගම නැමැති පනික්කියා (බෙරකරු) තමාගේ ශරිරයේවු කුෂ්ඨ රෝගය සුව කර දෙනමෙන්, කතරගම දෙවියන්ට භාරයක්වු බවත්, එම කුෂ්ඨ රෝගය සුවපත්වීම නිසා රන්ගම නම් පනික්කියා වාර්ෂිකව කතරගම ගොස් පනික්කි වාදනයෙන්, භාරය ඔප්පු කරමින් සිටියේය. එහෙත් ඔහු කල් යත්ම වියපත් වු බැවින් එම භාරය ඔප්පු කර ගත නොහැකි වුයෙන්, කණස්සල්ලෙන් සිටින  අවස්ථාවක පනික්කියා දුටු සිහිනයක් නිසා මෙම ස්ථානයේ 111 වන වික්‍රමබාහු රජුගේ බිසව හෙනකද බිසෝ බණ්ඩාරට පැවසීම නිසා මෙම දේවාලය මෙම ස්ථානයේ බදි කර ඇති බව පැවසේ.

පැරණි දොර උළුවස්සක්
 ඇම්බැක්ක දේවාලයේ ඉදිරියෙන් ඇති කොටස දිග්ගේ නම්න් ව්‍යවහාර කරනු ලැබේ. එය අඩි 53 ක් දිග වන අතර පළල අඩි 26 කී. එක් පැත්තක කණු යුගල අට බැගින් ලී කණු යුගල 16 කී. එසේම අනෙක් පැත්තේ ද ලී කණු යුගල 16 කී. මෙම එක් ලී කණුවක මැද සතරැස් වන සේ කොටු තුල කැටයම් නෙලා ඇත. ඇම්බැක්ක දේවාලයේ ඇති මුළු කැටයම් ගණන 514 කී.


සදකඩ පහණක්
 දේවාලයට පිවිසීම සදහා වාහල්කඩ මැදින් පැමිණිය යුතුයි. වාහල්කඩේ කණු වලත් කැටයම් නෙලා තිබෙනු දක්නට ලැබේ. වාහල්කඩ අඩි 23 ක් දිගු වන අතර පලල අඩි 19 කී. වහලය ලී කණු 10 කින් දරා සිටියි.

ඇම්බැක්ක දේවාලයේ
ඇති ‍ගොඩනැගිල්ලක්
 ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.14 දිනයි.
ඇම්බැක්ක දේවාලයේ
පැරණි අටුව

ඇම්බැක්ක දේවාලයේ
පැරණි අටුවේ දොරටුව


ඇම්බැක්ක දේවාලයේ
වාහල්කඩ

ඇම්බැක්ක දේවාලයේ
ලී කැටයම්

ඇම්බැක්ක දේවාලයේ
ලී කැටයම්

ඇම්බැක්ක දේවාලයේ
ලී කැටයම්

ඇම්බැක්ක දේවාලයේ
ලී කැටයම්

ඇම්බැක්ක දේවාලයේ
ලී කැටයම්

ඇම්බැක්ක දේවාලයේ
ලී කැටයම්

ඇම්බැක්ක දේවාලයේ
ලී කැටයම්

පැරණි ගල් උළුවස්සක්

ඇම්බැක්ක දේවාලයේ
ලී කැටයම්

ඇම්බැක්ක දේවාලයේ
ලී කැටයම්

ඇම්බැක්ක දේවාලයේ
ලී කැටයම්

ඇම්බැක්ක දේවාලයේ
ලී කැටයම්

ඇම්බැක්ක දේවාලයේ
ලී කැටයම්

ඇම්බැක්ක දේවාලයේ
ලී කැටයම්

ඇම්බැක්ක දේවාලයේ
ලී කැටයම්

ඇම්බැක්ක දේවාලයේ
ලී කැටයම්

ඇම්බැක්ක දේවාලයේ
ලී කැටයම්

ඇම්බැක්ක දේවාලයේ
ලී කැටයම්

ඇම්බැක්ක දේවාලයේ
ලී කැටයම්

ඇම්බැක්ක දේවාලයේ
ලී කැටයම්

Saturday, 19 January 2013

රණවිරු ස්මාරකය - මාවතගම


මෙම රණවිරු ස්මිරකය පිහිටා ඇත්තේ මාවතගම නගරයේ, මහනුවර-කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ, මහජන ප්‍රජාශාලාව - මාවතගම ආසන්නයේය. මාවතගම පිහිටා ඇත්තේ වයඹ පලාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේය. මෙහි රණවිරුවන් 154 දෙනෙකුගේ නාම සහිත ඵළකයක්ද ස්ථාපනය කර ඇත.

ඡායාරූප ගන්නා ලද්දේ  2013.01.14 දින

Thursday, 17 January 2013

ඇම්බැක්ක අම්බලම

ඇම්බැක්ක අම්බලමේ ගල් කණු
ඇම්බැක්කේ       පිහිටි නටඹුන්වු අම්බලම ක්‍රි:ව: 1341-1351රජකම් කල  iv වන බුවනෙකබාහු රජු විසින් කර වන ලද්දක් බව පැවසේ. මෙම අම්බලමේ වහලය දරා සිටි ගල් කණු අදත් දක්නට ලැබෙන අතර, එහිද අම්බැක්කේ දේවාලයේ මෙන් ගල් කැටයම් දක්නට ලැබේ.


අම්බැක්ක අම්බලමේ ගල් කැටයම්

අම්බැක්ක අම්බලමේ ගල් කැටයම්

අම්බැක්ක අම්බලමේ
ගල් කැටයම් සහිත
ගල් කණුවක්

අම්බැක්ක අම්බලම
අසල ගල් තලාවේ ඇති යම්
සටහනක්

මෙම අම්බලම දිග අඩි 27 ක්ද පළල අඩි 22 ක්ද වන ගොඩනැගිල්ලකී. එසේම මෙම අම්බලම "සිංහාසන මණ්ඩපය" ලෙසද සමහරුන් විසින් හදුන්වනු ලබන්නේ, රජු මෙම ස්ථානයේ සිට පෙරහැර නැරඹිම නිසා බවද පැවසේ.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.14 දින