Monday, 21 October 2013

කුරුල්ලන්ගල ඉපැරණි චිත්‍ර

කුරුල්ලන්ගල පිහිටා ඇත්තේ ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කරදගොල්ල ග්‍රාමයේය. ඇල්ල-වැල්ලවාය මාර්ගයේ, කරදගොල්ල මං සන්දියේ සිට කිලෝමීටර් 7 ක් පමණ අති දුෂ්කර මාර්ගයක කන්ද තරණය කිරිමෙන් පසු මෙම ස්ථානයට ලගා විය හැක. පුරා විද්‍යා ගවේෂණයන්ට අනුව මෙම චිත්‍ර වර්ෂ පන්දහසකට වඩා පැරණි බව පැවසේ.

මෙම අති දුෂ්කර ගමන සදහා මා සමග කරදගොල්ල, රක්ඛිත්තා කන්ද රජ මහා විහාරස්ථානයේ සුගත රංසි හිමියන්, මීට වර්ෂ කිහිපයකට පෙර මෙම චිර්‍ත සොයාගත් කරදගොල්ලේ මෙත්තානන්ද මහතා සම චතුරාංග මල්ලී මා සමග සහභාගී වුනා. ( මෙහි ඇති ඡායාරෑප වෛද්‍යා අශාන් ගීගන මැතිතමාගේ ඡායාරූප බව සදහනි කරන අතර එෟවා ලබා දීම පිළිබදව එතුමාට ස්තුති වන්ත වෙමි)

ඡායාරූප 2013.10.21 දින

කුරුල්ලන්ගල ඉපැරණි චිත්‍ර

කුරුල්ලන්ගල ඉපැරණි චිත්‍ර

කුරුල්ලන්ගල ඉපැරණි චිත්‍ර

කුරුල්ලන්ගල ඉපැරණි චිත්‍ර

කුරුල්ලන්ගල ඉපැරණි චිත්‍ර

කුරුල්ලන්ගල ඉපැරණි චිත්‍ර

කුරුල්ලන්ගල ඉපැරණි චිත්‍ර

කුරුල්ලන්ගල ඉපැරණි චිත්‍ර

කුරුල්ලන්ගල ඉපැරණි චිත්‍ර

කුරුල්ලන්ගල ඉපැරණි චිත්‍ර

කුරුල්ලන්ගල ඉපැරණි චිත්‍ර

කුරුල්ලන්ගල ඉපැරණි චිත්‍ර

කුරුල්ලන්ගල ඉපැරණි චිත්‍ර

කුරුල්ලන්ගල ඉපැරණි චිත්‍ර

කුරුල්ලන්ගල ඉපැරණි චිත්‍ර

කුරුල්ලන් ගල කන්ද
1. කුරුල්ලන් ගල සතරැස් කොටුව
2. කුරුල්ලන් ගල චිත්‍ර ඇති ස්ථානය

සුගත රංසි හිමියන්


Thursday, 10 October 2013

බදුල්ල දුම්රිය ස්ථානය

උඩරට බදුල්ල දුම්රිය මාර්ගයේ අවසානය බදුල්ල දුම්රිය ස්ථානයයි. 1894 වර්ෂය වන විට උඩරට බදුල්ල දුම්රිය මාර්ගයේ අවසාන දුම්රිය ස්ථානයවී තිබුණේ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයයි. 1894 දී බණ්ඩාරවෙල සිට බදුල්ල දක්වා දුම්රිය මාර්ගය දිග් කිරිමේ වැඩ ආරම්භ කරන ලදී. 1923 දී උඩරට බදුල්ල දුම්රිය මාර්ගයේ බදුල්ල දක්වා දුම්රිය ගමනා ගමනය ආරම්භ විය. බදුල්ල දුම්රිය ස්ථානයේ අංකය 290 වන අතර, කොළඹ සිය සැතපුම් 181 කී, කිලෝමීටර් 291.60 කී.
දුරකතන අංකය: 055 222271

ඡායාරෑප ගන්නා ලද්දේ 2013.10.09 දිනයි.


කොළඹ සිට සැතපුම් 181 යි.

බදුල්ල දුම්රිය ස්ථානය

බදුල්ල දුම්රිය ස්ථානය

බදුල්ල දුම්රිය ස්ථානය

බදුල්ල දුම්රිය ස්ථානය

බදුල්ල දුම්රිය ස්ථානය

බදුල්ල දුම්රිය ස්ථානය

බදුල්ල දුම්රිය ස්ථානය

බදුල්ල දුම්රිය ස්ථානය

බදුල්ල දුම්රිය ස්ථානය

බදුල්ල දුම්රිය ස්ථානය

බදුල්ල දුම්රිය ස්ථානයේ ඇති පැරණි
දොබකරයක්

බදුල්ල දුම්රිය ස්ථානය

බදුල්ල දුම්රිය ස්ථානය

Tuesday, 24 September 2013

පීස්ස දිය ඇල්ල - ලුණුගල

පීස්ස දිය ඇල්ල වුකලී බදුල්ල දිස්ත්‍රික්කයේ, ලුණුගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් අඩි 200 ක් පමණ උස්වු දිය ඇල්ලකී. මෙම දිය ඇල්ල පස්සර නගරයේ සිට ලුණුගල මාර්ගයේ කිලෝමීටර් 10 ක් පමණ පැමීණිමෙන් පසුව හමුවන පීස්ස මං සන්දියේ සිට දකුණු අත දෙසට ඇති කාපට් යෙදු මාර්ගයේ කිලෝමීටර්  4 1/2 ක් පමණ ගොස්, එහිදි හමුවන පඩිපෙලක් ආධාරයෙන් කන්ද බැස එහිදී ද හමුවන කොන්ක්‍රීට් ඇල මාර්ගය දිගේ දකුණ දෙසට ගොස් හමුවන කුඩා විදුලි බලාගාරය ආසන්නයෙන් ගොස්, ඇල මාර්ගය නිසා කඩා හැලෙන කුඩා දිඇල්ල (අඩි 20 ක් පමණ උස) ආසන්නයේ ඇති පඩිපෙල දිගේ නැවත කන්ද පහලට යායුතු අතර, එම පඩි පෙල අවසන් වන්නේ පීස්ස දිය ඇල්ල ආසන්නයෙනි.

මෙම පීස්ස දි ඇල්ල වර්තමානයේ ප්‍රසිද්ධියට පත්වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති ගරු ඩි. එස්. සේනානායක මැතිතුමාගේ රජය මගින් ගග හරස් කර වාරි කර්මාන්තයක් "පීස්ස" නමින් ක්‍රියාත්මක කරවීමෙන් පසුවයි.

ඉතා අලංකාර දිය ඇල්ලක් වන මෙය නැරඹිම සදහා ඌව පලාතේ සංචාරක අමාත්‍යාංශය විසින් ආරක්ෂිත නැරඹුම් අට්ටාලයක්ද සදා ඇත. දිය ඇල්ල පිහිටි පර්වයේ මැද ගල් ලෙනකී. එය සෘෂි ලෙන වශයෙන් හැදින්වේ. එහි පුරාණ කාලයකදී හිමාල‍ වනයේ සිට පැමිණි සෘෂිවරයෙක් මෙහි වාසය කල බවට ජන ප්‍රවාදයේ කියැවේ.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.08.16 දිනයි.


පීස්ස දිය ඇල්ල

පීස්ස දිය ඇල්ල

පීස්ස දිය ඇල්ල

පීස්ස දිය ඇල්ල

නරඹුම් අට්ටාලය

දිය ඇල්ල වෙත පිවිසීමට ඇති මාර්ගය

දිය ඇල්ල වෙත පිවිසීමට ඇති මාර්ගය

වේවැල් පදුරක්

ජල උල්පතක්

දිය ඇල්ල වෙත පිවිසීමට ඇති මාර්ගය

පීස්ස ගම විදුලි බලාගාරය

පීස්ස ගම විදුලි බලාගාරය

පීස්ස ගම විදුලි බලාගාරය

දිය ඇල්ල වෙත පිවිසීමට ඇති මාර්ගය

ශ්‍රී මුරුගන් කෝවිල, කෙසෙල් වත්ත

සුමනපාල මහතා
072 8579332



Monday, 23 September 2013

මාර්ටින් වික්‍රමසිංහ මහතා කලක් ජීවත්වු බණ්ඩාරවෙල නිවස

හෙලයේ මහා ගත් කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාට අයත්ව තිබු නිවසක් බණ්ඩාරවෙල, බිදුණුවැව, බදුළුගස්තැන්න නම් ස්ථානයේ ඇත. එම නිවසේ සිට මාර්ටින් වික්‍රමසිංහ මහතා පොත් පත් කිහිපයක් ලියා ඇති අතර, එතුමා වීඩාව සන්සිදුවා ගැනීම පිණිස විවේකය ගත කිරිම සදහාද මෙම නිවස භාවිතයට ගෙන ඇත.

ඡායාරූප ගන්නා ලද්දෙ 2013.09.11 දිනයි.

නිවස

නිවස

Sunday, 22 September 2013

වැදි නායක වන්නකු තිසාහාමිගේ සොහොන් කොත - බදුල්ල

වන්නකු තිසාහාමි නිල්ගල වැදි නායකයා වශයෙන් සිටි අයයි. මෙම වැදි නායක වන්නකු තිසාහාමි, දොස්තර ආර්. එල්. ස්පිට්ල් මහතා වැද්දන් ගැන කරන ලද ගවේෂණයේදී ඉමහත් සේවයක් කල පුද්ගලයෙකී. වන්නකු තිසාහාමි නිල්ගල වැදි නායකයා වශයෙන් ඉමහත් ප්‍රසිද්ධියට පත්ව සිටියත් ඔහු ඉමහත් දාමරිකයෙකු, සැහැසියකු වශයෙන් දාමරිකකම්, සැහැසීකම් රාශියක් සිදු කිර්ම නිසා සහ ගංජා හේනක් පවත්වා ගෙන ගිය නිසා උසාවිය මගින් වරෙන්තු ලබා සිටියෙකී. පසුව ඔහු පොලිසියට භාරවී, බදුල්ලේ පිහියා ඇති බණ්ධනාගාරයේ සිරදඩුවම් විද 1950 අගෝස්තු මස මිය ගියේය. 

තමාට තල සේවය වෙනුවෙන් දොස්තර ආර්. එල්. ස්පිට්ල් මහතා මෙම වැදි නායකයාගේ දේහය භාරගෙන බදුල්ල පොදු සුසාන භූමියේ මිහිදන් කර සොහොන් කොතක් මෙසේ තනා ඇත. මෙම සොහොන් කොත 2002.11.22 දින අංක 1264 දරණ ගැසට් පත්‍රය මගින් පුරා විද්‍යා ආරක්ෂිත ස්මාරකයක් වශයෙන් නම් කර ඇත.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.08.12 දිනයි.


වැදි නායක වන්නකු තිසාහාමිගේ
 සොහොන් කොත

වැදි නායක වන්නකු තිසාහාමිගේ
 සොහොන් කොත

වැදි නායක වන්නකු තිසාහාමිගේ
 සොහොන් කොත