Sunday, 9 December 2012

Istripura Cave - Uva Paranagama

ස්ත්‍රිපුර ගුහා සංකීර්ණය - ඌව පරණගම

ස්ත්‍රිපුර කන්දේ පිහිටි
 එක් ගුහා පිවිසුමක්
ඌව පලාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, ඌව පරණගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, කිරවනාගම ග්‍රාමසේවා වසමේ පිහිටා ඇති ස්ත්‍රිපුර කන්දේ පිහිටි භූගත උමං කිහිපයකි, ස්ත්‍රිපුර ගුහා සංකීර්ණය.

මෙම ලිපිය මගින් ස්ත්‍රිපුර ගුහා සංකීර්ණය පිළිබදව විධිමත් සටහනක් ගෙන ඒමයි බලාපොරොත්තුව. 

ස්ත්‍රිපුර කන්දේ පිහිටි
තවත් ගුහා පිවිසුමක්
1.ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධියට පත්ව සිටි භූ විද්‍යාඥයෙක් මෙන්ම මහාචාර්ය වරයෙකු වු පි.ජි. කුරේ මහතාගේ An Introduction to the Geology of Sri Lanka (Ceylon) නම් පොතේ 1984 මුද්‍රණයේ, 87 පිටුවේ මෙසේ සදහන්වේ " A large subterranean chamber with good stalagmites and stalactites as well as a large lake, 120 yards long, 50 yards wide, and 20 feet deep is present at Istripura". 

2. එසේම නාවුල්ලේ ධම්මානන්ද හිමියන්ගේ "ඌව ඉතිහාසය" නම් පොතේ  1966 මුද්‍රණයේ 149 - සහ 150 පිටු වල ඇති ස්ත්‍රිපුර භූ ගෘහය කොටස (හැකි නම් පොත සොයා ගෙන කියවන්න)

3. ආර්. එල්. බ්‍රෝහියර් මහතාගේ An Ancient Irrigation Works in Ceylon නම් කෘතියේ 3 වන කොටසේ 33 වන පිටුව

ස්ත්‍රිපුර කන්දේ පිහිටි
 ගුහාව පිවිසුමක් ඇතුලේ
සිට පිටත
පෙනෙන අයුරු
4. Geological Society of Sri Lanka Newsletter Vol: 10, No: 2, September 1993 හි 7 වන පිටු වේ ඇති  Istriputa Vs. Istripura යන ලිපිය, සහ ඉහත සදහන් ලිපි සියල්ලම මෙම ස්ත්‍රිපුර ගුහා සංකිර්ණය හැන සදහන් වන බැවින් මේ අධ්‍යයනයේදී ඔබට වැදගත් විය හැකි බැවින් හැකි නම් කියවන්න.

"Mr. Karunadasa could not find stalacties and stalagmites in the cave which is not a srystalline limestone but along a granet sillimanite graphite hnessiss-quartzite content the latter formation the roof and the gneiss the floor.Prof.Cooray clamis that this description was taken from anewspaper article which appeared several years before 1967 and ven. Thero reported information collected from a man who visited the cave."

ස්ත්‍රිපුර කන්දේ පිහිටි
 ගුහාවක පිවිසුමක් පිටත
සිට ඇතුලත
පෙනෙන අයුරු
"We climbed the Istripura mountain to reach the cave and found three openings to the cave, one very large (2 to 3 m) and two small ones. The cave does not go into the mountain; occurs parallel to the surface, but underground; at the mouth well established joints could be seen an the large opening has been collapsed to resemble a karst-suffosion funnel. We pass a verticle shaft of about 4 meters, and could see two chambers, one along towards the valley and the other towards the top of the hill. The chamber which goes to the hill top is large but with a lower roof, becomes smaller upwards. The other chamber, going towards the valley, is about 500 yards inside the cave. There are a number of subchambers which come together to make the large chamber, but we could not enter those."

ස්ත්‍රිපුර කන්දේ පිහිටි
 ගුහාව අභ්‍යන්තරය
ඉහත තොරතුරු අධ්‍යයනය කිරිමෙන්  පෙනි යන්නේ මහාචාර්ය කුරේ මහතා විසින් තම පොතෙහි සදහන් කර ඇත්තේ තමා පැමිණ කරන ලද ගවේෂණයක ප්‍රත්ඵල නොවන බවත්, පොත ලිවිමට පෙර කාලයේ පුවත් පතක පලවී තිබු ලිපියක් පාදක කරගෙන බවයි. එසේම ඌව ඉතිහාසය පොත ලියමින් නාඋල්ලේ ධම්මානන්ද හිමියන් (149 පිටුව) ද ගුහාව ගාව්ෂණය කර ඇති අතර, ජනප්‍රවාදයේ සදහන් තොරතුරුද ඒ සදහා පාදක කර ගෙන ඇති බව හොදින් දෘෂ්‍යමානවේ. එසේමල බ්‍රෝහියර් මහතාගේ කෘතියේ 3 වන කොටසේ 33 වන පිටුවේල සදහන් වන භූ ඇලවල්. එනම්, ලපාලොව අභ්‍යන්තරයේ පිහිටි ජල ප්‍රවාහන උමං පද්ධතිය.

ස්ත්‍රිපුර කන්දේ පිහිටි
 ගුහාව අභ්‍යන්තරය

වැලිමඩ, ඌව පරණගම පිහිටි මෙම ස්ත්‍රිපුර කන්දේ පිහිටා ඇති මෙම ස්ත්‍රිපුර ගුහා සංකිර්ණය, පොලෙව අභ්‍යන්තරයේ පිහිටි භූ-ඇලකී. හොදින් මෙම ගුහාවේ පොලොව නිරික්ෂණය කල හොත් දැනුදු ජලය ගමන් කර ඇති ආකාරය පෙනේ.

කෙසේ වෙතත් මේ පිළිබදව විධිමත් අධ්‍යයනයක් කල යුතුවේ. එසේම කලින් ජේදයක සදහන් කර ඇති පරිදි, මෙම ගුහාව හුණු ගලි ගුහාවක් නෙවේ. ජන ප්‍රවාදයේ මෙම ගුහාව සම්බන්ධයෙන් නොයෙක් ජන කතා පැවතියත්, ඒවා සනාථ කිරිම සදහා සාධක නොමැති නිසාත් එම ජනප්‍රවාදයේ සදහන් තොරතුරු සම්බන්ධයෙන් විධිමත් සොයා බැලීමක් කල යුතු හෙයින් ඒවා ස්මබන්ධව මෙහි සදහන් නොකරමි.


2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. අහා ජනප්‍රවාද එක්කම බලන්න මෙන්න.

    මගේ අත්දැකීම්

    ReplyDelete