Tuesday, 4 December 2012

Dunhinda Water Fall

දුන්හිද දිය ඇල්ල


දුන්හිද දිය ඇල්ල
දුන්හිද දිය ඇල්ල පිහිටා ඇත්තේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, සෙරණාතොට ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේය. බදුල්ල නගරයේ සිට මහියංගන මාර්ගයේ කිලෝමීටර් 5 ක් පමණ ගිය විට මෙම සුන්දර දිය ඇල්ල නැරඹිම සදහා යා හැක. දුන්හිද හන්දියේ පිහිටා ඇති සොරනාතොට ප්‍රාදේශිය සභා කාර්යාලය අසලින් ඇති මාර්ගයේ (අඩි පාර දිගේ) කිලෝමීටරයක් පමණ දුරක් දුන්හිද දිය ඇල්ල නැරඹිම සදහා යා යුතුයි. එසේ යන අතර මග කුඩා දුන්හිද ඇල්ල නම් දිය ඇල්ලක්ද දැකිය හැක.

දුන්හිද දිය ඇල්ල
දුන්හිද දිය ඇල්ලේ උස මීටර් 63 කී. (අඩි 190 කී.) දුන්හිද දිය ඇල්ල නිර්මාණය කරන ගංගාව. බදුළු ඔයයි. බදුළු ඔය මහවැලි ගංගාවේ අතු ගංගාවතී. බදුළු ඔය පටන් ගන්නේ බණ්ඩාරවෙලිනී.

මෙම දුන්හිද දිය ඇල්ල නිර්මාණයවීම පිළිබදව ජනප්‍රවාදයේ නොයෙක් ආකාරයේ ජන කතා පවතින අතර, එයින් එකක් මෙසේය. පුරාතන යුගයකදී බදුළු නගරයට ආසන්න යම් කිසි ස්ථානයක වු පුස්වැලක් ඉතා ශස්ශ්‍රිකව වැඩි විශලවී බදුළු ඔයේ ජලය ගලාගෙන යාම අවහිර වීම නිසා බදුළු නගරය යට වන්නට පටන් ගත් නිසා, මේ ගැන  සොයා බැලු ප්‍රාදේශය රජ තෙමේ මෙම පුස් වැල කපා දමන ලෙසට නියෝග කලත්, එම සුප් වැල කපා ඉවත් කිරිම මහත් අසීරු කටයුත්තක් වු නිසා "රන්හවඩිදුරයා" නම් පුද්ගලයා මෙම පුස් වැල කපා ඉවත් කරන ලදී.

කුඩා දුන්හිද  දිය ඇල්ල 
එම පුස් වැල කැපීමෙන් පසු මෙම ස්ථානයේ මෙසේ දිය ඇල්ලක් නිර්මාණය වී ඇති බවත්, (රැදි තිබු ජලය සිග්‍රයෙන් ඉවත් වීම නිසා ඛාදනයට ලක්වීම නිසා) එම පුස් වැල තිබු ස්ථානය ඉහල පුස්සැල ලෙසත්, පුස් වැල කැපිමෙන් පසු සුන්බුන් නැවත එක්රැස්වු ස්ථානය පහල පුස්සැල ලෙසත් ප්‍රසිද්ධවු බවයි. (ජනප්‍රවාදයේ සත්‍ය අසත්‍යතාවය විමසිය යුතුයි.)


දුන්හිද දිය ඇල්ල
 සහිත
ශ්‍රී ලංකා මුද්දරයක්

No comments:

Post a Comment