Monday, 17 December 2012

දඹේගොඩ බෝසත් පිළිමය - මාලිගාවිල

මාලිගාවිල, දඹේගොඩ පිළිමය පිහිටා ඇත්තේ, ඌව පලාතේ, මොණරාගල දිස්ත්‍රික්කයේ, බුත්තල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ඔක්කම්පිටිය - මාලිගාවිලයි.

මාලිගාවිල සුප්‍රසිද්ධවී ඇත්තේ මාලිගාවිල බුදු පිලිමය නිසාය.

මාලිගාවිල බුදු පිලිමය සහ දඹේගොඩ බෝසත් පිලිම අතර දුර පරතරය සැතපුම් 1/2 ක් පමණ වේ. දඹේගොඩ බෝසත් පිලිමය සහ මාලිගාවිල බුදු පිලිමය වයඹ - ගිනි කොණ දිශානුගතව එකිනෙක කැපී යන රේඛාවක පිහිටුවා ඇත.

ක්‍රි:ව: 667 - 683 දී ශ්‍රී ලංකාවේ රජකම් කල අග්ගබෝධි රජු විසින් රුහුණේ අන්ධයින් හා ගිලනුන් උදෙසා රෝහලක් හා වෙහෙර විහාර කරවු බව ඉතිහාසයේ සදහන්වේ.

පඩි පේලි
ඉහල මට්ටම් තුන
ඒ මෙම ස්ථානය බවටද විශ්වාසයක් ඇති අතර මෙම දඹේගොඩ පිලිමය අවලෝකතේශ්වර නාථ බෝසත් පිලිමයකී. අවලෝකතේශ්වර නාළථ බෝසත් පිලිම වලට වන්දනා මාන කිරිමෙන් රෝග පීඩා සුවය ලබා ගත හැකි බවටද විශ්වාසයක් පවති.

දඹේගොඩ අවලෝකිතේශ්වර නාථ බෝසත් පිලිමය 1 වන දප්පුල රජු විසින් ක්‍රි: ව: 07 වන සිය වසේදී ඉදි කරන්නට ඇති බව විශ්වාස කෙරේ. මෙහි උස මීටර් 9085 කී. (අඩි 32 කී)


දකුණු පස ඇති මුරගල
අවලොකිතේශ්වර නාථ බෝසත් පිලිම වල හිස මත ඇති මකුටෙහි සමාධි බුදුරුවක් නෙලා ඇති අතර, මෛත්‍රි බෝධිසත්ව පිලිම වල මකුටෙහි ඇත්තේ ස්තූප රූපයකී. 


මෙම දඹේගොඩ අවලෝකිතේශ්වර නාථ බෝසත් පිලිමයේ මකුටෙහි සමාධි බුදුරුවක් නෙලා ඇත.

මෙම බෝසත් පිලිමය පසු ගිය වකවාණුවේ දී බිම වැටි කැබලි වලට කැඩි බිදි තිබි ගරු රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට වර්ෂ 100යක් පිරිම නිමිත්තෙන් 1990 ජුනි මස 07 දින නැවත සංරක්ෂණය කර මහජනයා සදහා විවෘත කරන ලදී.

වම් පස ඇති මුරගල
මෙම පිලිමය සහිත පිලිම ගේ උස් මට්ටම් 5 කින් යුක්ත උස් භූමියක ඉදි කර ඇත. පොලෝ මට්ටමේ සිට පලමු මට්ටම වෙත අවතීර්ණය වීම සදහා පිය ගැට පෙල 11 සහිත පියගැට පේලියක් නැගිය යුතුයි. පලමු මට්ටමේ වම් අත පැත්තේ හා දකුණු අත පැත්තේ  සදකඩ පහන් කොරවක් ගල් ගල් කණු සහිත ගොඩනැගිලි දෙකක නටඹුන් දක්නට ලැබේ. එසේම ඒ ඒ මට්ටම් සදහා පිය ගැට පෙල නැග යා යුතු අතර තුන්වෙන් මට්ටමේ පිය ගැට පෙල දෙපස විශාල ප්‍රමාණයේ මුරගල් දෙකක් දෙපස තිබේ.

අවලෝකිතේශ්වර නාථ දේව
ප්‍රථිමාවේ ශිර්ෂය

පඩි පෙල් නිර්මාණය කර ඇත්තේ පලමු වන මට්ටමේ පඩිපෙල පලලින් වැඩි අතර ඒ හා සමානව අනුක්‍රමයෙන් ඉහලට යන විට පඩි පෙල පලලින් කුඩා වන ආකාරයටයි.

එසේම වැල්ලවාය බුදුරුවාගල ද අවලෝකිතේශ්වර නාථ දේව ප්‍රථිමාවක් දක්නට ලැබේ.

අවලෝකිතේශ්වර නාථ දේව
ප්‍රථිමාව

අවලෝකිතේශ්වර නාථ දේව
ප්‍රථිමා ගෘහය

මැටි පුවරු රූප - නාටියාංගනාවෝ

මැටි පුවරු රූප 

මැටි පුවරු රූප - නාටියංගනාවෝ

මැටි පුවරු රූප - නාටියාංගනාවෝ

අවලෝකිතේශ්වර නාථ දේව
ප්‍රථිමාවේ ශිර්ෂයේ ඇති මකුටෙහි
ඇති සමාධි පිලිරුව

No comments:

Post a Comment