Monday, 31 December 2012

සමනළයා - The Common Jezebel

සත්ත්ව විද්‍යත්මකව Delias eucharis වශයෙන් සහ ඉංග්‍රිසියෙන් The Common Jezebel වශයෙන්හදුන්වනු ලබන සමනළයා.

සමනළ කෝෂය

සමනළයා කෝෂයෙන් පිට වීම

දුල්ගොල්ල දිය ඇල්ල

දුල්ගොල්ල දිය ඇල්ල
මෙම අප්‍රකට දුල්ගොල්ල දිය ඇල්ල පිහිටා ඇත්තේ, බණ්ඩාරවෙල නගරයේ සිට පූනාගල දෙසට යාමේදි වන අතර මෙම දිය ඇල්ල පාර ආසන්නයේම පිහිටා ඇත. මෙම දිය ඇල්ල දැක බලා ගැනීම සදහා  බණ්ඩාරවෙල සිට කිලෝ මීටර් 7 ක් පමණ පුනාගල මාර්ගයේ දුල්ගොල්ල ගම්මානය දක්වා යායුතුයි. මෙම අප්‍රකට දුල්ගොල්ල දිය ඇල්ල කිරිදි ගගේ නිර්මාණයක් වන අතර, වර්ෂා කාලයේදී පමණක් මෙම දිය ඇල්ල දැකිය හැක.

ඡායාරූප 2012.12.27 දින

Friday, 28 December 2012

මකුල්ඇල්ල වැව - බණ්ඩාරවෙල

පහලින් ඇති වැව
 මකුල්ඇල්ල ග්‍රාමය පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ බ ණ්ඩාරවෙල ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේය. මෙම ස්ථානයේ එක ලග පිහිටි ක්‍රඩා ප්‍රමාණයේ වැවි දෙකක් ඇත. මෙම වැවි දෙක මගින් මකුල්ඇල්ල හා කුරුදුගොල්ල යන ග්‍රාම වාසින්ගේ ජල අවශ්‍යතාවය ඉටුවේ.

ඉහලින් ඇති වැව
 එසේම මෙම වැව් වලට ඉදිරියෙන් ඇති අනෙක් පැත්තේ ඇති කන්දේ පුරාණ චිත්‍ර සහිත චිත්‍ර ගුහාවක් සහ පුරාණ මාර්ගයක් ද දක්නට ලැබේ.

ඡායාරූප ගන්නා ලද්දේ 2012.12.27 දින දීය.




වැව් ආසන්නයේ
 ඇති රජයේ රක්ෂිතය

වැව් දෙකේ පිහිටිම
උපුටා ගැනිම - Google earth

සමනලයා - The Tawny Coster


සත්ත්ව විද්‍යාත්මකව Telchinia violae නමින්ද ඉංග්‍රිසියෙන් The Tawny Coster නමින්ද හැදින්වෙන සමනලයා.

Tuesday, 25 December 2012

දුම් හතු - Puff Ball

ශ්‍රී ලංකාවේ විවිධ වර්ගයේ හතු වර්ග වැවෙන අතර, අළු, රතු මිශ්‍රිත දුඹුරු පැහැයෙන් යුත් ටෙනිස් බෝලයක ප්‍රමාණය ගත් ගෝලාකාර හත්‍ර වර්ගයකී, මෙම දුම් හතු විශේෂය. මෙම හත්ත තද කල හොත් දුම් විහිදෙන්නාක් මෙන් බිජාණු එළියට පිටවේ. මේ නිසා මෙම වර්ගයට දුම් හතු යැයි භාවිතා කරති.

ඉංග්‍රීසියෙන් Puff Ball වශයෙන් හදුන් වනු ලැබේ.මෙම හතු වර්ගය ආදියේ ජිවත්වු මිනිසුන් තුවාල සදහා බේහෙතක් වශයෙන් යොදා ගත් බව පොත පතෙහි සදහන්ය. එසේම මෙම හත්ත උපයෝගී කර ගෙන සුළගේ දිශාව සහ වේගයද ආදිතමයෝ දැනගත්හ.

දුම් හත්තේ මුලීක අවස්ථාවක්

දුම් හත්ත
(වර්ෂ 4ක් පමණ පැරණි වියළි
දුම් හත්තකී)

දුම් හත්තේ කැපුමක්

දුම් හත්තේ වෙන් කර ගත්
කැබැල්ලක්

දුම් හත්තේ මුලීක අවස්ථාවක්

කොණ්ඩ කුරුල්ලා

කොණ්ඩ කුරුල්ලා ඉංග්‍රිසියෙන් Red-vented Bulbul වශයෙන් හදුන් වනු ලබන අතර සත්ත්ව විද්‍යාත්මකව Pycnonotus cafer haemorrhousus වශයෙන් හදුන් වනු ලැබේ.

කොණ්ඩ කුරුළු කූඩුවක්

කොණ්ඩ කුරුළු කූඩුවක්

කොණ්ඩ කුරුළු බිත්තර

කොණ්ඩ කුරුළු බිත්තර

Friday, 21 December 2012

වල් කොත්තමල්ලී - Wild Coriander

වල් කොත්තමල්ලී දේශිය ‍ඹෞෂධ සදහා භාවිතයට ගැනෙන ද්විවාර්ෂික පැලැටියකී. මෙම පැලැටිය දියවැඩියාව සදහා භාවිතයට ගැනේ. වල් කොත්තමල්ලී උද්භිද විද්‍යත්මකව Coriandrum sativum වශයෙනුත් ඉංග්‍රිසියෙන් Wild coriander සහ Sweet Broom යන නම් වලිනුත් හදුන්වනු ලැබේ.
වල් කොත්තමල්ලී
පැලැටියක්

වල් කොත්තමල්ලී පත්‍රයක්

වල් කොත්තමල්ලී ඇට

වල් කොත්තමල්ලී ඇට

වෙළදපොලේ ඇති
වල් කොත්තමල්ලි
 ‍ඹෞෂධ පැකට්ටුවක්

වෙළදපොලේ ඇති 
වල් කොත්තමල්ලි
 ‍ඹෞෂධ පැකට්ටුවක්
තුල ඇති කුඩා පැකට්

වෙළදපොලේ ඇති 
වල් කොත්තමල්ලි
 ‍ඹෞෂධ පැකට්ටුවක්
තුල ඇති කුඩා පැකට්
තේ බැග් ලෙස සකසා ඇත

වල් කොත්තමල්ලී 


Thursday, 20 December 2012

නියගලා - Glory Lily


නියගලා මල
 නිලගලා
නියගලා උද්භිද විද්‍යාත්මකව Glosrosa superba නමින් හැදින්වෙන අතර colchicaceae පවුලට අයත් පැලිටි වර්ගයකී. මෙය ඉංග්‍රිසියෙන් Glory Lily , iy Gloriosa Lily යන නම් වලින් හදුන් වනු ලැබේ.


නියගලා වැල

 කලා රසය තිබුනත් නියගලා මලේ
කැවොත් මලා නේද නියගලා අලේ


යනුවෙන් නියගලා සම්බන්ධයෙන් ජන කවියක් ද වේ. වැලක් ආකාරයට වැඩේ. විෂ සහිත පැලැටියක් ලෙසට වර්ග කරන අතර මදක් සෙවන සහිත සිසිල් ස්ථාන වල වැඩේ.


නියගලා මල

නියගලා පොහොට්ටු

නියගලා පොහොට්ටු

නියගලා පොහොට්ටු

නියගලා පොහොට්ටු

නියගලා අලය

නියගලා අලය

නියගලා පත්‍රය

නියගලා මල
නියගලා ඇට

නියගලා ඇට කරලෙහි පිහිටිම

නියගලා කරල්

Monday, 17 December 2012

දඹේගොඩ බෝසත් පිළිමය - මාලිගාවිල

මාලිගාවිල, දඹේගොඩ පිළිමය පිහිටා ඇත්තේ, ඌව පලාතේ, මොණරාගල දිස්ත්‍රික්කයේ, බුත්තල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ඔක්කම්පිටිය - මාලිගාවිලයි.

මාලිගාවිල සුප්‍රසිද්ධවී ඇත්තේ මාලිගාවිල බුදු පිලිමය නිසාය.

මාලිගාවිල බුදු පිලිමය සහ දඹේගොඩ බෝසත් පිලිම අතර දුර පරතරය සැතපුම් 1/2 ක් පමණ වේ. දඹේගොඩ බෝසත් පිලිමය සහ මාලිගාවිල බුදු පිලිමය වයඹ - ගිනි කොණ දිශානුගතව එකිනෙක කැපී යන රේඛාවක පිහිටුවා ඇත.

ක්‍රි:ව: 667 - 683 දී ශ්‍රී ලංකාවේ රජකම් කල අග්ගබෝධි රජු විසින් රුහුණේ අන්ධයින් හා ගිලනුන් උදෙසා රෝහලක් හා වෙහෙර විහාර කරවු බව ඉතිහාසයේ සදහන්වේ.

පඩි පේලි
ඉහල මට්ටම් තුන
ඒ මෙම ස්ථානය බවටද විශ්වාසයක් ඇති අතර මෙම දඹේගොඩ පිලිමය අවලෝකතේශ්වර නාථ බෝසත් පිලිමයකී. අවලෝකතේශ්වර නාළථ බෝසත් පිලිම වලට වන්දනා මාන කිරිමෙන් රෝග පීඩා සුවය ලබා ගත හැකි බවටද විශ්වාසයක් පවති.

දඹේගොඩ අවලෝකිතේශ්වර නාථ බෝසත් පිලිමය 1 වන දප්පුල රජු විසින් ක්‍රි: ව: 07 වන සිය වසේදී ඉදි කරන්නට ඇති බව විශ්වාස කෙරේ. මෙහි උස මීටර් 9085 කී. (අඩි 32 කී)


දකුණු පස ඇති මුරගල
අවලොකිතේශ්වර නාථ බෝසත් පිලිම වල හිස මත ඇති මකුටෙහි සමාධි බුදුරුවක් නෙලා ඇති අතර, මෛත්‍රි බෝධිසත්ව පිලිම වල මකුටෙහි ඇත්තේ ස්තූප රූපයකී. 


මෙම දඹේගොඩ අවලෝකිතේශ්වර නාථ බෝසත් පිලිමයේ මකුටෙහි සමාධි බුදුරුවක් නෙලා ඇත.

මෙම බෝසත් පිලිමය පසු ගිය වකවාණුවේ දී බිම වැටි කැබලි වලට කැඩි බිදි තිබි ගරු රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට වර්ෂ 100යක් පිරිම නිමිත්තෙන් 1990 ජුනි මස 07 දින නැවත සංරක්ෂණය කර මහජනයා සදහා විවෘත කරන ලදී.

වම් පස ඇති මුරගල
මෙම පිලිමය සහිත පිලිම ගේ උස් මට්ටම් 5 කින් යුක්ත උස් භූමියක ඉදි කර ඇත. පොලෝ මට්ටමේ සිට පලමු මට්ටම වෙත අවතීර්ණය වීම සදහා පිය ගැට පෙල 11 සහිත පියගැට පේලියක් නැගිය යුතුයි. පලමු මට්ටමේ වම් අත පැත්තේ හා දකුණු අත පැත්තේ  සදකඩ පහන් කොරවක් ගල් ගල් කණු සහිත ගොඩනැගිලි දෙකක නටඹුන් දක්නට ලැබේ. එසේම ඒ ඒ මට්ටම් සදහා පිය ගැට පෙල නැග යා යුතු අතර තුන්වෙන් මට්ටමේ පිය ගැට පෙල දෙපස විශාල ප්‍රමාණයේ මුරගල් දෙකක් දෙපස තිබේ.

අවලෝකිතේශ්වර නාථ දේව
ප්‍රථිමාවේ ශිර්ෂය

පඩි පෙල් නිර්මාණය කර ඇත්තේ පලමු වන මට්ටමේ පඩිපෙල පලලින් වැඩි අතර ඒ හා සමානව අනුක්‍රමයෙන් ඉහලට යන විට පඩි පෙල පලලින් කුඩා වන ආකාරයටයි.

එසේම වැල්ලවාය බුදුරුවාගල ද අවලෝකිතේශ්වර නාථ දේව ප්‍රථිමාවක් දක්නට ලැබේ.

අවලෝකිතේශ්වර නාථ දේව
ප්‍රථිමාව

අවලෝකිතේශ්වර නාථ දේව
ප්‍රථිමා ගෘහය

මැටි පුවරු රූප - නාටියාංගනාවෝ

මැටි පුවරු රූප 

මැටි පුවරු රූප - නාටියංගනාවෝ

මැටි පුවරු රූප - නාටියාංගනාවෝ

අවලෝකිතේශ්වර නාථ දේව
ප්‍රථිමාවේ ශිර්ෂයේ ඇති මකුටෙහි
ඇති සමාධි පිලිරුව