Wednesday, 7 November 2012

Major Thomas William Rogers

මේජර් තෝමස් විලියම් රොජස්
තෝමස් විලියම් රොජස් 1824 දී ත්‍රිකුණාමලය වරායෙන් ශ්‍රී ලංකාවට ගොඩ බැස්සේ වයස අවුරුදු 20 දීය. හේ 1804 දී එංගලන්තයේ උපත ලැබීය. ඔහු ශ්‍රී ලංකාවට පැමිනියේ ලංකා රයිපල් රේජිමේන්තුවේ (Ceylon Rifle Regiment) දෙවන ලුතිනන් වරයා වශයෙනි.
මේජර් තෝමස්
 විලියම් රොජස්
තෝමස් විලියම් රොජස් 1828 දී අළුපොත බලකොටුවේ අණදෙන නිළධාරියා වශයෙන් පත්කර අළුපොතට එවීය. ) අළුපොත පිහිටා ඇත්තේ පස්සර-බඩල්කුඹුර මාර්ගයේ වන අතර අළුපොත 1818 පැවැති ඌව වෙල්ලස්ස කැරැල්ලේ යුධ බලකොටුවක් වශයෙන් බ්‍රිතන්‍යයන් විසින් භාවිතයට ගැනිනී). ඒ වකවානුවේ අළුපොත දක්වා මහා මාර්ග පහසුකම් නොතිබුණ වන ගත ප්‍රදේශයකී. එම වන ගත ප්‍රදේශයේ මිනිසුන්ට අලි, ඇතුන්ගෙන් සිදුවන අතවරය ගැන මේජර් තෝමස් රොජස්  හොද නිරික්ෂණයකින් සිටියේය. මේජර් තෝමස් රොජස්  මේ අතවරය හොදින් සියැසින් දුටු නිසා අලි වෙඩි තබා විනාශ කිරිමට පටන් ගත්තේය. රොජස් 1834 වර්ෂය  හා 1845 වර්ෂය අතර කාලය අතරතුර දී අලි ඇතුන් 1400 ක් පමණ මරා දමා ඇති බවට වාර්තාවේ.

තෝමස් විලියම් රොජස් ලංකා රයිපල් රේජිමේන්තුවේ මේජර් තනතුරෙන් බදුල්ලේ උප ඒජාන්ත (AGA) වශයෙන් පත්වීම ලැබු අතර, බදුල්ලේ දිස්ත්‍රික් නඩුකාර පදවියද හේ හෙබැවීය. ඒ විතරක් නොවේ හේතෙම දක්ෂ ඉංජිනේරුවරයෙක්ද විය. මේජර් තෝමස් ස්කිනර්ගේ උපදෙස් පරිදි මේජර් තෝමස් රොජස් විසින්,
1. බදුල්ලේ සිට නුවරඑළිය දක්වා මාර්ගය,
2. බදුල්ලේ සිට බිබිල දක්වා මාර්ගය,
3. බිබිල සිට මඩකලපුව මාර්ගය,
4. බදුල්ල සිට රත්නපුර දක්වා මාර්ගය (හපුතලේ උඩ පාර),
5. බදුල් සිට වැල්ලවාය දක්වා මාර්ගය,
6. වැල්ලවාය සිට හම්බන්තොට දක්වා මාර්ගය, යන මාර්ග ඉදි කලේය.

1841  දෙසැම්බර් මස 29 දින හම්බන්තොටදී රෝජස්ගේ වෙඩි පහරක් වැරැදුණු අලියෙකු විසින් ඔහුට පහර දිනි. ඉන් තෝමස් රෝජස් සිහිසුන් නොමැතිව සිටියේය.

1845 ජුනි මස 07 දින මේජර් තෝමස් විලියම් රෝජස්, තම මිත්‍ර බුලස් මහතා හපුතලයට පැමිණ සිටි නිසා, මේජර් තෝමස් රොජස් බදුල්ලේ සිට හපුත‍ලය දක්වා පැමිණියේ, බුලස් මහතා සහ එම මහත්මිය හමුවීම පිණිසයි. හපුතලේ තානායමේ  ආලින්දයේ බුලස් මහත්මිය හිදගෙන සිටි අතර, එක විටම වර්ෂාවක් ඇද හැලෙන්නට විය. මේ අවස්ථාවේදී එතැනට පැමිණි මේජර් තෝමස් රොජස් වර්ෂාව දෙස බලැ අනෙක් පස වාඩිවී සිටි බුලස් මහත්මියට "It's all over now" යැයි පැවසීය. 

එවිට මුළු මහත් ප්‍රදේශයම දෙවනත් කරමින් පතිතවු හෙණය (අකුණක්) මේජර් තෝමස් රොජස්ට වැදි එතැනම ඔහු මිය ගියේය. එවිට ඔහුගේ වයස අවුරුදු 41 කී.

රෝජස්ගේ භූමදාන කටයුතු සිදු කර ඇත්තේ නුවරඑළියේ සුසානභුමියේය. මෙම සුසාන භුමිය පිහිටා ඇත්තේ අලිමංකඩක් හරහාය. එක් වරක් මෙහි ඉදි කර තිබු සොහොන් කොත අලින් විසින් කඩා බිද දමා තිබුණු අතර, අදටත් දක්නට ලැබෙන සොහොනට වර්ෂ කිහිපයකට වරක් අකුණු වදින බව පැවසේ. එසේම අදත් එහි අකුණු වැදි කැඩි බිදි ඇති අයුරු එහි යන ඕනෑම කෙනෙකුට පෙනේ.

රොජස්ගේ සොහොන
1857 අප්‍රේල් 25 දා ඉදි කරන ලද බදුල්ලේ පිහිටි ශාන්ත මාර්ක්ගේ දේවස්ථානය (St. Mark's Church) ඉදි කර ඇත්තේ මේජර් තෝමස් විලියම් රොජස් සිහිවීම පිණිස වන අතර, මෙම දේවස්ථානය මෙතැන, මේජර් තෝමස් විලියම් රොජස් සිහිවීම පිණිස  දේවස්ථානයක් ඉදි කරන ලෙසට යෝජනා කර ඇත්තේ කන්ද උඩරට රාජ්‍යයේ බෞද්ධ පැලකයෙකු වු රඹුක්පොත දිශාව විසිනි.

ශාන්ත මාර්ක්ගේ
දේවස්ථානය - බදුල්ල

මෙම දේවස්ථානය අභ්‍යන්තරයේ ඇති සිහිවටන ඵලකයක මේජර් තෝමස් විලියම් රෝජස් වෙනුවෙන් ඉංග්‍රිසි භාෂාවෙන් මේසේ සදහන් කර ඇත.
A.D. 1845
THIS CHURCH WAS ERECTED THE
HONOR OF GOD
In memory of
THOMAS WILLIAM ROGERS
Major, Ceylon Rifle Regiment
Assisrant Government Agent and
District Judge of Badulla
By All Classes of His
Friends and Admirers.
He was killed by lightning at
Hapootale June 7th 1845
Aged 41 " In the midst of life
we are in Death"

1 comment:

  1. තෝමස් ස්කිනර් තමන්ගෙ ජීවිත කතාවෙ ලියල තියෙන්නෙ රොජර්ස් මලේ ජූනි 8 වෙනිදාවක කියලයි.

    කොහොම උනත් ඉතාම ශූර සහ කඩිසර නිළධාරියකුව සිටි රොජර්ස් අදනම් සැලකෙන්නෙ ලංකාවෙ අලින්ගෙ ද්‍රෝහියෙකු විදිහටයි.

    ReplyDelete