Monday, 5 November 2012

Biography of R.M. Appuhamy Member of Parliment

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරවෙල ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රිව සිටි ආර්.එම්. අප්පුහාමි මැතිතුමාගේ චරිතය

අප්පුහාමි මහතා
1930 ජනවාරි 09 දින බණ්ඩාරවෙල, කිරිමඩුගොඩ, එපිටැහැහේ ගෙදර ගොවි පවුලක උපන් රත්නායක මුදියන්සේලාගේ අප්පුහාමි මහතාගේ පියා ගොවිතැන සිය ජිවන වෘත්තිය කර ගත් ප්‍රදේශයේ ගොවි නායකයකුවු කිරිමඩුගොඩ, එපිටැහේ ගෙදර පදිංචිව සිටි රත්නායක මුදියන්සේලාගේ කිරිබණ්ඩා වෙල් විදානේ නිළමේතුමා වු අතර මව කිණිගම, මොණරපිටිය වත්තේ ඒකනායක මුදියන්සේලාගේ උක්කු මැණිකා උපාසිකා මාතාව විය.


ආර්.එම්. අප්පුහාමි මහතාට සහෝදර සහෝදරියන් හය දෙනෙකී. බංඩාර මැණිකා, ආර්.එම්. සරත් කිණිගම, ආර්.එම්. කරුණාදාස, ආර්.එම්. හිංබණ්ඩාර, ආර්.එම්. චන්ද්‍රවතී, ආර්.එම්. අරියරත්න යන අයයි.


කන්දේඅරාව
 ශ්‍රී රාහුල විද්‍යාලය
(2012 දී)
ආර්.එම්. අප්පුහාමි මහතා බණ්ඩාරවෙල කන්දේඅරාව ශ්‍රී රාහුල විද්‍යාලයෙන් මුලීක අධ්‍යපනය ලැබීය. මුලික අධ්‍යාපනයෙන් පසු පාඨශාලා ජේෂ්ඨ සහතික පත්‍ර විභාගයෙන් සමත්ව උප ගුරුවරයෙකු වශයෙන් බණ්ඩාරවෙල හල්පේ මහා විද්‍යාලයේ කලක් සේවය කලේය.

හල්පේ මහා විද්‍යාලයේ උප ගුරුවරයෙකු වශයෙන් කලක් සේවය කර, කිණිගම සමුපකාර සමිතියේ ආරම්භක පාලන ලේකම් වශයෙන් පත්වී පොදු ජන සේවය පටන් ගත්හ.

1957 දී කිණිගම ගම් සභා නියෝජිතයා වශයෙන් පත්විය. 1961 දී මහා පළාත ගම් සභාවේ සභාපති දූරයට පත්වු අතර, ගම් සභා ක්‍රමය අහෝසි කරන තුරුම වසර 10 ක පමණ කාලයක් මහජනයා වෙනුවෙන් තම සේවය කැප කලේය.

1966 ඔක්තෝබර් මස 24 දින පැවැත්වු බණ්ඩාරවෙල අතුරු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත්ව, ජයග්‍රහණය කොට පාර්ලිමේන්තුවට, පාර්ලාමේන්තු මන්ත්‍රි වරයෙකු වශයෙන් පත්විය. එමෙන්ම 1970 මහා මැතිවරණයෙන්ද ජයග්‍රහණය ලදහ.

සෝමවතී මැණිකේ
 ජයසුරිය
1972 දී අරණායක මේනම, වාඩියගෙදර, වාඩියරාලලාගේ මුදියන්සේ සහ පංගමගේ දොන් පුංචි මැණිකේ යන දෙපලගේ දියණියවු රෝහල් හෙද පාලිකා සෝමවතී මැණිකේ ජයසුරිය සමග විවාහ විය.
දරුවන් තිදෙනෙකී. ලසත් බණ්ඩාර, ඉන්දිකා එරන්දතී, අසංක බණ්ඩාර.

1977 මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇද වැටෙද්දී අප්පුහාමි මහතාද මන්ත්‍රි දූරයෙන් පරාජයට පත්විය.

එතුමාගේ ජනතා සේවයෙන් බිදක්: වතු සමාගම් වල වතු ජනතාවට බෙදා දීම, ගම්, පාරවල් පුළුල් කිරිම, ජල විදුලි යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරිම, ගම්බද පාසැල් දියුණු කිරිම ( ගොටුවෙල, යහලේවෙල, බල්ලකෙටුව, දක්‍රණු කැබිල්ලේවෙල, හීල්ඔය මුස්ලිම් විද්‍යාලය, බණ්ඩාරවෙල සහිරා විධ්‍යාලය, බණ්ඩාරවෙල දෙමල මහා විද්‍යාලය), ගමනා ගමනය පහසුකම් ඇති කිරිම, බණ්ඩාරවෙල රෝහල අංග සම්පුර්ණ කිරිම.

"සත්මග" නම් ප්‍රදේශිය පුවත් පතේ 2007 ජනවාරි කලාපයේ 9 වන පිටුවේ  අම්පාර පියසේන වතුදුරු විසින් ලියන ලද ලිපියක මෙසේ සදහන් කර ඇත, " එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක, ආචාර්ය එන්.එම්. පෙරේරා, ඩබ්ලිව්. දහනායක වැනි දේශපාලන නායකයින් මෙන්ම බටපොල පි.එම්. විලියම් ද සිල්වා, බණ්ඩාරවෙල ආර්.එම්. අප්පුහාමි වැනි දේශපාඥයින් මුදල් හරි හම්බ කර ගෙන නොසිටි බව පොදු මහජනතාව අදත් පවසති."







No comments:

Post a Comment