Friday, 30 November 2012

Eth Pokuna - Anuradhapura

ඇත් පොකුණ - අනුරාධපුරය

අනුරාධපුරයේ ලංකාරාම ස්ථුපය ආසන්නයේ පිහිටා ඇති විශාල ප්‍රමාණයේ සතරැස් පොකුණකී, ඇත් ‍පොකුණ. මෙහි දිග මීටර් 159 ක් වන අතර, පළල මීටර් 52.7 ක් වන අතර, ගැඹුර මීටර් 9.5 කී. සතර දිශාවෙන්ම ඇත් පොකුණට බැසීම සදහා පියගැට පෙලි ඇති අතර සතර වටේම ගල් බිත්ති, පොලොව උස මට්ටම දක්වාම නිර්මාණය කර ඇත. ඇත් පොකුණ සදහා ජලය උමං නල පද්ධතියක් මාර්ගයෙන් ලබා ගෙන ඇති අතර ඇත් පොකුණේ දකුණු පැත්තේ ජලය රැගෙන ආ උමං නල මාර්ගයක් සහ උතුරු පැත්තේ උමං ජල නල මාර්ග දෙකක් දක්නට ලැබේ.‍ මෙම ඇත් පොකුණ ආදි කාලයකදී "මාස්පොත පොකුණ" වශයෙන් හැදින්වුනු බව පැරණි පත පොතහි සදහන්ය.






ඡායාරූප ගන්නා ලද්දේ 2010. ජුලි මස 01 දින දීය.

ඇත් පොකුණ ජලයෙන් පිරි ඉතිරි ගිය අවස්ථාවක් ගත් ඡායාරූප










ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.08 දිනයි.

Wednesday, 14 November 2012

A New Train To Badulla

බදුල්ලේ එන අලුත්ම දුම්රිය

(2012 - නොව්ම්බර්) 
Class S12 MCG 923 සහ Class S12 MCG 924 දරණ දුම්රිය එන්ජින් සහිතව බදුල්ල දක්වා දාවනය වන නවීනතම දුම්රිය.

මෙම ඡායාරූප ගන්නා ලද්දේ 2012.11.14 දින හවස 1.05ට පමණ බදුල්ල දුම්රිය මාර්ගයේ කිණිගම දුම්රිය ස්ථානය හා හීල්ඔය දුම්රිය ස්ථානය අතරදී.

Friday, 9 November 2012

Adisham - Haputale

ඇඩිසම් බංගලාව - හපුතලේ

ඇඩිසම් බංගලාව
සර් තෝමස් ලිස්ටර් විලර්ස් ගේ සිහින මාළිගාව වු ඇඩිසම් බංගලාව අද Sylvestro-Bendiction, Congregation in Sri Lanka නම් රෝමාණු කතෝලික තාපසාරාමයකී.
ඇඩිසම් බංගලාව
ඇඩිසම් බංගලාව පිහිටා ඇත්තේ ඌව පලාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, හපුතලේ ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේය. හපුතලේ නගරයේ සිට වැලිමඩ මාර්ගයේ කිලෝමීටර් 2ක් පමණ ගොස් ග්ලැනෝර් වතු යාය ආසන්නයේ වමට ඇති තංගමලේ අභයභූමිය මාර්ගයේ, තංගමලේ අභයභූම්ය මැදින් ගිය විට ඇඩිසම් බංගලාවට ලගා විය හැක.

සර් තෝමස් ලිස්ටර් විලර්ස්, ජෝර්ජ් ස්ටුවර්ඩ් සමාගමේ සභාපති වරයා වී සිටින කාලයේදී මෙම ඇඩිසම් බංගලාව සෑදීම ආරම්භ කර ඇත්තේ හපුතලේ තංගමලේ අභයභූම්ය ආසන්නයේ මෙම ඉඩම මිළයට ගැනීමෙන් පසුවයි. මෙම ඇඩිසම් බංගලාවේ වැඩ ආරම්භ කර ඇත්තේ 1929  වර්ෂයේදීය.

ඇඩිසම් බංගලාවේ
පිවිසුම් ගේට්ටුව
දේශිය කළු ගල් යොදාගෙන බිත්ති නිම කර ඇති අතර, මෙම බංගලා‍ව tudor සම්ප්‍රදායට සාදා නිම කර ඇති අතර වහලය සදහා බුරුම තේක්ක (burma teak) පතුරු භාවිතයට ගෙන ඇත. ජනේල, දොරවල්, සහ බිම සදහාද භාවිතයට ගෙන ඇත්තේ බුරුම තේක්කයි.
වහලයේ දුම් පිට
වන කවුළු
එසේම මෙහි කාමර උණුසුම්ව තබා ගැනීම සදහා තාප උදුන් (fire places) ද සාදා ඇත.

මෙම බංගලාවේ ඉදිකිරිම් සදහා ඉන්දියානු පෙදෙරේරුවන් යෙදා ගත් බව පැවසේ.

වහලයේ දුම් පිට
වන කවුළු
ඇඩිසම් බංගලාවේ ප්‍රධානතම කාමරා දෙකකී. ඒ Blue Room සහ Horse Shoe Room  වශයෙන් හදුන්වනු ලබන අතර, ඒවා සර් තෝමස් ලිස්ටර් විලර්ස් සහ එම මැතිණිය එවන්ලි හෝම් විසින් භාවිතයට ගැනුනු ඒවාය.

මෙම බංගලාව සදහා අවශ්‍ය ගෘහභාණ්ඩ, පාපිසි, පිගන් භාණ්ඩ සහ විදුරු භාණ්ඩ යන සියල්ලම එංගලන්තයෙන් ගෙන එන ලදී.
සර් තෝමස්
ලිස්ටර් විලර්ස්
මෙම ඇඩිසම් බංගලාවේ ඉදිකිරිම් කටයුතු 1931 දී නිමවු නිසා එම දෙපොල 1931 දී මෙහි පදිංචියට පැමිණියේය.

මෙම බංගලාව ඇඩිසම් ලෙස නම් කර ඇත්තේ, සර් තෝමස් ලිස්ටර් විලර්ස්ගේ උපන් ගම සිහිවීම පිණිසයි.

මෙම දෙපොල 1948 දී එංගලන්තයේ පදිංචියට ගිය නිසා ඇඩිසම් බංගලාව 1948 දී විකුණන ලදි. මෙය ප්‍රථමයෙන්ම මිළයට ගනු ලැබුවේ රුක්මණි බෙලිගම්මන මහත්මිය විසිනි. ඇයගෙන් 1951 අප්‍රේල් මාසයේදී සේදවත්ත වතුසමාගම විසින් මිළයට ගනු ලැබීය.

ඉන් අනතුරුව විමලා කන්නංගර මහත්මිය විසින් මිළයට ගත් අතර, මෙම අඩිසම් බංගලාව රෝමාණු කතෝලික සභාව වෙ ඇය විසින් විකුණන ලදී.
1962 දී ඇඩිසම් බංගලාව Sylvestro-Bendiction තාපසාරාමය බවට පත් කර සංවර්ධනය කරන ලදී. 
අදට (2012 වර්ෂයට) මෙම තාපසාරාමය පටන් ගෙන වර්ෂ 50 ක් සපිරේ.

වෙනත් තොරතුරු සදහා : www.adisham.org

ලිපිනය:
ඇඩිසම් තාපසාරාමය,
හපුතලේ.

දුරකතනය : 057 2268030

Sir Thomas Lister Villiers

සර් තෝමස් ලිස්ටර් විලර්ස්

සර් තෝමස් ලිස්ටර් විලර්ස් විසින් ඉදි කරනු ලැබු, ඔහුගේ සිහින මාළිගය නිසා ලෝකයේම ප්‍රසිද්ධ පුද්ගලයෙකු විය. ඒ සිහින මාළිගය හපුතලේ ඇති "ඇඩිසම් බංගලාවයි".

සර් තෝමස් ලිස්ටර් විලර්ස්
(ඡායාරූපය හපුතලේ ඇඩිසම්
 අනුග්‍රහයෙන්)
හපුතලේ ඇඩිසම් බංගලාව සර් තෝමස් ලිස්ටර් විලර්ස්ගේ පුද්ගලීක නිවහන වශයෙන් දශක දෙකක පමණ කාලයක් භාවිතයට ගනිනී.

සර් තෝමස් ලිස්ටර් විලර්ස් 1869 දී එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයේ ඇඩිසම් නම් කුඩා නගරයේදී මෙලොව උපත ලැබීය. ඔහුගේ පියා ගරු ප්‍රීබැන්ඩරි හේන්රි මොන්ටේගු විලර්ස් නම් ක්‍රිස්තියානි දේවගැති වරයාය. වම වික්ටෝරියා රසල්ය. වික්ටෝරියා රසල් ගේ පියා එංගලන්තයේ දෙවරක් ((1846 - 1852) සහ (1865 - 1866)) අගමැතිවු ජෝන් රසල් මැතිතුමාය.(Loard Jhon Russell)

සර් තෝමස් ලිස්ටර් විලර්ස් එංගලන්තයේ ෂර්බෝන් පාඨශාලාවෙන් (Sherborne School) මූලීක අධ්‍යපනය ලැබීය. මුලීක අධ්‍යපනයෙන් පසු ඔහු ශ්‍රී ලංකාවේ බොගවන්තලාවවේ එල්බැද්ද වතු යායේ (Elbedda Estate) ආධුනික වතු පාලකයෙකු වශයෙන් සේවයට එක්විය. 

1896 දී සර් තෝමස් ‍ලිස්ටර් විලර්ස්, එවන්ලී හෝප් වෝකර් නම් තරුණිය සමග විවාහවුවාය. ඇයගේ පියා පුණ්ඩළුඹය විලියම් ගිහින්ස් වෝකර් නම් වැවිලිකරුයි. විවාහ මංගල්‍යයය නුවරඑළියේ ශුද්ධවු ත්‍රිත්ව දේවස්ථානයේදි පැවැත්විනි.

එවර්ලී හෝප් තරුණිය චිත්‍ර ඇදිමට අති දක්ෂ කාන්තාවක් වුවාය. අදත් ඇයගේ චිත්‍ර වලින් හපුතලේ ඇඩිසම් බංගලාවේ ආලින්දය විචිත්‍රවත් වේ.


හපුතලේ
ඇඩිසම් බංගලාව
සර් තෝමස් ලිස්ටර් විලර්ස් සහ එවර්ලී හෝප්ට 1896 දී පුතෙකු උපන් අතර ඔහු හෙන්රි ලිස්ටර් විලර්ස්ය. ඔහු පසුව ලුතිනන් වරයෙකු විය. ඔහු 1917 පෙබරවාරි 04 දින මියගායේ පළමුවන ලෝක යුද සමයේදීය. සර් තෝමස් ලිස්ටර් විලර්ස්ගේ සහ එවර්ලී හෝප්ගේ දෙවන පුතා 1902 දී උපන් අතර ඔහු ද පසුව කොමාන්ඩෝ වරයෙකු වු අතර ඔහු තෝමස් හයිඩි විලර්ස්ය.

1929 දී සර් තෝමස් ලිස්ටර් විලර්ස් විසින් හපුතලේ ඇඩිසම් බංගලාවේ ඉදි කිරිම් කටයුතු ආරම්භ කරන ලදුව එහි වැඩ කටයුතු 1931 දී අවසන් කෙරිනි. මෙම ඇඩිසම් බංගලාව ඉදි කරන සමයේදී සර් තෝමස් ලිස්ටර් විලර්ස්, ජෝර්ජ් ස්ටුවර්ඩ් (George Steuarts) සමාගමේ සභාපති වරයා විය.සර් තෝමස් ලිස්ටර් විලර්ස් සහ එවර්ලී හෝප් දෙපල 1931 දී හපුතලේ ඇඩිසම් බංගලාවේ පදිංචියට පැමිණියේය.

සර් තෝමස් ලිස්ටර් විලර්ස් සහ එවර්ලී හෝප් දෙපල හපුතලේ ඇඩිසම් බංගලාව හා ඔවුන්ට අයත්ව තිබු සියළුම දේපල විකුණා දමා නැවත එංගලන්තයට පදිංචිය සදහා යන ලදි. සර් තෝමස් ලිස්ටර් විලර්ස් 1959 දෙසැම්බර් 21 දින මිය ගිය අතර සර් තෝමස් ලිස්ටර් විලර්ස්ගේ භූමදාන කටයුතු එංගලන්තයේ Pulury Vale හි St. Paul's knights Bridge හිදි සුදු කෙරින.



Wednesday, 7 November 2012

Major Thomas William Rogers

මේජර් තෝමස් විලියම් රොජස්
තෝමස් විලියම් රොජස් 1824 දී ත්‍රිකුණාමලය වරායෙන් ශ්‍රී ලංකාවට ගොඩ බැස්සේ වයස අවුරුදු 20 දීය. හේ 1804 දී එංගලන්තයේ උපත ලැබීය. ඔහු ශ්‍රී ලංකාවට පැමිනියේ ලංකා රයිපල් රේජිමේන්තුවේ (Ceylon Rifle Regiment) දෙවන ලුතිනන් වරයා වශයෙනි.
මේජර් තෝමස්
 විලියම් රොජස්
තෝමස් විලියම් රොජස් 1828 දී අළුපොත බලකොටුවේ අණදෙන නිළධාරියා වශයෙන් පත්කර අළුපොතට එවීය. ) අළුපොත පිහිටා ඇත්තේ පස්සර-බඩල්කුඹුර මාර්ගයේ වන අතර අළුපොත 1818 පැවැති ඌව වෙල්ලස්ස කැරැල්ලේ යුධ බලකොටුවක් වශයෙන් බ්‍රිතන්‍යයන් විසින් භාවිතයට ගැනිනී). ඒ වකවානුවේ අළුපොත දක්වා මහා මාර්ග පහසුකම් නොතිබුණ වන ගත ප්‍රදේශයකී. එම වන ගත ප්‍රදේශයේ මිනිසුන්ට අලි, ඇතුන්ගෙන් සිදුවන අතවරය ගැන මේජර් තෝමස් රොජස්  හොද නිරික්ෂණයකින් සිටියේය. මේජර් තෝමස් රොජස්  මේ අතවරය හොදින් සියැසින් දුටු නිසා අලි වෙඩි තබා විනාශ කිරිමට පටන් ගත්තේය. රොජස් 1834 වර්ෂය  හා 1845 වර්ෂය අතර කාලය අතරතුර දී අලි ඇතුන් 1400 ක් පමණ මරා දමා ඇති බවට වාර්තාවේ.

තෝමස් විලියම් රොජස් ලංකා රයිපල් රේජිමේන්තුවේ මේජර් තනතුරෙන් බදුල්ලේ උප ඒජාන්ත (AGA) වශයෙන් පත්වීම ලැබු අතර, බදුල්ලේ දිස්ත්‍රික් නඩුකාර පදවියද හේ හෙබැවීය. ඒ විතරක් නොවේ හේතෙම දක්ෂ ඉංජිනේරුවරයෙක්ද විය. මේජර් තෝමස් ස්කිනර්ගේ උපදෙස් පරිදි මේජර් තෝමස් රොජස් විසින්,
1. බදුල්ලේ සිට නුවරඑළිය දක්වා මාර්ගය,
2. බදුල්ලේ සිට බිබිල දක්වා මාර්ගය,
3. බිබිල සිට මඩකලපුව මාර්ගය,
4. බදුල්ල සිට රත්නපුර දක්වා මාර්ගය (හපුතලේ උඩ පාර),
5. බදුල් සිට වැල්ලවාය දක්වා මාර්ගය,
6. වැල්ලවාය සිට හම්බන්තොට දක්වා මාර්ගය, යන මාර්ග ඉදි කලේය.

1841  දෙසැම්බර් මස 29 දින හම්බන්තොටදී රෝජස්ගේ වෙඩි පහරක් වැරැදුණු අලියෙකු විසින් ඔහුට පහර දිනි. ඉන් තෝමස් රෝජස් සිහිසුන් නොමැතිව සිටියේය.

1845 ජුනි මස 07 දින මේජර් තෝමස් විලියම් රෝජස්, තම මිත්‍ර බුලස් මහතා හපුතලයට පැමිණ සිටි නිසා, මේජර් තෝමස් රොජස් බදුල්ලේ සිට හපුත‍ලය දක්වා පැමිණියේ, බුලස් මහතා සහ එම මහත්මිය හමුවීම පිණිසයි. හපුතලේ තානායමේ  ආලින්දයේ බුලස් මහත්මිය හිදගෙන සිටි අතර, එක විටම වර්ෂාවක් ඇද හැලෙන්නට විය. මේ අවස්ථාවේදී එතැනට පැමිණි මේජර් තෝමස් රොජස් වර්ෂාව දෙස බලැ අනෙක් පස වාඩිවී සිටි බුලස් මහත්මියට "It's all over now" යැයි පැවසීය. 

එවිට මුළු මහත් ප්‍රදේශයම දෙවනත් කරමින් පතිතවු හෙණය (අකුණක්) මේජර් තෝමස් රොජස්ට වැදි එතැනම ඔහු මිය ගියේය. එවිට ඔහුගේ වයස අවුරුදු 41 කී.

රෝජස්ගේ භූමදාන කටයුතු සිදු කර ඇත්තේ නුවරඑළියේ සුසානභුමියේය. මෙම සුසාන භුමිය පිහිටා ඇත්තේ අලිමංකඩක් හරහාය. එක් වරක් මෙහි ඉදි කර තිබු සොහොන් කොත අලින් විසින් කඩා බිද දමා තිබුණු අතර, අදටත් දක්නට ලැබෙන සොහොනට වර්ෂ කිහිපයකට වරක් අකුණු වදින බව පැවසේ. එසේම අදත් එහි අකුණු වැදි කැඩි බිදි ඇති අයුරු එහි යන ඕනෑම කෙනෙකුට පෙනේ.

රොජස්ගේ සොහොන
1857 අප්‍රේල් 25 දා ඉදි කරන ලද බදුල්ලේ පිහිටි ශාන්ත මාර්ක්ගේ දේවස්ථානය (St. Mark's Church) ඉදි කර ඇත්තේ මේජර් තෝමස් විලියම් රොජස් සිහිවීම පිණිස වන අතර, මෙම දේවස්ථානය මෙතැන, මේජර් තෝමස් විලියම් රොජස් සිහිවීම පිණිස  දේවස්ථානයක් ඉදි කරන ලෙසට යෝජනා කර ඇත්තේ කන්ද උඩරට රාජ්‍යයේ බෞද්ධ පැලකයෙකු වු රඹුක්පොත දිශාව විසිනි.

ශාන්ත මාර්ක්ගේ
දේවස්ථානය - බදුල්ල

මෙම දේවස්ථානය අභ්‍යන්තරයේ ඇති සිහිවටන ඵලකයක මේජර් තෝමස් විලියම් රෝජස් වෙනුවෙන් ඉංග්‍රිසි භාෂාවෙන් මේසේ සදහන් කර ඇත.
A.D. 1845
THIS CHURCH WAS ERECTED THE
HONOR OF GOD
In memory of
THOMAS WILLIAM ROGERS
Major, Ceylon Rifle Regiment
Assisrant Government Agent and
District Judge of Badulla
By All Classes of His
Friends and Admirers.
He was killed by lightning at
Hapootale June 7th 1845
Aged 41 " In the midst of life
we are in Death"

Tuesday, 6 November 2012

Fox Hill - Diyatalawa

නරියා කන්ද - දියතලාව

නරියා කන්ද පිහිටා ඇත්තේ දියතලාව නගරයට මදක් ඔබ්බෙන් යුද හමුදාවට අයත් භූමි භාගයකයි. 1913 වන තුරුම නරියා කන්දට භාවිතා වු නාමය වුයේ කළු ගල් කන්ද (Black Rock Hill) යන නාමයයි. HMS Fox නම් නැවේ සිටි සුරතලයට ඇති කරන  ලද නරියෙකු , දියතලා‍වට රැගෙන එන ලදී. එම නාවිකයන් විසින් සුදු පාට තිරුවාණ ගල් එකතු කර දුවන නරියෙකුගේ රූපයක් එම කන්දෙහි නිර්මාණය කරන ලදි. ඉන් පසු එම කළු ගල් කන්ද, නරියා කන්ද - Fox Hill - නමින්  භාවිතා කරන්නට වුයෙන් අදත් එම කළු ගල කන්ද , නරියා කන්ද ලෙසට භාවිතා කරයි.

නරියා කන්ද

Monday, 5 November 2012

Biography of R.M. Appuhamy Member of Parliment

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරවෙල ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රිව සිටි ආර්.එම්. අප්පුහාමි මැතිතුමාගේ චරිතය

අප්පුහාමි මහතා
1930 ජනවාරි 09 දින බණ්ඩාරවෙල, කිරිමඩුගොඩ, එපිටැහැහේ ගෙදර ගොවි පවුලක උපන් රත්නායක මුදියන්සේලාගේ අප්පුහාමි මහතාගේ පියා ගොවිතැන සිය ජිවන වෘත්තිය කර ගත් ප්‍රදේශයේ ගොවි නායකයකුවු කිරිමඩුගොඩ, එපිටැහේ ගෙදර පදිංචිව සිටි රත්නායක මුදියන්සේලාගේ කිරිබණ්ඩා වෙල් විදානේ නිළමේතුමා වු අතර මව කිණිගම, මොණරපිටිය වත්තේ ඒකනායක මුදියන්සේලාගේ උක්කු මැණිකා උපාසිකා මාතාව විය.


ආර්.එම්. අප්පුහාමි මහතාට සහෝදර සහෝදරියන් හය දෙනෙකී. බංඩාර මැණිකා, ආර්.එම්. සරත් කිණිගම, ආර්.එම්. කරුණාදාස, ආර්.එම්. හිංබණ්ඩාර, ආර්.එම්. චන්ද්‍රවතී, ආර්.එම්. අරියරත්න යන අයයි.


කන්දේඅරාව
 ශ්‍රී රාහුල විද්‍යාලය
(2012 දී)
ආර්.එම්. අප්පුහාමි මහතා බණ්ඩාරවෙල කන්දේඅරාව ශ්‍රී රාහුල විද්‍යාලයෙන් මුලීක අධ්‍යපනය ලැබීය. මුලික අධ්‍යාපනයෙන් පසු පාඨශාලා ජේෂ්ඨ සහතික පත්‍ර විභාගයෙන් සමත්ව උප ගුරුවරයෙකු වශයෙන් බණ්ඩාරවෙල හල්පේ මහා විද්‍යාලයේ කලක් සේවය කලේය.

හල්පේ මහා විද්‍යාලයේ උප ගුරුවරයෙකු වශයෙන් කලක් සේවය කර, කිණිගම සමුපකාර සමිතියේ ආරම්භක පාලන ලේකම් වශයෙන් පත්වී පොදු ජන සේවය පටන් ගත්හ.

1957 දී කිණිගම ගම් සභා නියෝජිතයා වශයෙන් පත්විය. 1961 දී මහා පළාත ගම් සභාවේ සභාපති දූරයට පත්වු අතර, ගම් සභා ක්‍රමය අහෝසි කරන තුරුම වසර 10 ක පමණ කාලයක් මහජනයා වෙනුවෙන් තම සේවය කැප කලේය.

1966 ඔක්තෝබර් මස 24 දින පැවැත්වු බණ්ඩාරවෙල අතුරු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත්ව, ජයග්‍රහණය කොට පාර්ලිමේන්තුවට, පාර්ලාමේන්තු මන්ත්‍රි වරයෙකු වශයෙන් පත්විය. එමෙන්ම 1970 මහා මැතිවරණයෙන්ද ජයග්‍රහණය ලදහ.

සෝමවතී මැණිකේ
 ජයසුරිය
1972 දී අරණායක මේනම, වාඩියගෙදර, වාඩියරාලලාගේ මුදියන්සේ සහ පංගමගේ දොන් පුංචි මැණිකේ යන දෙපලගේ දියණියවු රෝහල් හෙද පාලිකා සෝමවතී මැණිකේ ජයසුරිය සමග විවාහ විය.
දරුවන් තිදෙනෙකී. ලසත් බණ්ඩාර, ඉන්දිකා එරන්දතී, අසංක බණ්ඩාර.

1977 මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇද වැටෙද්දී අප්පුහාමි මහතාද මන්ත්‍රි දූරයෙන් පරාජයට පත්විය.

එතුමාගේ ජනතා සේවයෙන් බිදක්: වතු සමාගම් වල වතු ජනතාවට බෙදා දීම, ගම්, පාරවල් පුළුල් කිරිම, ජල විදුලි යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරිම, ගම්බද පාසැල් දියුණු කිරිම ( ගොටුවෙල, යහලේවෙල, බල්ලකෙටුව, දක්‍රණු කැබිල්ලේවෙල, හීල්ඔය මුස්ලිම් විද්‍යාලය, බණ්ඩාරවෙල සහිරා විධ්‍යාලය, බණ්ඩාරවෙල දෙමල මහා විද්‍යාලය), ගමනා ගමනය පහසුකම් ඇති කිරිම, බණ්ඩාරවෙල රෝහල අංග සම්පුර්ණ කිරිම.

"සත්මග" නම් ප්‍රදේශිය පුවත් පතේ 2007 ජනවාරි කලාපයේ 9 වන පිටුවේ  අම්පාර පියසේන වතුදුරු විසින් ලියන ලද ලිපියක මෙසේ සදහන් කර ඇත, " එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක, ආචාර්ය එන්.එම්. පෙරේරා, ඩබ්ලිව්. දහනායක වැනි දේශපාලන නායකයින් මෙන්ම බටපොල පි.එම්. විලියම් ද සිල්වා, බණ්ඩාරවෙල ආර්.එම්. අප්පුහාමි වැනි දේශපාඥයින් මුදල් හරි හම්බ කර ගෙන නොසිටි බව පොදු මහජනතාව අදත් පවසති."







Komarike Cannal - Meegahakiula

කෝමාරිකේ ඇල - මීගහකිවුල

කෝමාරිකේ ඇල
කෝමාරිකේ ඇල පිහිටා ඇත්තේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, මීගහකිවුල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේය. මෙම කෝමාරිකේ ඇල පුරාණ වාර් නිර්මාණයකී. (මෙම ඇලේ අදටත් ජලය ප්‍රවාහනය වන අතර, මෙම ඡායාරූප ගන්නා ලද්දේ ඉඩොර සමයකයි)

කෝමාරිකේ ඇල

ඡායාරූප ගන්නා ලද්දේ 2012.09.26 දින
කෝමාරිකේ ඇල

කෝමාරිකේ ඇල

St. Sebastian Church - Haldumulla

ශාන්ත සේබස්තියන් දේවස්ථානය - හල්දුම්මුල්ල


හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, හල්දුම්මුල්ල නගරයේ සිට හපුතලේ දෙසට පැමිණිමේදි දකුණු අත පැත්තේ මෙම ශාන්න සෙබස්තියන්ගේ දේවස්ථානය පිහිටා ඇත. මෙම දේවස්ථානය 1933 දී පමණ ඉදි කරන්නට

පැරණි දේවස්ථානය
ඇති අතර, වර්තමානයේදී අළුතින් දේවස්ථානයක් ඉදි කර ඇත.

ඡායාරූප ගන්නා ලද්දේ 2012.09.19 දින
අළුතින් ඉදි කර ඇති
දේවස්ථානය


St. Wanatha Pavulu Church - Haputale

ශාන්ත වනාත පවුළු දේවස්ථානය - හපුතලේ


ශාන්ත වනාත පාවුළු
දේවස්ථානය 
හපුතලේ නගරයේ සිට, වැලිමඩ මාර්ගයේ මද දුරක් ගිය විට වම් අත පැත්තේ කුඩා කදු ගැටයක් උඩ මෙම ශාන්ත වනාත පාවුළු දේවස්ථානය පිහිටා ඇත.

ඡායාරූප ගන්නා ලද්දේ 2012.09.19.දින

ශාන්ත වනාත පාවුළු
දේවස්ථානය 

ශාන්ත වනාත පාවුළු
දේවස්ථානය 

Demodara Church -Demodara

දෙමෝදර දේවස්ථානය - දෙමෝදර

දෙමෝදර දේවස්ථානය පිහිටා ඇත්තේ බණ්ඩාරවෙල-බදුල්ල මාර්ගයේ දෙමෝදර මංසන්දිය පසුකර කිලෝමීටර් කාලක් පමණ ගිය තැන හමුවන, දෙමෝදර ග්‍රාමිය රෝහල මාර්ගයේ මීටර් 25 ක් පමණ යායුතුයි.

ඡායාරූප ගන්නා ලද්දේ 2012.09.26 දින

දෙමෝදර දේවස්ථානය

Saturday, 3 November 2012

Galekka Water Fall - Bandarawela

කිරිදි ගගේ අප්‍රසිද්ධ දිය ඇල්ල
 - ගල් ඇක්ක දිය ඇල්ල

ගල්ඇක්ක දිය ඇල්ල
කිරිදි ගග බණ්ඩාරවෙල, නායබැද්ද නම් කදු වැටියෙන් ආරම්භවී කිරින්ද දක්වා ගොස් මුහුදට එකතුවේ. එසේ කිරිදි ඔය ගලා බැස යද්දී ප්‍රසිද්ධ දිය ඇලි (රාවණා ඇල්ල දිය ඇල්ල) මෙන්ම අප්‍රසිද්ධ දිය ඇලි කිහිපයක්ද නිර්මාණය කරයි. මේ කිරිදි ඔය මගින් නිර්මාණය කරනු ලැබු අප්‍රසිද්ධ දිය ඇල්ලකී.
ගල්ඇක්ක දිය ඇල්ල
අසල ඇති අලංකාර
දිය දහරක්
මෙම දිය ඇල්ලේ නම ගල්ඇක්ක දිය ඇල්ලයි. මෙය පිහිටා ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කෝට්ඨාශයේ, ගල්ඇක්ක දුම්රිය පැලමට යටිනි. අඩි 15 ක් පමණ උසැති මෙම දිය ඇල්ල  වර්ෂා කාලයේදී හොදින් දැක බලා ගත හැක.

මෙම දිය ඇල්ල දැක බලා ගැනීම පිණිස 
ගල්ඇක්ක දිය ඇල්ල
අසල ඇති අලංකාර
දිය දහරක්
බණ්ඩාරවෙල, කිණිගම දුම්රිය ස්ථානය අසලට පැමිණ, එහි සිට දුම්රිය මාර්ගය දිගේ හීල්ඔය දුම්රිය ස්ථානය දෙසට කිලෝමීටර් 1 1/2 - 2 ක් පමණ යායුතුයි. එවිට මෙම දිය ඇල්ල සහ ගල්ඇක්ක දුම්රිය පාලම දැක බලා ගත හැක.


ගල්ඇක්ක දිය ඇල්ල
ඡායාරූප ගන්නා ලද්දේ 2012.10.20 දින

The Grange Bungalow - Bandarawela

ද ග්රේන්ජ් බංගලාව - බණ්ඩාරවෙල

බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, බණ්ඩාරවෙල මහා නගර සභාවට අයත්, බණ්ඩාරවෙල සිවලි පාරේ ඇති තවත් වැදගත් ඓතිහාසික ස්මාරකයකී. ද ග්රේන්ජ් බංගලාව.

මෙම ද ග්රේන්ජ් බංගලාව ශ්‍රී ලංකා‍වේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවු ගරු S.W.R.D. බණ්ඩාරනායක මැතිතුමාට අයත්ව තිබු බංගලාවකී.

ඡායාරූප ගන්නා ලද්දේ 2011.03.10. දින.

ද ග්රේන්ජ් බංගලාව

ද ග්රේන්ජ් බංගලාව

ද ග්රේන්ජ් බංගලාව

ද ග්රේන්ජ් බංගලාව

ද ග්රේන්ජ් බංගලාව

ද ග්රේන්ජ් බංගලාව

ද ග්රේන්ජ් බංගලාව

ද ග්රේන්ජ් බංගලාව

ද ග්රේන්ජ් බංගලාව