Sunday, 7 October 2012

Tombstone of Rev. Walters Stanely Senior - Haputale

ගරු වොල්ටර් ස්ටැන්ලි සීනියර් පියතුමාගේ
 සොහොන් කොත - හපුතලේ

ගරු වොල්ටර් ස්ටැන්ලි
 සීනියර් පියතුමාගේ
සොහොන් කොත 

ගරු වොල්ටර් ස්ටැන්ලි
 සීනියර් පියතුමාගේ
 විසින් ලියන ලද
කවි පංතියක්
ගරු වොල්ටර් ස්ටැන්ලි
 සීනියර් පියතුමාගේ
 සොහොන් කොත 
ගරු වෝල්ටර් ස්ටැන්ලි සීනියර් පියතුමා එංගලන්තයේදී 1876 මැයි 10 දින උපත ලබා ඇති අතර වෝල්ටර් සීනියර් පියතුමා මෙතුමාගේ පියාය. ගරු වෝල්ටර් ස්ටැන්ලි සීනියර් පියතුමා  1906 දී ශ්‍රී ලංකාවට පැමිණියේය. එතුමා 1907 දී එතල් මේ පොලී සමග විවාහ වු අතර දරුවන් සතර දෙනෙකී. පුතුන් දෙදෙනෙක් හා දියනියන් දෙදෙනෙකී.

ගරු වෝල්ටර් ස්ටැන්ලි සීනියර් පියතුමා  1906 සිට 1916 දක්වා මහනුවර ත්‍රිත්ව විද්‍යලයේ උප විදුහල්පති වරයා වශයෙන් සේවය කලේය. ඉන් අනතුරුව 1916 සිට 1919 දක්වා ගාළුමුවදොර ක්‍රිස්තියානි දේවස්ථානයේ දේවගැතිවරයා වශයෙන් සේවය කලේය. එසේම කොළඹ යුනිවර්සිටි කොලේජියේ (the University College, Colombo) කතිකාචාර්ය වරයෙකු වශයෙන්ද සේවය කරන ලදුව, 1938 පෙබරවාරි මස 23 දින වයස අවුරුදු 61 දී එංගලන්තයේදී අභාවප්‍රප්තවී. එතුමාගේ භෂ්මාවශේෂ හපුතලේ ශාත්න අන්දෘස් දේවස්ථානයේ මිහිදන් කර සොහොන් කොතක් පිහිටුවා ඇත.

එතුමා ශ්‍රී ලංකාවේ වාසය කරන ලද කාලය තුලදී "The Call of Lanka" නමින් කාව්‍යමය ග්‍රන්ථයක්ද  "Vita Magistra" නම්න් කාව්‍යමය ග්‍රන්ථයක්ද රචනා කර ඇති ඇති අතර, කලක් තේ වැවිලි කර්මාන්තයේද හෙතෙම යෙදුනේය.

"ශ්‍රී ලාංකික හදැති බ්‍රිතාන්‍ය කවියා" යන අන්වර්ථ නාමයෙන්ද හෙතෙම හදුන්වනු ලැබේ.

No comments:

Post a Comment