Saturday, 13 October 2012

Nine Arches Railway Bridge - Ella

බදුල්ල දුම්රිය මාර්ගයේ ආරුක්කු නවයේ දුම්රිය පාලම - ඇල්ල
(අහස් නවයේ පාලම)

බදුල්ල දුම්රිය මාර්ගයේ ආරුක්කු නවයේ දුම්රිය පාලම පිහිටා ඇත්තේ ඇල්ල දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දෙසට යාමේදීය. මෙම දුම්රිය පාලම පාලම පිහිටා ඇති ග්‍රාමයට ගොටුවෙල යැයි කියනු ලැබේ. දුම්රිය මාර්ගයේ සැතපුම් 169 3/4 කණුව පාලම මාධ්‍යයේ පිහිටා ඇති අතර ආරුක්කු නවයකින් සමන්විත වන ලෙසට නිර්මාණය කර ඇත. පාලමේ දිග අඩි 300 (91.44 මීටර්) ක් වන අතර පලල අඩි 25 (7.62 මීටර්) වේ.

මෙම පාලමේ මුලිත දල සැලැස්ම නිර්මාණය කර ඇත්තේ H.R. මාර්වුඩ් නැමැති බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවරයා බව සදහක්ය. මෙම පාලමේ වැඩ කටයුතු 1917 දී ආරම්භ කර 1919 ජනවාරී මාසයේදී අවසන් කර ඇති බවට තොරතුරු මුලාශ්‍ර වල සදහන්ය. මේ ආකාරයේ පාලමක් මෙම ස්ථානයේ සෑදීමට ර්‍පධානතම හේතුව වී ඇත්තේ 1917 දී බ්‍රිතාන්‍යයේ විශාල ලෙස යකඩ හිගතාවයකට ලත්වීමයි. එසේවීමට හේතුව පළමු ලෝක යුද්ධය සදහා යකඩ වැඩි වැඩියෙන් භාවිතයට ගැනීම සහ ජර්මානු සතුරු නැව් විසින් භාණ්ඩ ප්‍රවාහන නැව් වලට ප්‍රහාර එල්ල කිරිමත්වේ. 

පැලම නිර්මාණය කර ඇත්තේ වංගුවක් සහිතවයි.දුම්රිය මාර්ගය අංශක 9ක වක්‍රතාවයක් ඇති අතරප ආරැක්ක්‍ර දෙකක් අතර දුර අඩි 30කී.

මෙම පාලම ඉදි කිරිමට වැලිමඩ පදිංචිව සිටි පී.කේ. අප්පුහාමි නැමැති පෙදෙරේරුවා පෙදරේරු වැඩ සදහා යොදවා ගත් බව  ජනප්‍රවාදයේ සදහන්ය.

මෙම පාලම ආසන්නයේම දුම්රිය මාර්ගයේ අංක 40 දරණ බිංගෙයද පිහිටා ඇත.

ආරුක්කු නවයේ  දුම්රිය පාලම 

ආරුක්කු නවයේ  දුම්රිය පාලම 

ආරුක්කු නවයේ  දුම්රිය පාලම 

ආරුක්කු නවයේ  දුම්රිය පාලම 

ආරුක්කු නවයේ  දුම්රිය පාලම 

ආරුක්කු නවයේ දුම්රිය පාලම ,
ඈතින් දිස්වන්නේ  අංක 40 දරණ
බිංගෙයයි

ආරුක්කු නවයේ  දුම්රිය පාලම 







1 comment:

  1. හොද උත්සාහයක්. නමුත් තොරතුරු ලෙස නොව අත්දැකීමක් ලෙස ලියනවානම් වඩාත් සුන්දර සහ ප්‍රිය ජනක වේවි.

    ReplyDelete