Thursday, 25 October 2012

Mr.&Mrs. K.M.P. Rajarathna's House - Welimada

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි K.M.P. රාජරත්න මැතිතුමාගේ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි කුසුමා රාජරත්න මැතිනියගේ නිවස - වැලිමඩ


K.M.P. රාජරත්න
 මැතිතුමා
1950 දශකයේ වැලිමඩ ආසනයේ සහ ඌව පරණගම ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආසන ලබා ගත් K.M.P. රාජරත්න මැතිතුමාගේ සහ කුසුමා රාජරත්න මැතිනියගේ, වැලිමඩ, දිවාතොටවෙල පිහිටි නිවස, ජාතියේ එක් දශක කිහිපයක පෞඩ ශ්‍රී ලාංකිය ඉතිහාසයක ජිවමාන සාධකයකී.



කුසුමා රාජරත්න
 මැතිනිය
මෙම නිවස පිහිටා ඇත්තේ වැලිමඩ ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ, දිවිතොටවෙල නම් ගමේය. බණ්ඩාරවෙල-වැලිමඩ මාර්ගයේ දිවිතොටවෙල විද්‍යලය අසල මෙම නිවස පිහිටා තිබේ.

කේ.එම්.පී.රාජරත්න මැතිතුමා විශ්ව විද්‍යලයේ ඉගෙන ගන්නා කාලයේදී එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක මැතිතුමා හා ඇති කර ගත් මිත්‍රශිලි භාවය හේතු කොටගෙන, 19--  මැතිවරණයේදී කේ.එම්.පී.රාජරත්න මැතිතුමා වැලිමඩ ආසනය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් කටයුතු කර වැලිමඩ ආසනය දිනා ගත්තේය. එහෙත් ඡන්ද පෙත්සමක් නිසා මන්ත්‍රි ආසනය අහෝසිවී නැවත මැතිවරණයක් පවත් වන ලදී. ඒ අවස්ථාවේදී කේ.එම්.පී.රාජරත්න මැතිතුමාගේ භාර්යාව වු කුසුමා රාජරත්න මැතිනිය වැලිමඩ ආසනය වෙනුවෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරි පත් වුවාය.

ඊලග මැතිවරණයේදී කේ.එම්.පී.රාජරත්න මැතිතුමා වැලිමඩ ආසනයෙන්ද කුසුමා රාජරත්න මැතිනිය ඌවපරණගම ආසනයෙන්ද ජයග්‍රහණය කර දෙදෙනාම පාර්ලිමේන්තුවට පත්විය.

කුසුමා රාජරත්න මහත්මිය වසර 15 ක් මන්ත්‍රි දුරයේ සිටි අතර  ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා මන්ත්‍රි වරිය ලෙසද ඇය ඉතිහාස ගතවී ඇත.

වැලිමඩ නිවස


වැලිමඩ නිවස
ඡායාරෑප ගන්නා ලද්දේ 2012.10.20 දින

No comments:

Post a Comment