Saturday, 6 October 2012

Demodara Railway Station

දෙමෝදර දුම්රිය ස්ථානය

බදුල්ල දුම්රිය මාර්ගයේ ඇල්ල හා බදුල්ල අතර පිහිටි දුම්රිය ස්ථානයකී. මෙම දුම්රිය ස්ථානය සුවිශේෂි වැදගත් කමක් උසුලන්නේ බදුල්ල දුම්රිය මාර්ගයේ අංක: 42 දරණ දුම්රිය බිංගය පිහිටා තිබෙන්නේ මෙම දෙමෝදර දුම්රිය ස්ථානයට යටිනි. දෙමෝදර දුම්රිය ස්ථානය කොළඹ සිට කිලෝමිටර් 276.8 දුරින් වන අතර බණ්ඩාරවෙල සිට කිලෝමීටර් 14 කී. මුහුදු මට්ටමේ සිට මීටර් 911.6 උසකින් (අඩි 2990) පිහිටා තිබේ.

ප්‍රථම වරට දෙමෝදර දුම්රිය ස්ථානයට දුම්රියක් පැමිණ ඇත්තේ 1921 දීය. දෙමෝදර ද්මිරිය ස්ථානය දක්වා දුම්රියක් කොළඹ සිට පැමිණියත් එකල බදුල්ල දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරිමේදි මහත් අකර තැබ්බයකට පත්වූයේ ඉන් (දෙමෝදර සිට) ඉදිරියට බදුල්ල දක්වා දුම්රිය මාර්ගය ඉදි කර ගැනිමට අපහසුවීමයි. මෙයට හේතුව වුයේ අසලින්  එක් අතකින් ගලා බසින ගවරවෙල ඔයත්, අනෙක් පසින් ගලා බසින බදුලු ඔයත්ය. එසේම ඒ ගංගා දෙකම මැදිව පිහිටා ඇති කදු ගැටයත්ය.

මේ පිළිබදව ගැඹුරු කල්පනාවක නිමග්නව සිටි ඉංජිනේරු ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතා අසලට පැමිණි සේවකයෙකු තම ජටාවේ ආකාරයට කන්ද වටේ දුම්රිය මග ගෙන ගවරවෙල ඔයට පාලමක් භාවිතා කර දුම්රිය මාර්ගය සාදන ලෙස පැවසුවා. ඒ අනුව කල්පනා කල ඉංජිනේරු ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතා ඒ ආකාරයට දුම්රිය මග සකස් කර බදුල්ල දක්වා දුම්රිය ධවනයට කටයුතු සලසන ලදී.

දෙමෝදර දුම්රිය ස්ථානය

දෙමෝදර දුම්රිය ස්ථාන
 ආසන්නයේ
 ඇති සොදුරු ස්ථානයක්

දෙමෝදර දුම්රිය ස්ථානායේ
ඇති පුරාණ දුම්රිය
 සදහා ජලය
සැපයු ස්ථානය

දෙමෝදර දුම්රිය ස්ථානයේ
ඇති දෝඹකරය

දෙමෝදර දුම්රිය ස්ථාන
 ආසන්නයේ
 ඇති සොදුරු ස්ථානයක්

දෙමෝදර දුම්රිය
 ස්ථාන ආසන්නයේ
 ඇති  සංඥ කුලුණ

දෙමෝදර දුම්රිය ස්ථානය 

දෙමෝදර දුම්රිය ස්ථානය


No comments:

Post a Comment