Saturday, 6 October 2012

Bogoda Wooden Bridge - Haliela

බෝගොඩ ලී පාලම

බෝගොඩ ලී පාලම

බෝගොඩ ලී පාලම

බෝගොඩ ලී පාලම

බෝගොඩ ලී පාලම

බෝගොඩ රජ මහා
 විහාරස්ථානයේ
 විහාර ගෙය

බෝගොඩ උමගය

බෝගොඩ ලී පාලම

බෝගොඩ ලී පාලම

බෝගොඩ ලී පාලම

බෝගොඩ ලී පාලම 

බෝගොඩ ලී පාලම පිහිටා ඇත්තේ ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, හාලිඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ  පිහිටි ජගුල්ල නම් ගමේ බෝගොඩ රජ මහා විහාරයට ඉදිරියෙන් ගොල්ලන්දා ඔය හරහාය. මෙම පාලම දඹදෙණිය යුගයේ දී සාදන ලද්දක් යැයි විශ්වාස කරන අතර,  ලී වලින් සාදා ඇති වහලයක් සහිත පාලමකී. ( මෙවැනි පාලමක් පිළිකුත්තුව රජ මහා විහරස්ථානයේද දක්නට ලැබේ) පනාපිටියේහි ඇති පුරාණ අම්බලම හා මෙම බෝගොඩ ලී පාලම අතර  යම් සම්බන්ධකමක් තිබේ යැයි විශ්වාස කරනු ලබන්නේ පනාපිටියේ ඇති අම්බලම පුතා විසින්ද මෙම බෝගොඩ ලී පාලම පියා විසින්ද නිර්මාණය කරන ලද්දේ යැයි විශ්වාස කරන බැවිනි. මෙම පාලම සෑදීම සම්බන්ධයෙන් පුරාවෘතයේ.

නාරංගල කොත මුදුනේ කැපු       දැවේ
එක ඇවිත් ලුණුගල්ලේ කෙතේ    දැවේ
පිනෙන් පහල උනාද බෝගොඩට   දැවේ
විෂ්ණු සමන් දෙවියෝ පිහිටවාපු     දැවේ

එසේ  කවියක් සදහන්වේ. මෙම පාලම කදු දෙක අතර රදවා ඇත්තේ ලී කොට තුනකිනි. මෙම ලී තුන නාරංගල නම් කදු මුදුනේ කපන ලද ලී කදන් තුනකී. මෙම ලී කොට කැපු දිනට පසු දින ලුණුගල්ලේ කෙතක තිබි ඇත. ඊට පසු  දින (තුන වන දින) පාලම අද තිබෙන ස්ථානයේ දක්නට ලැබි ඇත. මෙය විෂ්ණු දෙව්යන්ගේ ආණුභාවයෙන් සිදුවු බව ජනප්‍රවාදයේ සදහන්වේ.

මෙම ස්ථානයේ පාලමක් සෑදිමට හේතුවී ඇත්තේ ගල්ලන්දා ඔය වැසි දිනවලදී ජල පහර සැර නිසා, මෙයින් ජනයාට - පණිවිඩ කරුවන්ට, ජලයේ සැඩ පහර අඩුවන කම් පමාවීමට සිදුවීමයි. ඒ හේතුකොට මෙම ස්ථානයේ පසු කාලයේ පාලමක් සාදා ඇති අතර, මෙම ස්ථානයේ දුර බැහැර ගමන් කරන ජනතාවගේ ප්‍රයේජනය සදහා අම්බලමක් ලෙසද මෙය ප්‍රයෝජනයට ගත හැකි ආකාරයට නිර්මාණය කර ඇත.

එසේම මෙම පාලම ආසන්නයේ බෝගොඩ රජ මහා විහාරස්ථානයේ විහාර ගෙයත්, බෝගොඩ උමගයත් පිහිටා ඇත.

ඡායාරූප ගන්නා ලද්දේ 2012.09.27



No comments:

Post a Comment