Thursday, 4 October 2012

Ancient Tunnel - Meegahakiula

මුදග් ගල්ගේ - මීගහකිවුල

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, මීගහකිවුල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කරදගහමඩ නම් ගමේ, මීගහකිවුල කරදගහමඩ පාසැල ආසන්නයේ වමට ඇති ගුරු පාර දිගේ කිලෝමිටරයක් පමණ ගොස් කැලය මැදින් කිලෝමීටර් 1/4 පමණ ගිය විට මෙම ස්ථානයට ලගා විය හැක. 
මෙම ස්ථානයේ වළගම්බා රජතුමා සැගවී සිටි ස්ථානයක් යැයි විශ්වාස කරන අතර ගල් පර්වතයේ එක් පැත්තක කටාරම් කොටා ඇති ගුහාවකී. එම ගුහාව ඇති ගල් පර්වතයේ අනෙක් පැත්තේ උමගයකී.
මෙම ගුහාව සහ උමගය සහිත ගල් පර්වතයට ඉදිරියෙන් ඇත්තේ ඇතා ගල නම් ගලයි. එම ගල් පර්වතය ඈතට ඇතකුසේ පෙනේ.
මෙම ගුහාව ආශ්‍රිත ප්‍රදේශයේ වලගම්බා රජු හා වලගම්බා රජුගේ බිසව සැගව සිටි කාලයේධි වලගම්බා රජු විසින් පුරාණ මැද මහා විහාරය අළුත් වැඩියා කර ඇති බවත්, වලගම්බා රජුගේ දේවිය විසින් අල කොළ ගොබ විහාරය ඉදි කර ඇති බවත් ප්‍රදේශවාසිහු පවසති.

මුදග් ගල්ගේ
එය තහවුරු කිරිම සදහා අලකොළ ගොබ විහාරයේ අළුතින් ඉදිකර ඇති විහාරයේ දොරටුපාල රූප ඇත්තේ බිසෝවරු දෙදෙනෙකී. අනෙක් විහාරස්ථාන වල පොදුවේ ඇත්තේ පිරිමි දොරටු පාල රූපය.

මෙම ගල් ගුහාවේ නම මුදග් ගල්ගේය, එය " මූ දැකපු ගල්ගේ" පසුව මුදග් ගල්ගේ වශයෙන් භාවිතයට ගෙන තිබේ. මෙම ගල්ගේ හා උමගය පිළිබදව මා දැනුවත් කර ගුහාව කරා මාර්ගය පෙන් වන ලද්දේ මීගහකිවුල කරදමඩ මැද මහා විහාරයේ විහාරාධිපති ගරු කේ. සුමනරතන ස්වාම්න් වහන්සේ සහ කරදමඩ ප්‍රදිප් කුමාර මල්ලීය.

ඡායාරූප ගන්නා ලද්දේ 2012.09.26

මුදග් ගල්ගේ

කටාරම

මුදග් ගල්ගේ

උමගය

උමගය

ගල් වංගෙඩියක්

ඇතා ගල

No comments:

Post a Comment