Wednesday, 19 September 2012

Soragune Kuda Kataragam Dewalaya - Haldumulla

සොරගුණේ කුඩා කතරගම් දේවාලය - හල්දුම්මුල්ල

සොරගුණේ කුඩා කතරගම් දේවාලය පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේය. හල්දුම්මුල්ල (හාල්අටුතැන්න) නගරයෙන් වමට ඇති මාර්ගයේ කිලෝමිටර් 8ක් පමණ ගිය විට සොරගුණේ කුඩා කතරගම් දේවාලයට ප්‍රවිශ්ඨවිය හැක.


මෙම දේවාලයේ සම්භවය පිළිබද කතා පුවත මෙසේය, යාපා නම් ප්‍රාදේශිය රජු සීතාවක රාජසිංහ රජු සමග ප්‍රාදේශිය දේශසීමා අරගලයක (යුද්ධයක) නියුක්කව සිටින අතර වාරයක එම යුද්ධයෙන් ජය ලබා දෙන ලෙසට කතරගම දෙවියන්ට අයැද සිටියහ. යුද්ධයෙන් ජය ගත හොත් දේවියන් උදෙසා දේවාලයක් සාදා දෙන බවටද භාරයක් විය.

යුද්ධයෙන් යාපා රජු ජයග්‍රහණය විය. එහෙත් කතරගම දෙවියන් උදෙසා වු පොරොන්දුව අමතකවිය. කල්යත්ම යාපා රජුගේ උගුරේ යම් රෝගයක් හටගත් අතර, තමා කතරගම් දෙවියන්ට වු පොරොන්දුව ද සිහිපත් විය. ඉන් අනතුරුව මෙම ස්ථානයේ කුඩා කතරගම් දේවාලයක් ඉදිකරන ලදි.


යාපා රජුගේ උගුරේ රෝගයද සුවපත් විය. භාරය ඔප්පු කිරිමෙන් පසු උගුරේ වු ආබාධය සුවවු නිසා මෙම ස්ථානයට "සොරගුණේ" යන නම ඉන් අනතුරුව භාවිතා කෙරිනි.


දේවාලයේදී පුරාණයේ
 වී කොටන ලද ස්ථානය

වී අටුව තිබු ස්ථානය

හේරුන්ඩ පක්ෂි කැටයමක්

දේවාලයේ මුළුතැන්ගේ

පුරාණයේ දී ලුණු
 බෙදු ස්ථානය

දේවාලයේ දර්ශණයක්

දේවාලයේ වී සහ ලුණු
 ගබඩාව තිබුණු ස්ථානය

පත්තිනි දේවාලය

දේවාලයේ මාළිගව
නම් කොටස

දේවාල භූමියේ ඇති
 චෛත්‍යයය

දේවාලය

පුරාණ බෝධිය

දේවාලය සහ මුළුතැන්ගේ

දේවාලයේ වහලය දරා සිටින කුලුනක්

දේවාලයේ සිංහාසන
 මණ්ඩපය

දේවාලයේ ඉදිරිපස
 දර්ශණයක්

සිංහාසන මණ්ඩපයේ
ඇති සිංහාසනය
නම් ස්ථානය

සිංහ කැටයමක්

දේවාභරණ දේව රථයට
 ගැනීමට පෙර මදක්
 තබා තැබෙන
 ස්ථානය


රථගෙය

බස්නායක නිළ නිවස
 (තානායම)

පවුර

රථගෙය

දේවරථය

පත්තිරිප්පුව

සිංහාසන මණ්ඩපය


පවුර

පුරාණ බෝධිය

No comments:

Post a Comment