Monday, 10 September 2012

Bandarawela Railway Station

බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය

බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය පිහිටුවා ඇත්තේ කොළඹ සිට කිලෝමීටර් 257 ක් පමණ දුරිනි. එසේම බණ්ඩාරවෙල නගරයට ආසන්නවයි.


1887 වර්ෂ‍ය වන විට හපුතලය දක්වා දුම්රිය මාර්ගය සකස් කර තිබු හෙයින්, හපුතලය දක්වාම දුම්රිය කොළඹ සිට පැමිණියේය.

1887 දී හපුතලයේ සිට බණ්ඩාරවෙල දක්වා දුම්රිය මාර්ගය දිගු කිරිම ආරම්භ කෙරුනු අතර බ්‍රිතන්‍යය පාලන සමයේ සර් ආතර් ඊ. හැව්ලොක් (1890-1896) නම් ආණ්ඩුකාර වරයාගේ පාලන සමයේ  1893 .06 . 19 දින ප්‍රථම වරට බණ්ඩාරවෙල දක්වා  දුම්රියක් පැමිණියේය. 1893 වන විට උඩරට දුම්රිය මාර්ගයේ අවසානය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය විය.

බ්‍රිතාන්‍ය පාලන සමයේ බණ්ඩාරවෙල ඉදි කර ඇති වර්ෂ සියයකට (2000 වර්ෂය වන විට) වඩා පැරණි ගොඩනැගිලි අතර බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ප්‍රමුඛ සහ ඉතා වැදගත් ස්ථානයක් ගන්නා අතර, වැදගත් මෙහෙයක්ද ඉටු කරයි.


එමෙන්ම බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ පැරණි 535 වර්ගයට අයත් දුම්රිය එන්ජිමක් ප්‍රදර්ශණය සදහා තබා ඇත. එම දුම්රිය එන්ජිම එංගලන්තයේ උතුරු බ්‍රිතන්‍යයේ නිෂ්පාදිත බවත් 1951 සිට 1986 දක්වා; මාලිගාවත්ත සහ තලේමන්නාරම අතර ධාවනයවු බවත් එහි ඇති ඵලකයේ සදහන් වන අතර පැරණි දුම්රිය එන්ජින් සංරක්ෂණය  කිරිමේ  වැඩ පිළිවෙලෙහි පලමු පියවර ලෙස G2 535 දුම්රිය එන්ජිම 2011.08.16 දින දුම්රිය සාමාන්‍යධිකාරි  B.A.P ආරියරත්න මැතිතුමා විසින් මහජන ප්‍රදර්ශණය සදහා විවෘත කරන ලදි වශයෙන්ද සදහන්ය.

එසේම බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට 2012 වසර වන විට වර්ෂ 120 ක් , වර්ෂ 125 ක පමණ ඉතිහාසයක් ඇති දුම්රිය ස්ථානයක් වන්නාසේම එය මුහුදු මට්ටමේ සිට මීටර් 1225.3 ක උසින් පිහිටා ඇත.

1950 දශකයේ බණ්ඩාරවෙල
දුම්රිය ස්ථානය


බණ්ඩාරවෙල
 දුම්රිය ස්ථානය
බණ්ඩාරවෙල
දුම්රිය ස්ථානය

බණ්ඩාරවෙල
 දුම්රිය ස්ථානය

බණ්ඩාරවෙල
 දුම්රිය
 ස්ථානය
 

බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය

බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ
 ඇති පැරණි දුම්රිය එංජින්
 සදහා ජලය පුරවන
 ලද ටැංකියය

බණ්ඩාරවෙල දුම්රිය
 ස්ථානය අලස ඇති
 257 කි.මි. කණුව

බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ
 ප්‍රදර්ශණයට තබා
 ඇති
G2 535
 දුම්රිය එන්ජිම

බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ
 ප්‍රදර්ශණයට තබා
 ඇති
 G2 535
 දුම්රිය එන්ජිම

බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ
 සංඥ කුටිය


බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ

 ඇති දුම්රිය එංජිම
 හරවන උපකරණය

(හැරවුම් වේදිකාව)

බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ
 ඇති දුම්රිය එංජිම
 හරවන උපකරණය
(හැරවුම් වේදිකාව)

බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ
 ඇති දුම්රිය එංජිම
 හරවන උපකරණය
(හැරවුම් වේදිකාව)

බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ
 ඇති දුම්රිය එංජිම
 හරවන උපකරණය
(හැරවුම් වේදිකාව)

බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ
පැරණි ගොඩනැගිල්ලක්



බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය

No comments:

Post a Comment