Saturday, 29 September 2012

Ancient Stone Road in Bandarawela

බණ්ඩාරවෙලින් මතුවු ඉපැරණි රජ මාවත

බණ්ඩාරවෙල නගරයේ සිට මහල්පත හරහා හෝ හීල්ඔය හරහා පැමිණ අම්පිටිගොඩ නම් ස්ථානයට පැමිණිය හැක. එම ස්ථානයේ ඇති පටු අඩි පාර දිගේ ඒ ආසන්නයේ ඇති කන්දට නැග ගත්තේ බණ්ඩාරවෙලින් හමුවු ඉපැරණිතම රජ මාවත දැක ගනු රිසියෙනි.

කන්ද මද දුරක් නැගගත් පසු ඉතාම ලගින් ලගට එක් පේලියට කන්ද උඩට ගමන් කරනු සදහා ගල් එක ලග තබා ගල් පඩි පෙලක් සාදා ඇත්තේ කන්ද තරණය කරන්නෙකුට කිසිදු අපහසුවකින් තොරව කන්ද තරණය කල හැකි වන ආකාරයටයි.

කන්ද නැග කදු මුදුනට ගිය විට හාත් පසම ඇති දර්ශණය ඉතාම මැනැවින් දෘෂ්‍යමානවේ. එසේම ගල් වලින් ඉදි කරන ලද යම් කිසි ගොඩනැගිල්ලක අත්තිවාරම පමණක් මෙම ස්ථානයේ දක්නට ලැබේ. එසේම කන්දේ වෙනත් පැත්තකට යාමට හැකි වන අයුරින් සාදා ඇති පඩි පෙලක නටඹුන්ද දක්නට ලැබේ.

මෙම කන්දේ මකුල්ඇල්ල නම් ග්‍රාමය පෙනෙන පැත්තේ, ගල් ගුහා කිහිපයකී. ඒවායේ කටාරම් කොටා තිබේ. එයින් එක් ගල් ගුහාවක් විශේෂිත වන්නේ, ඉතාම පැරණි හුණු බදාම ආලේපිත තට්ටුවක් මත රත් පැහැයෙන් මල් ලියකම් මෝස්තර ඇද තිබිමයි. එසේම එම ගුහාවේ කටාරමක් දක්නට ලැබෙන අතර, කටාරමට අගල් හයක් පමණ උඩින් ජලය බැස යාම පිණිස කණින ලද අගලක පමණ පලලින් යුත් කාණුවක් ද දක්නට ලැ‍බීම විශේෂයකී.

එමෙන්ම මෙම ස්ථානයට මදක් දුරින් කපුටු ගල නම් නාග පෙන හැඩැති ගල් රැන්දකී. මෙම කපුටු ගල ගල් රැන්ද පාමුල උමගයක් ඇත. චෝල ආක්‍රමණ වලට බියෙන් වලගම්බා රජු වර්ෂ 16 ක් ගිරි දුර්ග ආශ්‍රිත ප්‍රදේශ වල සැගව සිටි බවට ඉතිහාසය පෙන්නුම් කරයි.  එසේ සැගව සිටි කාලයේ බෝගෝඩ, කන්දේ විහාරය, දෝව ආශ්‍රිතව ද ජිවත් වුයේ යැයි විශ්වාස කරනු ලැබේ. මෙම උමගය, කපුටු ගල ගල් රැන්ද පාමුල ඇති උමගය දෝව රජ මහා විහාරස්ථානයේ ඇති රාවණා උමගය සහ කන්දේ විහාරයේ ඇති උමසගයද, රාවණා ඇල්ලේ ඇති උමගයද එකිනෙක සම්බන්ධ බව පැවසේ. එසේම හදිසි ආක්‍රමණ අවස්ථාවකදී දෝවේ උමං කටේ හෝකන්දේ විහාරයේ උමං කටේ හෝ රවණා ඇල්ලේ උමං කටේ හෝ උමං කටට ආසන්නයේ සතුරන් විසින් රැක සිටිය හෝත් මෙම කපුටු ගල ආසන්නයේ අත් රහස් උමං කටෙන් එළියට පැමිණ, බැදුම් ගලක් වශයෙන් භාවිතයට ගන්නට ඇති මෙම කන්ද මුදුනට පැමිණ ආරක්ෂිතව පැනයාමට හැකි ආකාරයට ඉදිවු ආරක්ෂිත ස්ථානයක් බවට නිසැකයෙන් අවට පරිසරය දෙස බැලිමේදි හැගී යයි.

නොඑසේ නම් මෙම පැරණි ගල් පඩි මාර්ගය මාගම (තිස්සමහාරාමය)- රන්දෙණිය-බඹරගම හරහා සහ දෝව රජ මහා විහාරය ආසන්නයේන් ඇති රජ මාවතින් පැමිණ හපුතලේ කදු වැටියේ ඇති පුරාණ ඉදල්ගස්හින්න මාර්ග‍ය හා සම්බන්ධිත මාර්ගයක් හෝ ශ්‍රී පාදය තරණය කිරිම පිණිස හෝ තිබු පැරණි මාවතක ලකුණුද ?

එසේම කටාරම් කෙටු ගල්ලෙන් දෙස බලද්දී, මෙම ස්ථානය අවට පැරණි විහාරස්ථාන සංකීර්ණයක් තිබුණේ යැයි ද යක සැකයද මතුවේ.

ඒ කෙසේ නමුත් මෙසේ බණ්ඩාරවෙලින් මතුවී ඇති මෙම පුරා වස්තුන් ආරක්ෂා කර ගැනීමට වහාම පියවර ගත යුතු යැයි හැගේ.

මෙම ස්ථානය පිළිබද ගවේෂණයට ග්‍රාම නිළධාරි සේනාරත්න මැත්තුමා සහ වෛද්‍ය කොඩිකාර මහතාද මා සමග සහභිගී වුහ.




ඉපැරණි පඩි පෙල

කන්ද මුදුනේ ඇති
නටඹුන්

කන්ද මුදුනේ ඇති 
නටඹුන්

කන්ද මුදුනේ ඇති 
නටඹුන්

ගල් ලෙනක්

ගල් ලෙනක්

කපුටු ගල

කපුටු ගල

කපුටු ගල

චිත්‍ර ඇති  ගුහාව මුදුන

කටාරම

කටාරම

ජලය බැස යාම
පිණිස කටාරමට උඩින්
කොටා
 ඇති කාණුවක්

ගුහාවේ ඇති චිත්‍ර

ගුහාවේ ඇති චිත්‍ර

ගුහාවේ ඇති චිත්‍ර

ජලය බැස යාම 
පිණිස කොටා
 ඇති කාණුවක්

ගුහාවේ චිත්‍ර ඇති
ස්ථාන ගිනි තබා
ඇති අයුරු

ගුහාවේ ඇති චිත්‍ර

ග්‍රාම නිළධාරි සේනාරත්න
 මැතිතිතුමා

ගලු කුළුණක්

ගල් ලෙනක්

කටාරම

ගුහාවේ ඇති චිත්‍ර

කටාරම

ගල් ලෙනක්

ගල් ලෙනක්

ඉපැරණි පඩි පෙල

ඉපැරණි පඩි පෙල

ඉපැරණි පඩි පෙල

ඉපැරණි පඩි පෙල

ඉපැරණි පඩි පෙල

ගල් ලෙනක්


Poorana Saman Dewalaya - Meegahakiula

පුරාණ සමන් දේවාලය - කරදගහමඩ - මීගහකිවුල


ඌව පලාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, මීගහකිවුල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ  කරදගහ මඩ නම් ගමේ රමණිය භූමි භාගයක දැනට පුරාණ මැද මහා විහාර භූමියෙහි මෙම පුරාණ සමන් දේවාලය පිහිටා තිබු බවට සාක්ෂි ලැබි තිබේ.

දැනට මෙම ස්ථානයේ කරදගහමඩ අළුත්නුවර සමන් දේවාලය නමින් අභි නව සමන් දේවාලයක් ඉදි කර තිබේ.

ඉතා පැරණිම යුගයකදී මෙම ස්ථානයේ ටැම්පිට ගොඩ නැගු සමන් දේවාලයක් තිබු බවට මෙහි ඇති ගල් කණු සාක්ෂි දරයි. එසේම අංග සම්පුර්ණ දේවාලයක් මෙහි තිබුනේ යැයිද මෙම භූමියෙහි ඇති එක පේලියට සිටුවා ඇති ගල් කණු සාක්ෂි දරයි. මෙම ස්ථානයේ පුරාණ මැද මහා විහාරය නම්න් විහාරස්ථානයකී. ඒ පිළිබද ලිපියක් www.inforinsrilanka.blogspot.com  හි ඇත එය කියවා බලන්න.

මෙම විහාරස්ථාන භුමියේ බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කල අවස්ථාවක මුතියංගනයට වැඩමවීමේදි දහවල් දානය වැලදීම සදහා මෙම ස්ථානයෙහි නතර වු බවද කියැවේ.

බුදු රජාණන් වහන්සේ හා සමන් දේවියන් අතර සමීපතම සම්බන්ධකමක් තිබු නිසා මෙම ස්ථානයේ පුරාණ විහාරස්ථානය හා පුරාණ සමන් දේවාලය තිබු බවට විශ්වාස කල හැක.

එසේම මෙම ස්ථානයෙහි දේවාලයක් තිබු බවට සාක්ෂි වශයෙන්ගෙන හැර දැක්විය හැකි තවත් වැදගත් පෞරාණික වස්තුවක් වන්නේ පුරාණ සමන් දේව පිළිමයේ ඔටුන්නේ වු ඉහලම කොටසයි. එසේම දේවාලයට පැමිණෙන්නවුවන්ගේ පාද දෝවනය පිණිස විශේෂයෙන් රජතුමාගේ පාද දෝවනය පිණිස භාවිතයට ගැණුනේ යැයි සළකන "දිය ටැඹ" නම් ගල් භාජනයද මෙම ස්ථානයේ වේ. මෙම දිය ටැඹ නම් භාජනයේ කහ දියර පුරවා තිබුණේ යැයි විශ්වාස කෙරේ.

එසේ පැවතිණු පුරාණ සමන් දේවාලය සතුරු ආක්‍රමණ හෝ වෙනයම් හේතුවක් නිසා මහියංගනයට රැගෙන ගොස් ඇතැයි ජනප්‍රවාදය පවසයි. එයින් පසු මෙම ස්ථානය කාලයාගේ ඈවෑමෙන් අද පවතින තත්වයට පත්ව ඇත.

එනමුත් මෑතක් වනතුරු වරිච්චි යොදා ගොඩ නගා තිබු දේවාලයක් මෙම ස්ථානයෙහි වු බව මෙම ගමේහි පැරුන්නෝ මා සමග පැවසීය.

අද එම පුරාණ සමන් දේවාලය තිබු ස්ථානයට ඉතාම ආසන්නයේ සමන් දේවාලයක් බදි කර ඇත.

එසේම අවට ප්‍රදේශය ගැන නිරික්ෂණය කිරිමේදී පවුරු, දිය අගල් සහිත භූමි භාගයක මෙම දේවාලය පිහිටා තිබෙන්නට ඇතැයි විශ්වාස කල හැකි සාධක අවටින් ලැබි තිබේ.

ඡායාරූප ගන්නා ලද්දේ 2012.09.26



දිය ටැඹ

කරදගහමඩ
අළුත්නුවර සමන්
 දේවාලය 
 

පැරණි
 දේව ප්‍රතිමාවක්

සමන්
දේව ප්‍රථිමාව

පුරාණ සමන් දේව පිළිමයේ ඔටුන්නේ වු ඉහලම කොටස

Saturday, 22 September 2012

Post Office Haldumulla

හල්දුම්මුල්ල තැපැල් කාර්යාලය (පැරණි)

හල්දුම්මුල්ලේ පැරණි
 තැපැල් කාර්යාල
 ගොඩනැගිල්ල
මෙම ඡායාරූප පෙල අධ්‍යාපනික මෙහෙවරක් උදෙසා පල කරන අතර, බ්‍රිතාන්‍යය යුගයේදී හල්දුම්මුල්ලේ පැවති ආර්ථික රටාව හා ඓතිහාසික ගොඩනැගිලි ඇති බව පෙන්වීම සදහා විනා කිසිවෙකු සදහා දෝෂ දර්ෂණයක් හෝ අවමානයක් පිණිස නෙවෙන බව අවධාරණය 
කරමි. 

බ්‍රිතාන්‍යයන් විසින් උඩරට කෝපි වගා කර අසාර්ථක වුයෙන් තේ වැවිම ආරම්භ කරන ලද අතර 1821 දී පමණ කොළඹ - බදුල්ල මාර්ගය කැපීම ආරම්භ කරන ලදි.  එසේම තේ වගාව සාර්ථක වුයේය. බ්‍රිතාන්‍යය සමයේ හලුදුම්මුල්ල වු කලී පුංචි එංගලන්තයක් බදුවිය. මිෂනාරි පාසැල, දේවස්ථානය, සමාජ ශාලා, බැංකු ආදියෙන් පරිපෝෂිත වු නගරයක් වශයෙන් පැවතියේය. එහෙත්  කොළඹ සිට හපුතලය - බණ්ඩාරවෙල දක්වා දුම්රිය පැමිණිවමන් බ්‍රිතාන්‍යයන්ට භාණ්ඩ ප්‍රවාහනය පහසුවුයෙන් හල්‍දුම්මුල්ල මුල් කරගෙන පැවැති සමාජ සංස්කෘතිය වෙනස්වී හපුතලේ හා බණ්ඩාරවෙල මුල් කරගත් ආර්ථික රටාවක් බිහිවිය.

එහෙත් ඒ බ්‍රිතාන්‍යය සමයේ ඉදි කරන ලද ගොඩනැගිලි රාශියක් දැනුදු හල්දුම්මුල්ල අවට ඇත. මේ බ්‍රිතාන්‍ය යුගයේ සිට මෑතක් වනතුරු (ඡායාරුප ගන්නා ලද්දේ 2012 සැප්තැම්බර් මස) හල්දුම්මුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය පැවැති සිථානයේ ඡායාරුපයි. මෙම ස්ථානය පිහිටා ඇත්තේ හල්දුම්මුල්ල මහා විද්‍යාලය ආසන්නයේ වමට ඇති කොන්ක්‍රිට් මාර්ගයේ මද දුරක් ගිය විටයි.

දැන් (ඡායාරුප ගන්නා ලද්දේ 2012 සැප්තැම්බර් මස) තැපැල් කාර්යාලය නව ගොඩනැගිල්ලකට ගෙනගොස් ඇත. එය දැන් පිහිටුවා ඇත්තේ හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරි පිටයි.
හල්දුම්මුල්ලේ පැරණි
 තැපැල් කාර්යාල
 ගොඩනැගිල්ල

හල්දුම්මුල්ලේ පැරණි
 තැපැල් කාර්යාල
 ගොඩනැගිල්ල

හල්දුම්මුල්ලේ පැරණි
 තැපැල් කාර්යාල
 ගොඩනැගිල්ල

හල්දුම්මුල්ලේ පැරණි
 තැපැල් කාර්යාල
 ගොඩනැගිල්ල

හල්දුම්මුල්ලේ පැරණි
 තැපැල් කාර්යාල
 ගොඩනැගිල්ල

හල්දුම්මුල්ලේ පැරණි
 තැපැල් කාර්යාල
 ගොඩනැගිල්ල

District Hospital - Haputale

දිස්ත්‍රික් රෝහල - හපුතලේ

හපුතලේ දිස්ත්‍රික් රෝහල පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ නගරයේ සිට බණ්ඩාරවෙල දෙසට කිලෝමීටර් දෙකක් පමණ යාමේදි පංකැටිය නම් ස්ථානයේය. හපුතලේ දිස්ත්‍රික් රෝහල, පුරාවිද්‍යා ස්මාරකයක් ලෙසට ප්‍රකාශයට පත් කර ඇත.
තනි කළු ගල් උපයෝගී කර ගෙන උස්වු වහල සහිතව ගොඩනැගිලි බ්‍රිතාන්‍යා සමයේදී නිර්මාණය කර ඇති ඒවාය. සෑම වට්ටුවකටම තාප උදුන් (Fire place) ඇති අතර. ළමා වට්ටුවේ පැරණිතම incubator එකක් සුරත්ෂිතව තබා ඇත. 
වහලයේ ඇති උළු වල 1865 නිෂ්පාදිත වර්ෂය සදහන්ය. එසේම ප්‍රධාන වෛද්‍ය නිළධාරි නිළ නිවස පිටු පස අශ්ව ගාල (ඉස්තාලයක්) දක්නට ලැබේ.
හපුතලේ දිස්ත්‍රික් රෝහලේ 1928 සිට 1931 දක්වා සේවය කල Dr. I.E. Meier නම් දිස්ත්‍රික් වෛද්‍යා වරයා සිහිවීම පිණිස ඵලකයක් තබා ඇත. ඔහු 1931 ජුනි මස 17 දින මිය ගොස් ඇත.

ඡායාරූප ගන්නා ලද්දේ 2012.09.18 දින

‍වෛද්‍යා නිළධාරි නිළ නිවස

‍වෛද්‍යා නිළධාරි නිළ නිවස

හපුතලේ දිස්ත්‍රික් රෝහල 

හපුතලේ දිස්ත්‍රික් රෝහල 

incubator

incubator

හපුතලේ දිස්ත්‍රික් රෝහල 

තාප උදුන් (Fire place) 

හපුතලේ දිස්ත්‍රික් රෝහල 

හපුතලේ දිස්ත්‍රික් රෝහල 

හපුතලේ දිස්ත්‍රික් රෝහල 

හපුතලේ දිස්ත්‍රික් රෝහල 

1865 සදහන් උළු කැටයක්

හපුතලේ දිස්ත්‍රික් රෝහල 

හපුතලේ දිස්ත්‍රික් රෝහල