Sunday, 5 August 2012

Kinigama Railway Station

කිණිගම දුම්රිය ස්ථානය 

කිණිගම දුම්රිය ස්ථානය,
කිණිගම බිංගය උඩට පෙනෙන අයුරු
කිණිගම දුම්රිය ස්ථානය පිහිටා ඇත්තේ දුම්රිය මාර්ගයේ කොළඹ සිට බදුල්ල දෙසට කිලෝමිටර     259.5    කණුව ආසන්නයේ වන අතර බණ්ඩාරවෙල හා හීල්ඔය යන දුම්රිය ස්ථාන දෙක අතර මැදය.කිණිගම දුම්රිය ස්ථානය ආසන්නයේ බදුල්ල දුම්රිය මාර්ගයේ        අංක39   දරණ බිංගෙයද පිහිටා ඇත.

කිණිගම දුම්රිය ස්ථානය අවට ප්‍රසිද්ධ නැරඹිය හැකි ස්ථාන
කිණිගම දුම්රිය ස්ථානයට ඔබ පැමිනිය හොත් ඔබට බදුල්ල දුම්රිය මාර්ගයේ       අංක  39  දරණ බිංගෙය නැරඹිය හැකි අතර, පොරෝගල නැරඹුම් ස්ථානය, ගල් ඇක්ක දුම්රිය පාලම සහ මහල්පොත විහාරස්ථානය යන ස්ථාන නැරඹිය හැක.  බණ්ඩාරවෙල මධ්‍යම මහා විද්‍යාලයත්, අධිකාරම් ප්‍රථමික විද්‍යලයත්, බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයත් පිහිටා ඇත්තේ කිණිගමයි.

එමෙන්ම කිණිගම දුම්රිය ස්ථානයේ සිට දුම්රිය මාර්ගයේ ගල් ඇක්ක පාලම දෙසට ඔබ ගමන් කල හොත් ඔබ ඉදිරියේ ඈතින් දිස්වන්නේ නමුණුකුල කදුවැටියයි.

එසේම විශේෂ ප්‍රද්ගලයෙකුගේ නිවසක්ද කිණිගම පිහිටා ඇත. ඒ 1966 ඕක්තෝබර් මාසයේ පැවැත්වු අතුරු මැතිවරණයෙන් බණ්ඩාරවෙල ආසනය ජයග්‍රහණය කර, 1977 දක්වාම පාර්ලිමේන්තුව නියෝජනය කල පාර්ලිමේන්තු මංත්‍රි වරයෙකු වු ආර්.එම්. අප්පුහාමි මැතිතුමාගේ නිවස පිහිටා තිබෙන්නේද කිණිගමයි. එයත් කැමැති නම් නැරැඹිමේ අවස්ථාව උදා කර ගන්න. 


කිණිගම දුම්රිය ස්ථානය

කිණිගම දුම්රිය ස්ථානය

කිණිගම දුම්රිය ස්ථානයට
පොරෝ ගල පෙනෙන අයුරු

කිණිගම දුම්රිය ස්ථානය
කිණිගම දුම්රිය ස්ථානය

2 comments:

  1. ඔබ අපව පොලබවනවා මේ දේවල් බලන්න යන්න..
    එල ද බ්‍රා

    ReplyDelete