Saturday, 11 August 2012

Badulla Kataragama Dewalaya


බදුල්ල කතරගම් දේවාලය

බදුල්ල නගර මධ්‍යයේ උස්වු භූමි භාගයක බදුල්ල කතරගම් දේවාලය පිහිටුවා ඇත. ඌව පලාත් සභා ගොඩනැගිල්ලට ඉදිරියෙන් මෙම දේවාලය පිහිටුවා ඇති අතර ප්‍රධාන පිවිසුම පිහිටා ඇත්තේ බදුල්ල පහල විදීයේය.
ප්‍රධාන පිවිසුමෙන් ඇතුළු වු පසු තමාට ඉදිරියෙන් ඇත්තේ කතරගම් දේවාලය වන අතර දකුණු අත පැත්තේ ඇත්තේ පත්තිනි දේවාලයයි. වම් අත පැත්තේ ඇත්තේ පරිපාලන ගොඩනැගිල්ල සදහා යොදා ගන්නා ගොඩනැගිල්ල සහ මුරුතැන් ගෙය ද පිහිටි ගොඩනැගිල්ලයි.

කතරගම් දේවාලය බදුල්ල
පළමුවන විමලධර්මසුර්ය රජතුමා (ක්‍රී.ව. 1590- 1604) විසින් මෙම දේවාලය ඉදිකරන්නට ඇතැයි විශ්වාස කෙරේ.
කතරගම් දේවාලයේ මාලිගාව නම්න් හදුන්වන කොටස දෙමහල් ගොඩනැගිල්ලකී. මෙම මාලිගාව නම්න් හදුන්වන කොටසේ පිටත බිත්ති වල සිතුවම් ඇද ඇත. මුල් කාලයේ වහලය පිදුරු වලින් සෙවිල් කර තිබුණු අතර පුරා විද්‍ය සංරක්ෂණයෙන් පසු උළු සෙවිලි කර ඇත.
කතරගම් දේවාලයේ ඇතුලත ස්ථාන කිහිපයකම සදකඩ පහන් දැකිය හැක.
කතරගම් දේවාලයට ඉදිරියෙන් සිංහාසන මණ්ඩපය නම් ගොඩනැගිල්ලක් ඇත්තේ මහා මාර්ගයට වම් පැත්තේය.

පත්තිනි දේවාලය
කතරගම් දේවාලයට දකුණු පසින් ඇත්තේ පත්තිනි දේවාලයයි. මෙම පත්තිනි දේවාලයද විමලධර්මසුර්ය රජතුමා විසින්ම ස්ථාපනය කරන්නට ඇතැයි සැලකේ. පත්තිනි දේවාලයට ඉදිරියෙන් සදකඩ පහණක් ඇති අතර පාරෙන් වම් පැත්තේ සිංහාසන ගොඩනැගිල්ලක් ද පිහිටුවා ඇත.

මුරුතැන් ගෙය
කතරගම් දේවාලයට වම් පසින් ඇති ලගාඩනැගිලෙහි මුරුතැන් ගෙය පිහිටා ඇත. දේවාලයේ මුරුතැන් ඉවිම සදහා එය භාවිතයට ගැනේ. එසේම එම ගොඩනැගිල්ල පාරිපාලන කටයුතු සදහාද භාවිතයට ගැනේ.

පුරාණ බෝධිය
මුරැතැන් ගෙය සහිත ගොඩනැගිල්ලට දකුණු පැත්තට වන්නට මෙම පුරාණ බෝධිය පිහිටා ඇත.

මෙම  කතරගම් දේවාල සංකිර්ණයෙහිම, විවිධ ස්ථාන වල විවිධ සදකඩ පහන් කිහිපයක්, ගල් භාජන කිහිපයක් කපුරු / පහන් දැල්වීම සදහා යොදා ගන්නා ගල් කණු කිහිපයක්, විශාල ප්‍රමාණයේ මකර තොරණක්ද දක්නට ලැබේ.

විශේෂ ස්තුතිය කතරගම් දේවාලයේ ප්‍රධාන කපු මහතාට
ඡායාරූප ගන්නා ලද්දේ 2012.08.09 දින

මෙම ඡායාරූප අවසර ඇතිව ගන්නා ලද අතර අධ්‍යපන කටයුතු සදහා පමණයි.




මුරුතැන් ගේ සහිත පරිපාලන
 ගොඩනැගිල්ල

කතරගම් දේවාලය

කතරගම් දේවාලය

කතරගම් දේවාලය

මකර තොරණ
Add caption

කතරගම් දේවාලයේ ඇති චිත්‍ර


කතරගම් දේවාලයේ
 ඇති චිත්‍ර 

කතරගම් දේවාලයේ 
ඇති චිත්‍ර 

කතරගම් දේවාලයේ
 ඇති චිත්‍ර 

කතරගම් දේවාලයේ ඇති චිත්‍ර 
පැරණි බෝධිය

පත්තිනි දේවාලය
ගලින් නෙලන ලද
 ගල් භාජනයක්

මුරුතැන්ගේ

ප්‍රධාන කපු මහතා

ගලින් නෙලන ලද
 ගල් භාජනයක්
සදකඩ පහනක්

පත්තිනි දේවාලයේ
පොල් ගසන ස්ථානය

සදකඩ පහනක්

සදකඩ පහනක්

පත්තිනි දේවාලයේ
 සිංහාසන මණ්ඩපය

කතරගම් දේවාලයේ
 සිංහාසන මණ්ඩපය

කතරගම් දේවාලයේ
 සිංහාසන මණ්ඩපය

1 comment: