Friday, 10 August 2012

Ambalama at Badulla

බදුල්ල අම්බලම

අම්බලම
මෙම අම්බලම පිහිටා ඇත්තේ බදුල්ල කච්චේරි භූමියේයග පුරා විද්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙම අම්බලම අළුත්වැඩියා කොට සංසරක්ෂණය කර ඇති අතර, පුරා විද්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙහි සවි කර ඇති ඵලකයේ මේසේ සදහන් කර ඇත.

අම්බලම
පුරා විද්‍ය දෙපාර්තමේන්තුව විසින්
 මෙහි සවි කර ඇති ඵලකයේ
 
"දේශිය  වාස්තු විද්‍යාත්මක ලක්ෂණ වලින් සමන්විත දැව කැටයම් හා විශේෂ ආරුක්කු වලින් ද පේකව වලින්ද අම්බලමේ උපයෝගීතාවයට උචිත පරිදි කෙටි බිත්ති වලින්ද සමන්විතව  ක්‍රි:ව: 19 වන සියවස මුල් භාගයේදී ඉදිකර ඇති දුර්ලබ
දැව කැටයම්

දැව කැටයම්
ගණයේ අම්බලමකී. රාජකාරී කටයුතු සදහා කච්චේරියට පැමිණෙන සේවාදායකයන්ට තම කටයුතු ඉටුවන තුරු රැදි සිටිම පිණිස මෙය කරවන්නට ඇතැයි සිතිය හැක. මෙම අම්බලම පුරා විද්‍යා ස්මාරකයක් ලෙස නම් කර සංරක්ෂණය කරන ලද ගොඩනැගිල්ලකී" වශයෙනි.

ඡායාරූප ගන්නා ලද්දේ 2012.08.09 දිනයි.

බදුල්ල අම්බලම (රතු ඊතලයෙන් පෙන්වා ඇත)
පැරණි ඡායාරූපයක්
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)




1 comment:

  1. ස්තුතියි අපේ දේ සුරකින්නට ඔබ දක්වන උත්සහය

    ReplyDelete